IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


‘ශ්‍රී ලංකාව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් ඇති රටක්‘

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකාව පැහැදිලි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් තිබෙන රටක් බව ඉතා සතුටෙන් සහ ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) කොළඹදී ප්‍රකාශ කළේය. 
 
අපට අවශ්‍ය වන්නේ මිනිස්සුන්ගේ නිදහස, ප්‍රජාත්නත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස් ශක්තිමත් කිරීම යැයි ජනාධිපතිවරයා එහිදි පැවැසීය. 
 
“ප්‍රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය හා සුරැකීම සඳහා වූ සාමූහික ප්‍රයන්තය” යන මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය එක්ව සංවිධානය කළ සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
 
රාජාණ්ඩු ක්‍රමයට යමින් තිබූ අසීමිත විධායක බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිෂන් සභාවලට පැවැරීමට තමන් කටයුතු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීය.  
 
ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම සමුළුව පැවැත්වුණේ සිව්වැනි වරටය. කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මෙම සමුළුව හෙටින් (28) අවසන් වේ. 
 
එහිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
“දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමක් බලය සහිතව ශක්තිමත් අයුරින් ස්ථාපිත කිරීමට අපට හැකියාව ලැබුණා. මේ රටේ නිදහස් හා සාධාරණ මැතිවරණවලට ශක්තිමත් පදනමක් අද වනවිට ඇති කර තිබෙනවා. 
 
මේ අවුරුදු තුනහාමාරක කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයක්ම ගෙන තිබෙනවා. ජනතාවගේ නිදහස, මානව හිමිකම් ශක්තිමත් කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අරගෙන තිබෙනවා. දූෂණයෙන් තොර අපක්ෂපාතී නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට පූර්ණ බලතල දී තිබෙනවා. 
 
අපට අවශ්‍ය වන්නේ මිනිස්සුන්ගේ නිදහස ශක්තිමත් කිරීමයි. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමයි අපට අවශ්‍ය වන්නේ. අපි ඒ සියල්ල කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ නිහඬ, ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී, නිදහස් හා සාධාරණ ලෙස පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි”. 
 
( ඡායාරූප -ඉෂාන් සංජීව )
 
 
 



අදහස් (17)

‘ශ්‍රී ලංකාව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් ඇති රටක්‘

Bamunuarachchi Monday, 27 August 2018 09:53 AM

මලකෙලියයි මම දැන්නේ ඕක දන්නේ... කෝ වෙලාවට ඡන්දෙ නැහැනේ...

:       0       206

ලුම්බිණි Monday, 27 August 2018 10:05 AM

කතාව සම්පුර්ණ ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නේ ඒ පදනම උඩ ඉඳගෙන ඒක හරියට පිළිපදින්නේ නැතුව වැඩ කරන ඒක නේ. කියන්න වගේම කරලත් පෙන්නන්න.

:       0       160

ajith Monday, 27 August 2018 10:19 AM

ශක්තිමත්කම පේනවා මේ කට්ටිය පාරේ යනකොට, අනිත් අය බල්ලෝ බලල්ලු වගේ කාණුවට පැන ගන්න ඕනේ.

:       0       242

RaveendraMonday, 27 August 2018 03:18 PM

අජිත් මයා වෙත, ඔබගේ අදහස් සමග ඔබ ලබාගත් එම අත්දැකීම අප නම් ලැබුවේ වෙනම අයුරකින් බව කිවයුතුය. අප ලැබූ අත්දැකීම නම් " කුලුහරකුන් කුලුමීමන් ගාල කඩාගෙන යනවිට උන්ගේ නැහැදිච්ච අවලංකුරවලින් බේරීමට කානුවලට බැසීමට සිදුවීමයි.

:       0       132

de silva berlin Monday, 27 August 2018 10:34 AM

මම ඔබතුමාගේ කතාව පත්තරෙන් දකිනකම් දැනගෙන හිටියේ නැහැනේ ලංකාවේ මෙච්චර විශාල දේශපාලන පරිවර්තනයක් වෙලා කියල , මම මෙච්චර කාලයක් හිතන් හිටියේ ලංකාව තවමත් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු , පළාත්සභා , ප්‍රදෙශිය් දේශපාලකයෝ , රජයේ ලොකු නිලධාරීන් එකතුවෙලා ඔවුන්ගේ බඩ වඩගනිමින් කරන පාලනයක් යටතේ , ජනතව ඔවුන්ගේ වහලුන් ලෙස තැලී පොඩිවී ජීවත්වෙන රටක් කියල . එහෙනම් ඔබතුම ප්‍රමුක ආණ්ඩුව අර චනේදට කලින් ප්‍රසිද්ධ කල මෛත්‍රී පාලනයක් කියන පොරොන්දු පත්‍රය අකුරටම ඉෂ්ට කරලා , ප්‍රීති, ප්‍රීති, ඔබතුමාට ස්තුති

