(මුදිතා දයානන්ද)

විමල් රාජපක්ෂට ආදරේ කරන තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නැති බව විමල් දැන්වත් තේරුම් ගත යුතුයි. එහෙම ආදරේ කළා නම් තමන් වෙනුවෙන් තමන්ටම උපවාස කරන්න සිදුවන තත්වයකට විමල්ට මුහුණ දෙන්න සිදුවන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහත අද (29) පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කලක් සටන් සගයකු වූ විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වෙද්දී ඔහුව බලන්නවත් යන්න අදහසක් නැද්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.