IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ශිරන්තිට සහ යෝෂිතට රහස් පොලිසියෙන් වෙනත් දිනයක්

තරිඳු ජයවර්ධන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන විමර්ශනයකට ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ත රාජපක්ෂ මහත්මිය සහ පුතකු වන යෝෂිත රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් ඔවුනට පැමිණිය නොහැකි හෙයින් වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා රතුකුරුසයට අයත් ඩිපෙන්ඩරයක් සිරිලිය සවිය වැඩසටහනට ලබා දීමෙන් පසු එහි පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.

ශිරත්නි රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබා ගැනීමට අද (27) රහස් පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද ඇයට අද සහභාගි විය නොහැකි බව   දන්වා තිබිණු බවත්, යෝෂිත රාජපක්ෂ මහතා හෙට (28) රහස් පොලිසියට කැදවා ඇතත් හෙට දිනයේ ඒ මහතාටද පැමිණිය නොහැකි බව දන්වා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශිරත්නි රාජපක්ෂ මහත්මියට සහ යෝෂිත රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබා දීමට වෙනත් දිනයක් ලබා දීමට නියමිත බව ද පොලිසිය කියයි.

රතුකුරුස සංවිධානයේ (WP) KA-0642 අංක දරණ ඩිපෙන්ඩරය සිරිලිය සවිය වැඩසටහනට ලබා දී ඇත්තේ 2011 වසරේ දී වන අතර එය 2015 ජනවාරි මාසයේ දී  යළි එම සංවිධානයට ලබා ගෙන ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි. වාහනයේ වර්ණය වෙනස් කිරීම  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය එම ඩිපෙන්ඩරය පොලිස් භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් රතුකුරුසයේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (14)

ශිරන්තිට සහ යෝෂිතට රහස් පොලිසියෙන් වෙනත් දිනයක්

Saman Friday, 28 July 2017 01:23 AM

හිටපු ජනාධිපතිතුමාගේ බිරිඳනේ... මොකටද තාජුඩීන් මැරුණ දවසේ මහ රෑ පොලිස් නිලධාරීන්ට කෝල් ගත්තේ?

:       338       214

rajasinghe Friday, 28 July 2017 01:23 AM

කවද්ද මේ අයට නීති මගින් කටයුතු කරන්නේ?

:       3       60

Srimala Friday, 28 July 2017 06:13 AM

තමන් මේ සිදුවීම්වලට සම්බන්දයක් නැතිනම් , මේ විදියට මග හරින්නේ නැතුව ඇවිත් තමන්ගේ නිදොස් බව ඔප්පු කලානම් ඉවරයි ..මෙයින් පෙන්නුම් කරන්නේ නීතියට මුණ දීමට බයක් ඇති බවයි .

:       16       222

rohana Friday, 28 July 2017 07:14 AM

කාලය නාස්තිකිරීමක්... වසර දෙකක් ගියා. කාටද දඬුවම් කලේ? මන්දගාමියිනේ.

:       0       30

Padmini Friday, 28 July 2017 07:47 AM

අම්ම කෙනෙක් පුත්තු වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා..මෙතනත් වෙලා ඇත්තේ එකයි. අම්ම මහා පොලොවක් ,අම්ම ආකාසේ වගේ. අසීමිත බලය අසීමිත දුෂණයට හිනිමගක්. කොහොම වුනත් නීතියට යටත් කිසිවක් නැහැ. අඩුගනනේ සොබාදහමට හරි යටත් වෙන්ටම වෙනවා.

:       0       76

Nandalal DE SILVA - France Friday, 28 July 2017 07:51 AM

මේ අම්මටයි පුතාටයි තිබෙන එකම පැමිණිල්ල ? මගේ අක්කත් එයාගේ ඩිෆෙන්ඩර් රථයේ පාට වෙනස් කරා පහුගිය සතියේ. දැන් එයත් බයෙන් ඉන්නේ ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ඒවිද කියලා.

:       225       67

Mahasenavi from ThumpaneFriday, 28 July 2017 10:12 AM

අනේ නිකන් නයා අරින්නෙපා. මමත් මගේ කාරෙකේ පාට වෙනස් කළානේ. මාත් හරිම බයේ ඉන්නේ අප්පා.!!!

:       0       94

ShaanthaFriday, 28 July 2017 02:06 PM

ඩිෆෙන්ඩරයක් තියෙනවා කිව්ව නම් ඉවරයිනේ.. බයිල නොකියා...

:       0       52

rajasingheSaturday, 29 July 2017 12:10 AM

හලෝ ප්‍රන්සේ ඉඳන් අප්‍රභංස කියවන්නේ නැතුව ඉන්න. ඩිෆෙන්ඩර් එක ගිය ආණ්ඩුවෙන් පිනට හම්බවුනද??

:       0       1

Hafeel Friday, 28 July 2017 07:55 AM

එදා මහින්ද රනිල්ව ආරක්ෂා කළා. මතකනේද? රටේ කොච්චර අබලන් පාරවල් තියද්දී, හදිස්සියේ ස්රිකොත ඉදිරිපිට පාර කාපට් කරලා රනිල්ව ආරක්ෂා කරපු එක. රනිල් ඕවට ණයයි. අද රනිල් මහින්දලා ආරක්ෂා කරන්නේ.

:       22       79

mahee Friday, 28 July 2017 10:14 AM

ආරක්ෂක මණ්ඩලේ රැස්වීමක් නිසාවත්ද එන්න අමාරු?

:       18       48

sg Friday, 28 July 2017 06:21 PM

නීතියේ අධිපත්‍ය රැකිය යුතුය

:       0       2

Susil Saturday, 29 July 2017 02:02 AM

ජපානයේ අධිරාජයාගෙ ආරාධනාවට තාත්තත් එක්ක ජපන් යද්දි ඔය කියන 'බෙඩ් රෙස්ට්' ගන්න ඕන අමාරුව තිබුනෙ නැද්ද ?

:       0       1

athula Saturday, 29 July 2017 07:06 AM

එතකොට රටේ අනෙක් මිනිසුන්නටත් පුළුවන්ද ? මෙහෙම කියන්න ඇයි මේ රටේ නීති දෙකක්.? මෙහෙම රටක් කුමකටද? එතකොට මේ අපහාස කරන්නේ රටේ නීතියට නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site