:       0       272

Raveendra Monday, 27 August 2018 11:02 AM

මම මේදවස්වල පසුගිය වකවානුවල කටින් හිටවපු ඇපල් වතුවල ඇපල් නෙලමින් ඉන්න නිසා මටනම් ඔය එක එක තැන්වල ගිහින් අර සමුළුවේ මේ සමුළුවේ අර සමාරම්භක උළෙල මේ සමාරම්භක උළෙලේ මෙන්ම එක එක්කෙනාගේ නම් ගහපු නාමපුරුවක්වත් රෙදි ගලවල විඋර්ත කරන්න වෙලාවක් නැහැ අයුබෝවන්...එතරම්ම මහජනතාවගේ වැඩ නිසා ඕවට ගිහින් බේගල් දෙසන්න අපට අකැපයි ඔං කිව්වා හරිය....

:       0       273

de silva berlin Monday, 27 August 2018 11:39 AM

ජනාධිපතිතුමනි, ඇත්තද මේ අජිත් මහත්මයා කියන කතාව? ඔබතුමාලා පෙරගමන රථ පිරිවරාගෙන එනකොට එතුමන්ලා කාණුවට බැහැල ඉඩ දෙන්න ඕනේ කියලා...

:       0       134

ranga Monday, 27 August 2018 11:50 AM

රටේ ජනතාව ඉස්සරහද මේ ප්‍රකාශය කරන්නේ?

:       0       227

රජින්ද Monday, 27 August 2018 01:00 PM

අපේ රට ගැන දෙඇසින් නොව මනැසින් බැලිය යුතු කාලය වසර 203කට පසු නැවතත් උදා වී තිබේ. අපේ රට සහ ජාතිය අන්‍ය ජාතීන් සහ රාජ්‍යයන් ඉදිරියේ විහිළුවක් වී ඇත. අපේ මිනිස්සු මුහුණු පොතේ විහිලු සපයමින් සිටින අතර වගකිවයුතු කිසිවෙක් මේ රට ගැන කිසිවක් කතා නොකරයි. අද අපේ රටට මේ දේශපාලනික පිසාචයින් සිදු කරන දරුණු ව්‍යවසනය ගැන මහා සංඝරත්නය දැඩි නිහැඬියාවක පසුවීම මේ රටටත් පාරිශුද්ධ තථාගත ශාසනයටත් විශාල හානියක් පමුණුවයි. මේ රටේ ස්ථායිතාවය දැඩි ලෙස ව්‍යාකූලව ඇත. අපේ අක්-මුල් අන්‍යයන් විසින් අන් කවරදාකටත් වඩා ප්‍රබල ලෙස අපෙන් උදුරා දමමින් තිබේ. මේ ගතවෙන සෑම නිමේශයක් පාසා අපේ මාතෘ භුමියේ පැවැත්මට උපකාර කළාවූ සියලු ධර්මයෝ හඬා වැටෙමින් ඇත. මේ රට බේරා ගනිල්ලා යයි අයැදින්නෝය. එහෙත් අපේ මිනිසුන් අද දැඩි ආත්මාර්ථකාමි මානසික දෘෂ්ටියකට වහල්ව මේ රට ගැන නොසිතන්නෝය. කිහිපදෙනෙකු හැර මේ රටේ විලාපය වෙන කිසිවෙකුටවත් නොඇසෙන්නේය. මේ රට දේශපාලකයින්ගේ මර උගුලේ හසුවී උගුරු දණ්ඩෙන් රුධිරය වෑහෙමින් සිටියි. අපේ රටට තව වැඩි කාලයක් නැත...

:       0       147

RaveendraMonday, 27 August 2018 03:32 PM

රජින්ද මයා වෙත, ඔබ විසින් සඳහන් කර ඇත්තේ අපගේ ආදරණීය මාතෘභූමිය මේ මොහොත වනවිටත් වැටී සිටින අතිදුෂ්කර අාගාධය පිළිබඳවය. එයට ප්‍රධානතම හේතුව "බලය නමැති බූරුවා" වෙනුවෙන් තමන් මෙලොවට බිහිකළ තම ආදරණිය අම්මා වුවත් පාවාදීමට සැදී පැහැදී සිටින දේශපාලන මී හරකුන් නිසා බව කිව යුතුය. රටට හෙන හතම වැදුනත් කමක් නැත මගේ පුටුව, මගේ බඩගෝස්තරය, මගේ පවුල රැකුණොත් ඇති.... යන අවජාතක කාලකන්නි න්‍යාය මූලික කරගත් මූසලයන් මහජන නියෝජිතයින් හැටියට දියවන්නා ඔය හරක් මඩුවට තේරීම නිසාය.

