(මහින්ද නිශ්ශංක)
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සහ ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඇතුළු 16ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි.
අත්‍යවශ්‍ය සේවා යටතේ සේවා සැපයීමට යාමේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු කියයි. අද(26) පස්වරු 6.30ට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ජනපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් සඳහා තම නියෝජිතයින් 15 දෙනකුට කැඳවීම් ලැබී ඇතැයි ද එතෙක් පෙරේදා(24) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය තවමත් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කරයි.
වර්ජනයෙන් පසු කොළොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේ දුම්රියපොළින් පිටත්වූ මුල්ම දුම්රිය අද පස්වරු 3ට කටුනායක ගුවන්තොටුපළට ගිය බව එහි ආරංචි කියයි.
COMMENTS
මේ අයට දිය හැකි උපරිම දඬුවම් දිය යුතුයි. ඊට අමතරව රැකියාවෙන් නෙරපිය යුතුයි. රජය අපි පත් කලේ කඩාකප්පල්කාරීන්ට කොන්ද නැමීමට නෙවේ. මීට වඩා තදින් සිටිය යුතුයි.
ඔයාලට අවසන් කරන්න දෙයක් නෑ ආණ්ඩුව ඒක අවසන් කළා.
යහපාලනය හොඳ වැඩියි. හැමෝම රට පාලනය කරන්න යනවනේ. ලංකාවේ මිනිස්සුන්ගේ කොහොමටත් ජානමය වැරද්දක් තියෙනවා. ඕනෙම දේකට එරෙහි වෙන්නේ ඒකයි. හැසිරීම වුනත් හරිම උද්වේගකරයි. බලාගෙන ඉන්නත් අමරුයි. කවදා ගොඩ එන රටක්ද මන්ද???
වර්ජනය කරන අයව අයින් කරා නම් හරි. මේ අය ළඟ තියෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක්.
රටේ සම්පත් වෙනුවෙන් සටන් කරන ඔබලාට ජයම වේවා.!!!
වර්ජනය කරන අය ගෙදරම හිටියනම් ගොඩක් හොඳයි. වැඩ කරන අයට ඉඩ දීලා. පඩි දීල ගෙදර තිබ්බත් රටට හොඳයි. ජනතාව පීඩා කරන්නේ නැතුව.