(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙට (1) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
මෙවර රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි දින පෙළපාලිය සහ රැස්වීම නොපැවැත්වීමට පක්ෂ මැයි දින කමිටුව තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ආරක්ෂිත මව්බිමක්-ජවය පිරි වැඩබිමක් තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට පිං පැමිණවීම සිදුකරන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
පදනමක් තියෙනවද?
මව්බිම ආරක්ෂා කරන්න මතක්වෙලා තියෙන්නේ අන්තිම කාලේ... මෙච්චර කල් පක්ෂය ආරක්ෂා කරගන්න නේ දැඟලුවේ.
ඕකට අර තවම සාමාජිකත්වය ඇත හරියේ නැහැ කියන ගමන් බාගෙට පිපුන මල් ටිකක් වන වනා වෙන පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න සම්පුර්ණ කාලය මිඩංගු කරමින් කටයුතු කරන කෙනාත් සහභාගී වෙනවාද?