රංජන් කස්තුරි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළැඹීමට දෙමළ ජාතික සන්ධානයට අද නොහැකි වී තිබිණ.
කොළඹ දී අද පස්වරුවේ පැය කිහිපයක සාකච්ඡාවකින් පසු අවසන් තීන්දුවක් ගැනීම හෙට (04) පෙරවරුව දක්වා කල් තැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ, මත කිහිපයක් දරන බව ද ඒ අනුව නිශ්චිත එක් මතයකට එළැඹීමට නොහැකි වූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාස භංගයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් දරන මතයට තවත් පිරිසක් දැඩි විරෝධයක් දක්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2105 සියලු බලවේග ආපහු එකතුවුනා කිව්වේ බොරු
TNA එක රටෙන් කාලක් ඉල්ලාවි අගමැතිට පක්ෂ වෙන්න .
එක ඡන්දයක් තියෙන කට්ටිය මස් රාත්තලම ඉල්ලනවා. ඡන්ද 16 ක් ගන්න මොනා දෙන්න වෙයිද දන්නේ නෑ.
බමුණු ආරච්චි මහතානෙනි ටීඑන් එල් එක කිසිදා රටෙන් කොටසක් ඉල්ලු බව අප අසා නොමැත. ඔවුන් යම් බලතල ඉල්ලා වසර ගණනක් තිස්සේ සිංහල ජාතිය පස්සේ යන බව නම් අපි දන්නෙමු. සියල්ල ජාති වාදි ඇසින් නොබලා ඔවුනුත් මේ රටේ උපන් මනුශ්‍යයො හැටියට සිතන්න. ඔබ බෞද්ධයෙක් නම් බුදුන් වදාල ලෙස තමා තමාට උපමා කරගන්න.
රෙදි නැතුව ටී.එන්.ඒ එකට කඩේ යනවා. ටී.එන්.ඒ ඉන්නේ තොත්ත බබාලා. මෙයා අඟහරු ලෝකෙන්ද දන්නේ නෑ ආවේ. ටී.එන්.ඒ එවුන්ගේ කතා ඇහුවම උන්ගේ මුළු පටටන්ටරේ ඕන පොඩි ළමයෙකුට උනත් තේරෙනවා