IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


‘වර්තමානයේ දී නායකයින්ගෙන් රට ආරක්ෂා කිරීමට සිදු වෙලා‘

  (නිමල කොඩිතුවක්කු සහ ජී. එච් එස් කහටපිටිය)


රට ආරක්ෂා කිරිමට නායකයන් පත්කළ ජනතාවට අද නායකයන්ගෙන් රට ආරක්ෂා කිරිමට සිදුව ඇතැයි  ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(27) කොළඹදී පැවසූහ.


මහනායකහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින්  නව ව්‍යවස්තාවක් ගෙන ඒම හෝ තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන  නොකල යුතුයි කියා සංඝ ආඥාවක් නිකුත් කර තිබියදි මේ වනවිට සකස් කර අවසන් නව ව්‍යවස්ථාව 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේම නව සංස්කරනයක් විදියට සම්මත කරගැනීමේ උත්සාහයක් පවතින බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ අවධාරණය කළහ.


ජාතික විද්වද් භික්ෂු සංසදය පැපිලියාන  සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ පැවත්වූ  මාධ්‍ය හමුවකට අද (27) එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද සදහන් කළහ.

 ‘‘2015 වසරේ ආරම්භ කරන ලද ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව පෙරමුනු කිහිපයකින්  ඉදිරියට ඇවිත් තියෙනවා.

ජයම්පති වික‍්‍රමරත්න, ලාල් විජේනායක යන අය එතනදි අපේ රටේ බෙදුම්වාදයේ  පියවරුන් ලෙස සළකන්න පුලූවන්. ජනතා අදහස්  ලබාගන්නා මුවාවෙන් ඔවුන්  පක්ෂපාති වාර්ථාවක් සකස් කළා.


මහනායකහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින්  නව ව්‍යවස්තාවක් ගෙන ඒම හෝ තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන  නොකළ  යුතුයි කියලා සංඝාඥාවක් නිකුත් කළා. ඒත්  සමගමේ ව්‍යවස්තා ක‍්‍රියාදාමය යම් පරිද්දකින් අඩපණ  වුණා.


දැන් මේක විධික‍්‍රම  දෙකක් විදියට ඉදිරියට ගෙන යනවා. ජනතා විමුක්තිපෙරමුණ ඉදිරිපත් කරන ලද 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ඉන් එකක්.  මේ සම්බන්ධයෙන් අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනිමත් සමග කැබින්ට් මන්ඩලය හරහා නැවත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔවුන්ට සිද්ද වෙනවා.


අනික් පැත්තෙන්  මේ වනවිට සකස් කර අවසන් නව ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලයට එනවා. මේ දෙකම එකට හයිබි‍්‍රඞ් කරලා 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේම නව සංස්කරනයක් විදියට මෙය නැවත  පාර්ලිමේන්තුවට එනවා. 

ජනතා විමුක්ති පෙරමුණේ බොල් පිළිමය මත ඉදිවන්නේ බෙදුම්වාදයේ ගල් පිළිමය කියන එක අපි අමතක නොකල යුතුයි. මේ  කුමන්ත‍්‍රණයේ මහ මොලකරුවා විදියට ජ.වි.පෙ මේ වේලාවේ බොහෝම ලස්සනට  මේ රට ආමන්ත‍්‍රණය කරනවා . ඔවුන් මේ කුමන්ත‍්‍රණයේ ලංකිය ඒජන්තවරයා ලෙස කටයුතු කරනවා.

මේ රටේ ජනතාව මෝඩයෝ කරලා ජාත්‍යන්තරයෙන් වාසි ගන්න මේ අය උත්සාහ කරනවා. තමන්ට දේශපාළන බළය අත්පත් කරගන්න  දරන මේ නින්දිත ක‍්‍රියාමාර්ගය සමස්ත මහා සංඝ රත්නය විදියට අපි හෙළා දකිනවා.‘

 

(ඡායාරූප ගයාන් අමරසේකර)

 



අදහස් (9)

‘වර්තමානයේ දී නායකයින්ගෙන් රට ආරක්ෂා කිරීමට සිදු වෙලා‘

kap Thursday, 27 September 2018 11:38 AM

බයිලා වදාරන සේක. පරණ ආණ්ඩුව කාලෙ රාජ්‍ය වාහන පාවිච්චියත් අයථා භාවිතයක් නේද? සමහරු පඩිත් ගත්ත නේද? පිටරටත් ගියා නේද?

:       4363       2319

sudath Thursday, 27 September 2018 04:06 PM

කැප් මාතෘකාවට අදාලව කතා කරන්න

:       363       1564

BamunuarachchiThursday, 27 September 2018 11:41 PM

හරියට හරි ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවාද සැකයි

:       18       0

AbiththayaaFriday, 28 September 2018 12:15 AM

මේ හාමුදුරුවන්ට නියම උත්තරයක් දුන්නේ මහනායක හාමුදුරුවෝ...

:       0       0

Bamunuarachchi Thursday, 27 September 2018 11:45 PM

අපේ හාමුදුරුවනේ ජවිපය මේ රටින් අතුගා දමන්න කතිකාවතක් අැති කරන්න.

:       6       36

Ven. Pitawala Upsli Friday, 28 September 2018 01:21 AM

අපි හැම වෙලාවේම රට සමගයි.

:       0       0

Saththaya Friday, 28 September 2018 03:01 AM

හිටපු නායකයින් රට යොමු කරලා තියෙන්න දුෂණය බීෂණයට. දැන් මෙයින් කාටවත් ගැලවෙන එක අසීරු කරුණක්. බල තන්හාව නිසා රටම විනාශයි. එච්චරයි අපි දන්නේ. අපි බදු ගෙවනවා ඔවුන් කරපු පාප කර්ම වලට. අපි පව්, අපි දුක් විදිනවා ඔවුන් ලබා ගත් සැප සදහා.

:       0       664

Sa.willFriday, 28 September 2018 08:31 AM

අපි පව් ඔහෙලා වගේ අහිංසක අය නිසා...

:       171       0

Bamunuarachchi Friday, 28 September 2018 08:49 AM

අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා වෙනුවෙන් ලියන අදහසවත් නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site