IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වැලිඔය දරුවා අපයෝජන සිද්ධියේ කොස්තාපල් යළි රිමාන්ඩ්


(  උපාලි ආනන්ද)

වැලිඔය පොලිසියේ  අත් අඩංගුවේ සිටි  15 හැවිරිදි බාල වයස්කාර පිරිම් දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානයතුලදීම  බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය රිමාන්ඩ් බාරයට පත් කර සිටින  පොලිස් කොස්තාපල්වරයා මේ මස  20 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඞ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන  මහේස්ත‍්‍රාත්  රෝහණ ගුවර්ධණ මහතා   නියෝග කළේය.


මෙම සිද්ධියට අදාල පැමිණිල්ල පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (13)  කැදවූ අවස්ථාවේ  මෙසේ නියෝග කෙරිණ


තවදුරටත් රිමාන්ඞ් කලේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් (58918) අජිත් නැමැත්තෙකි .


15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත‍්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ  දුරකථන ක‍්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ  විය.


දැනට බන්ධනාගාරයේ පසු වන මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා එදිනට  20  වන දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි කිත්සිරි බංඩාර මහතාට මෙදින නියෝග කල වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය  අපයෝජනයට ලක්ව ඇති බව කියන දරුවාද එදිනට අධිකරණයට රැගෙන එන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස  නිලධාරීන්ටද නියෝග කරනු ලැබීය.


වැලිඔය  පොලිසිය තුළදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට  සහ අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳව  මුල් ප‍්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය මැයි මස 8 දා අත් අඩංගුවට ගත් බවයි .


එසේ අත් අඩංගුවට ගෙන පසු දින  (9)  පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය  පොලිසිය තුල රදවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති අපයෝජනයට ලක් වූ දරුවා එදින රාත‍්‍රියේ  වැලිඔය පොලිසිය  තුල සිටියදි එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තමන් බරපතල ලෙස අපයෝජනය කල බවද සදහන් කර ඇත.

 
එලෙස තමන්ව අපයෝජනය කලේ වැලිඔය පොලිස් ස්ථානයේ එදින රාත‍්‍රියේ නිළ ඇදුමින් රාජකාරියේ යෙදී සිටි නිතර නිතර පොලිසියේ දුරකථණයට පිලිතුරු දෙමින් සිටි පොලිස් නිලධාරියා බවද දරුවා තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
 
එසේ තමන් අපයෝජනය කලේ මෙම සිද්ධිය යමෙකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද දරුවා තවදුරටත් විමර්ශණ නිලධාරින්ට සහ පරිවාස නිලධාරීන්ට කියා තිබේ.


තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට වැලිඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තෙමින්තුවේ  ළමා රැදවුම් නිවාසයට යොමු කර සිටිනුයේ  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත්  මනෝජ් ප‍්‍රභාකරන් මහතා පසුගිය මැයි මස 9 දා පදවිය  සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය.


සිද්ධිය පිළිබදව දරුවාගෙන් දීර්ඝව ප‍්‍රකාශ සටහන් කරගෙන අනතුරුව  දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  හමුවට ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා  සනාථ කර ඇත්තේ දරුවා බරපතල ලෙස ඇපයෝජනය කර ඇති බවටය.

 
මෙම සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යංශය පැවැත්වූ සියළු විමර්ශණ වල උදෘත ඉදිරි කටයුතු සදහා ෙමි වන විට මුලතිව් කොටිඨාශ බාර පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාට යොමු කරනු ලැබ තිබේ


පොලිස් අත් අඩංගුවේ සිටියදී බාල වයස්කාර පිරිමි දරුවෙකු රාජකාරියේ යෙදී සිටි පොලිස්  නිලධාරියෙකු විසින් අපයෝජනය කල බවට ශ‍්‍රි ලංකා පොලිසියට චෝදනාවක් එල්ල වූ ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාව මෙය බව පොලිස් ආරංච් මාර්ග සදහන් කරයි.


මෙම අපරාධය සමිබන්්ධයෙන් මාධ්‍ය  මගින් කල හෙලිදරව්ව  පිලිබදව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ අවධානය යොමු විය.

වැලිඔය පොලිසියේ අත් අඩංගුවේ  සිටි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් නිළධාරියෙකු  විසින්  අපයෝජනය කර ඇති  බව කියන සිද්ධිය  සමිබන්ධයෙන් කඩිනම් විමර්ශණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස පොලිස්පතිවරයා උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු සහ උතුරු පළාත බාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිපැන්න යන මහත්වනරුන්ට පසුව නියෝග කරනු ලැබීය  

ඒ අනුව මෙහි විමර්ශණ කටයුතු වල  අධීක්ෂණය  මුලතිව් කොටිඨාශ බාර පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාට පැවරිණ  පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ නියෝග මත දැනට ෙමි ගැන පරික්ෂණ සිදු කෙරෙන්නේ  මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර  පෙරේරා මහතාගේ මෙහෙයවීම මතය

පැමිණිල්ල වෙනුවෙන් මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා සහ වැලිඔය  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  වෑත්තෑව යන මහත්වරුන් පෙනී සිටි අතර අපයෝජනය ලක්ව  ඇති දරුවාගේ අයිතිවාසිකම් වෙනෙුවන් කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ස්ථාන බාර පරිවාස නිලධාරි සුසන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත පරිවාස නිලධාරි ධනුෂ්ක තිලකරත්න මහතා  පෙනී සිටියේය 
 



අදහස් (0)

වැලිඔය දරුවා අපයෝජන සිද්ධියේ කොස්තාපල් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 616 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 523 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site