:       0       135

Sujeewa Monday, 27 August 2018 01:26 PM

වෙලාවට ඡන්දයක් තියන්න බැරි... මහජනතාව ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගෙන ඒම, මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවක් රට පාලනය කිරීම...

:       0       238

ප්‍රීති Monday, 27 August 2018 01:54 PM

රජින්ද මහත්තයෝ, මේ රට මනසින් දකින්න කලින් නහය වහගෙන සිටින්න කියා මම ඔබට යෝජනා කරනවා. ලාංකික සිංහල සමාජය ඒ තරමටම අප්‍රසන්නයි, පිළිකුල් සහගතව වෛරයෙන්, එකිනෙකාට පරිභව කර ගනිමින් ගෝත්‍රික මිලේච්ජයින් ලෙස ක්‍රියා කරනවා. බලන්න බැරිම තැන ඇස් දෙක හා නහය වසා ගෙන අහක බලාගෙන සිටිනවා.

:       60       15

රජින්දMonday, 27 August 2018 06:03 PM

ප්‍රීති මහත්මියෙනි, නිහැඩියාව බිදීමට කාලය එළඹ තිබේ. ඔබ, මම, රවීන්ද්‍ර මහත්මා වැනි තව සුළු පිරිසක් හෝ මේ රට ගැන අවදියෙන් සිටීම හොඳය. අප විසින් දැවැන්ත මිනිස් දම්වැලක් නිර්මාණය කල යුතුව ඇත. අපේ රටේ කුලී කම්කරුවාගේ සිට උගතුන්, වියතුන්ද මේ දම්වැලේ පුරුක් විය යුතුය. හමා යන මේ බිහිසුණු දේශපාලනික ප්‍රවාහය හමුවේ කිසිදු පක්ෂයක්, පාටක් නොඅදහන අපේ රට සහ අපේ සොබාදහම සුරකිමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් ඒ ප්‍රවාහය හමුවේ ද්වන්ධ සටනක් කල යුතුව ඇත. මේ ලොව පුරා විසිරි සිටින සියලු දේශමාමක සිංහලයින් අපේ මව්බිම වෙනුවෙන් ධනාත්මකව සංවිධානය විය යුතුය.

:       0       121

කරුණාපාල Monday, 27 August 2018 02:18 PM

ශ්‍රී ලංකාව කිසිම පදනමක් නැති ශක්තිමත් පඹයින් නිර්මාණයට අති දක්ෂයින් බව මෑතකදී,ලොවටම ඔප්පු කර පෙන්නුවා. ප්‍රජාව නන්නත්තාර කරන වාදය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව අපටත් දැන් හොඳටම අවබෝධ වුනා.

:       0       252

de silva berlin Monday, 27 August 2018 03:56 PM

ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් ඉස්සර හාල් විකුණපු අපේ "හබරලිය මුදලාලි" ගේ නම් හොද්ද බොර වෙන බව පෙන්නනවා. අවුරුද්දකට එක බැගින් රට වටේට තරු පහේ හෝටලය බැගින් ඉදිකරගෙන යන්න ඔහු පටන් අරගෙන තිබෙන බව පෙනෙනවා. ඡන්දෙ පැරදුන හඟුරන්කෙත පැත්තේ ගෙම්බෙක් පස්සේ දොරෙන් පාර්ලිමේන්තුවට ඇවිත් නැවත බක බක ගාන්න පටන් අරන්, ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා..

:       0       208

SL Monday, 27 August 2018 05:51 PM

ප්‍රජාතන්ත්‍රවාදී පදනම කොච්චර ශක්තිමත්ද කියනවනම් ඡන්දෙ තියන්න ඕනෙත් නැහැ!

:       0       134

nihal Monday, 27 August 2018 09:21 PM

ලෝක වටේ ගිහින් ණය හිගා ගෙන ඇවිත් රට ආපස්සට ගෙනයාම අතින් ශක්තිමත් ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග
2025 පෙබරවාරි මස 18 388 1

විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකු


ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 18 369 2

ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්‍ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය.


මාදැල අදිමින් තිබු ට්‍රැක්ටරය පෙරැළී රියදුරා මරණයට
2025 පෙබරවාරි මස 18 456 0

උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය


එකලස් කළ වාහනයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සහ පුතා මාට්ටු
2025 පෙබරවාරි මස 18 764 0

එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ


ආපනශාලා ආහාර මිල ඉහළ දමයි
2025 පෙබරවාරි මස 18 2282 10

ආපනශාලා ආහාර මිල අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.


මන්නාරමේ ළමා රෝග ලොකු දොස්තර නැතිව දරුවන් අමාරුවේ
2025 පෙබරවාරි මස 18 245 0

මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට රාජකාරියට වාර්තා නොකිරීම නිසා අලුත උපන් දරුවන් සහ ගැබිණි මවුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ප


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 338 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 151 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1010 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site