(නිමන්ති රණසිංහ)
අධිකරණයට බොරු සාක්ෂි ඉදිරිපත් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (31) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අද පෙරවරු 7.00 ට අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා රාත්‍රී 9.00 ට පමණ ගම්පහ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට අදාළව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධියකට අදාළව මෙම නඩුව පැවැත්විණි.
කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ශානි අබේසේකර රිමාන්ඩ්
athula Friday, 31 July 2020 05:51 PM
රට බල්ලට තමයි. මෙවා ඉතාම පහත් පළිගැනීම්... එදා මෙදාතුර රහස් පාෙලිසියේ සිටිය කීර්තිමත්ම නිලධාරියා ඉතින් මෙහෙම රටක අවංක නිලධාරින්ට අත්වන ඉරණම...
අතුල Friday, 31 July 2020 06:12 PM
මේ වටිනා නිලධාරියාව නිදහස් කරගන්න සියලු නීතිගරුක ජනයා පෙරට අා යුතුයි. ජඩඅාණ්ඩුවක්... පහත් පලිගැනීම්.. හරිම කණගාටුයි.
අතුල Friday, 31 July 2020 06:19 PM
එදා මෙදා තුර රහස් පොලිසියේ සිටිය කීර්තිමත්ම නිලධාරියා... මේවා දේශපාලන දඩයම්... ඉතින් මෙහෙම රටක් යන්නේ කොහාටද..? හිරේ ඉන්න ඕනෑ අය රටේ පාලනයේ ඉන්න ඕනෑ අය හිරේ...
ලුම්බිණි Saturday, 01 August 2020 12:47 AM
මේ රටේ නිලධාරියෙකුට ස්වාධීනව වැඩ කරන්න හැකියාවක් නැහැ.
Rohona Saturday, 01 August 2020 03:40 AM
ශානි අබේසේකරට බොරු නඩුදමා දේශපාලන පළිගැනීමට සැරසෙනබව පෙනේ. සත්‍ය කවදා හෝ ජයගනු අැත.
Sanath KandySaturday, 01 August 2020 11:21 AM
එදා සරත් ෆොන්සේකාගෙන් පළිගත්ත විදිහටම අද ශානි අබේසේකරගෙන් පලි ගන්නවා. 2010 රාජපක්‍ෂ ආණ්ඩුව කරපු දේම නැවත ආරම්භ වෙන්නයි යන්නේ...
Dr. Vajira FernandoSaturday, 01 August 2020 03:49 PM
ඊළඟ අවුරුදු 5 රටට අත්වෙන්න යන ඉරණම මෙයින් සිතාගත හැකියි. 2/3 ඉල්ලන්නේ මොකටද කියලා තේරුම් ගන්න මිත්‍රවරුනි...
දිලාන් Saturday, 01 August 2020 04:05 PM
ඔබතුමා පියවි සිහියෙන් ශානි නමැති නීතිය අයාලේ යොදවූ නරුමයා ගැන සුදු හුණු ගානවා විය නොහැකියි. මොහු සහ මොහුගේ සුචච කීකරු නිශාන්තන් නමැති සුවිස් ඔත්තුකරු මේ වනවිට රටට නීතිය අවභාවිත වීම මගින් කර ඇති විනාශය දැන් හෙළිවෙමින් තිබෙනවා. බොරුවට අවි ආයුධ දමා, චෝදනාවකට ලක්කරවූ, කොටකෙතන අහිංසකයන් ඝාතනය කරපු මිනීමරුවන් නීතියට කොටුකරලා දීපු "වාස් ගුණවර්ධන" විතරක් නෙමෙයි ඔහුගේ නිර්දෝෂී බිරිඳවත් හිරේට දක්කපු ශානිට අද දිට්ඨධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා. ඇත්තටම ගෝඨාභය වගේ නිවැරදි, අපක්ෂපාතී නායකයෙක් දූෂණයෙන්, හොරකමින්, පලිගැනීමෙන් වැසුණු අපගේ දේශය භාර නොගත්තානම් අද මේ රට තවත් "මිනී කන්නන්ගේ" දේශයක් වෙලා
සමිත සේනක අලුත්ගමගේ.Sunday, 02 August 2020 04:07 AM
ශානි වැරැදි නම් දඬුවම් හිමිවිය යුතුයි. එහෙත්, ශානිට තිබෙන නීතියේ සරදම 2000 ක් 3000 ක් මැරුවා යැයි තමාම ප්‍රසිද්ධියේ පවසන කරුණා අම්මාන්ට තිබේද? අඩුම තරමේ ඔහුව නිකමටවත් අත්අඩංගුවට ගැනීමට නීතිය සමත් වුණේ නැහැ නේද? සැබැවින්ම මේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වේද? නූගත් ඇතැම් දේශපාලකයන් නීතියේ දෙව්දුවගේ බොටුවෙන් අල්ලා සිරකරගෙන තමන්ට රිසිසේ ඇයව හසුරනවා නොවේද?
eresh S kumara Saturday, 01 August 2020 05:17 AM
රාජ්‍ය සේවයේ ඇති අවිනිශ්චිත භාවය මෙයින් මනාවට පැහැදිලි වෙයි.
