ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් අද (7) ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි, එන්.ටී. දයානන්ද යන මහත්වරුන් පත්කර තිබෙන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල මහතා පත් කර තිබේ.
එමෙන්ම දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කෙරුණු ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා මහතා ද මෙහිදී ජනපති අතින් පත්වීම් ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට තියෙන්නේ දිස්ත්‍රික්ක විසි හතර වුණාට දිස්ත්‍රික් සංවිධායකවරු හැටහුටාමාරක් විතර ඉන්නවා.
ජනපති තුමනි, ආසන සන්විදායකයින් ඉවත්කර නව ආසන සන්විදයකවරු පත්කිරීමට ඉක්මන් පියවර ගත යුතුය.
ජනධිපතිතුමනි, ඉක්මනටම ඡන්ද දායකයෝ ටිකත් ඉවත් කරලා දාන්නකෝ! ඒක නෙමෙයි දැන් මේ පත් කරන සංවිධායකවරු සංවිදානය කරන්න හිතන් ඉන්නේ මොනවද ? ඔක්කොම ඡන්ද දායකයෝ ඔය පක්ෂය හැර ගිහින් හමාරයිනේ.
හොරකම් කරලා, මිනීමරලා, කප්පන් අරන් තියෙනවාද? එහෙනම් හොඳටම සුදුසුයි මේ රාජකාරියට...
දැක්කා රටපුරා දැන්වීම් අලවාලා.. ලඟටම ගොසින් බැලුවා මක්කැයි කියලා.. ලියලා තිබුණි අයදුම්පත් කැඳවාලා.. හිවලුන් පොරකති අයදුම ඉල්ලාලා.....
ජනාධිපතිතුමනි, අපේ ඡන්දය ඔබතුමාටයි.
පස්සේ ඉතිරි දුර්වල සංවිධායකයෝ ටිකත් අයින් කරමු. තරුණයින්ට තැනක් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!