NissankaSaturday, 01 August 2020 05:15 PM
නැහැ. අපේ රටේ දේශපාලනයේ ඇති ජඩබව මෙයින් පැහැදිලි වෙනවා.
Raveendra Saturday, 01 August 2020 05:26 AM
පළමුව අපගේ මෙම අදහස් " මෙයා නරකයි, අරයා හොඳයි හෝ මෙයා හොඳයි අරයා නරකයි කීමට" නොවන බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු.. අහිංසක දුප්පත් මහජනතාවගෙන් එකතුකර ගන්නා බදුමුදල් වලින් "සුළු වැටුපක් ලබාගන්න හෝ විශාල වැටුපක් ලබා ගන්නා "රජයේ නිලධාරියකුගේ යුතුකම මෙන්ම වගකීම තමන්ට වැටුප් ලබාදෙන අහිංසක මහජනතාවට තම හදවතට එකඟව අවංකව තම රාජකාරිය කිරීම බව රාජ්‍ය සේවයේදී සිටින වැඩි පිරිසකට අමතකවීම කණගාටුවකි. එබැවින් අහිංසක ජනතාවගේ බදුමුදලින් වැටුප් ලබමින් දියවන්නාව අසුචි වලේ පාදඩ දේශපාලුවන්ගේ අනුගාමිකයන් ලෙස සේවය කරන සහ එසේ සේවය කිරීමට බලාපොරොත්තු වෙන රජයේ සේවකයන්ට අප මෙසේ පැවසීමට කැමැත්තෙමු. "අහිංසක මහජනතාවගේ සාපයට " ලක්වුණු කිසිදු පාදඩයෙක් (ලොක්කෙක් හෝ සොක්කෙක් වුවත්) මියගියේ ඉතාම දුක්බර ලෙසත් ඒ අයගේ පවුල් පන්සල්ද සීසීකඩ ගොස් නන්නත්තාර වී ඇති බවට අතීතයේ ඕනෑතරම් උදාහරණ ඇති බවයි.. අපගේ මෙම අදහස් දියවන්නාව පට්ටියේ "225" මෙන්ම සියලුම රජයේ සේවකයින්ට කිසිඳු වචන වෙනසකින් තොරව කියැවීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
සෑම් Saturday, 01 August 2020 09:06 AM
අතිදක්ෂ රහස් පොලිස් පරීක්ෂකයෙක්. නීතියේ ආධිපත්‍යයේ මළගම මෙයින් මොනවට පෙන්නුම් කරයි. අගෝ 5 ජනතාව නිවැරදි තීන්දුවක් නොගතහොත් අධිකරණය වසා දැමීම වඩා සුදුසුයි..
K Perera Saturday, 01 August 2020 11:03 AM
මේ වගේ අසික්කිත වැඩකරන අයනේ බලය ඉල්ලන්නේ. පිල්ලෙයාන්ටත් ඇමැතිකමක් දෙන්නත් ලෑස්තියිලු. අවාසනාවට තවමත් මේවාට කැමැති බයියන් අපේ රටේ ඉන්නවනේ.
විපරමා Saturday, 01 August 2020 12:14 PM
දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදි දේශපාලුවන් ඉන්න රටක සිද්දවෙන දේවල් ගැන කවර කතාද?
අතුල Saturday, 01 August 2020 01:53 PM
ශානි කොහොම හරි හිරේට දාලා ඕනෑ කරන්නේ එකම එක දෙයයි. "දැනට උසාවියේ ගොනුකර ඇති නඩු සියල්ල ඉවත් කර ගැනීම, දැනට පරීක්ෂණ කරගෙන යන නඩු ෆයිල් සියල්ල විනාශ කර දැමීම, මින් ඉදිරියට කිසිම නඩුවක් ඔවුනට එරෙහිව ගොනු නොවීම, දැනට හිරේ ඉන්න "අවශ්‍ය පුද්ගලයින් එලියට ගැනීම" තත්වය කණගාටුයි ඒ වගේම අතිශය බරපතලයි.
චින්තක Saturday, 01 August 2020 04:20 PM
සාමාන්‍ය පුරවැසියෙක් නීති විරෝධී ගිනි අවියක් තියාගත්තනම් ඔහුට ඇප හම්බවෙන්නේ නැහැ. නීතිය අවභාවිතා කරන රාජ්‍ය නිලධාරීන්ටත් ආදර්ශයකටත් එක්කම ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් හෝ මරණ දඬුවමක් දිය යුතුමයි..
Hafis Saturday, 01 August 2020 06:35 PM
ගොඩක් බලය අයුතු ලෙස පාවිච්චි කළා. හැබැයි ඒවා කළේ සති දෙකකට වඩා කළින්. සිංහල අයට මතක සති 2යි කියලා අහලා තියෙනවා.