(සුජිත් හේවාජුලිගේ)
විධියක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
යෝජනාව බාර දීමෙන් පසුව එය සභාගත කර විවාදය සඳහා කඩිනම් දිනයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බදව හෙතෙම සඳහන් කළේය.
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත
සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්
ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්ර
ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට
Raveendra Sunday, 20 May 2018 03:12 PM
හානේ... රතු මලයලාත් එහෙනම් ඉන්නවා බොලේ... අපි නම් හිතුවේ ඇලවල් දිගේ, වෙලාවල් දිගේ කබරගොයින් හොයනවා කියලා තලගොයින්ට අන්දවන්න.
සතයපාලMonday, 21 May 2018 03:57 AM
හරකා රතු කොඩිය දැක්කම කුලප්පු වෙනවා... ඒක ස්වභාවිකයි !!!
RaveendraMonday, 21 May 2018 11:33 AM
සතයපාල මයා වෙත, අපිටත් ලොකු ගැටළුවක් වුනා. ඔබ එකපාරටම කලබලවීම පිළිබඳව....
ජගත් ලියනගේ Sunday, 20 May 2018 03:34 PM
ගෝඨාභය මහත්තයා එයි කියලා දැම්මම බය වෙලා වගේ...
ධනුෂ්කSunday, 20 May 2018 05:25 PM
ගෝටාබය මහතා යනු, අැමරිකාවේ පුරවැසියෙක් මෙහෙට අාවේ අයියා ජනාධිපති වුනාට පස්සේ. අැවිත් රජයෙ සේවකයෙක් විදියට වැඩකලා. යුද්දේ දිනුවා. නගර සැලසුම් එහෙමත් පිලිවෙලකට කලා. හැබැයි ඔහු තනියම යුද්ධය දිනුවා නෙමේ.පෙරමුනේ යුද්ධ කලේ මැරුනේ ආබාධිත වුනේ රටේ දුප්පත් කොල්ලො කෙල්ලෝ. අදාල සැලසුම් සකස් කලේ හමුදා නායකයෝ. ජනාදිපතිවරයා. නායකයෙක් වශයෙන් වගකීමක් දැරුවා. හැබැයි යුද්ධය දිනීම තනි පුද්ගලයකුට ලඝු කිරීම තමා යුද්ධය වෙනුවෙන් ජීවිතය කැප කලවුන්ට කරන ලොකුම අගෞරවය. ඉදිරිපත් කරන්න කෙනෙක් නැතිවුනාම අානයනය කරන ලද පුද්ගලයකුට හුලං ගහලා පුම්බලා ගැනීම කෙතරහම් අඳබාලද? ඔතන ඉන්න ජීවිත කාලයම දේශපාලනය කරපු අත්දැකීම් අැත්තන්ට කරන්න බැරි දේ.ජීවිතේට දේශපාලනය නොකල කෙනෙක් මොනා කරන්නද?
Ajith NissankaMonday, 21 May 2018 02:17 AM
මහින්ද මහත්තයත් ඒ යෝජනා වලට කැමැත්ත දීලා තියෙන්නෙත් ඔය හේතුව නිසාම වෙන්න ඇති නේද?
Cisco Sunday, 20 May 2018 03:37 PM
ජනාධිපතිවරණයට බය පක්ෂයක් තමයි ජවිපෙ. අපේ අගමැතිතුමත්... මේ යෝජනාව පිටුපස ඉන්නේ වෙන කවුද ඉතින්...
සතයපාල Sunday, 20 May 2018 04:26 PM
1978 ජේ.ආර්. ජයවර්ධන මේ විධායක ජනාධිපති ධුරය ඇති කරනවිට ජයවර්ධන මහත්තයයි, එයාගේ ගෝල බාලයනුයි ඇරෙන්න මේ මුළුරටම විරුද්ධ වුණා. ඉන්පසු 94 චන්ද්‍රිකා නෝනා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව මත ජනාධිපති තනතුරට පත්වූ නමුත් ඇය එය අහෝසි නොකළ අතර දෙවරක්ම ජනාධිපති තනතුර දැරුවාය. ඉන්පසු එම තනතුර අහෝසි කිරීමේ පොරොන්දුව මත ජනාධිපති තනතුරට පත් රාජපක්ෂ මහතා එම තනතුර දෙවරක් දැරුවා පමණක් නොව ව්‍යවස්ථා සංශෝධන මගින් දිගටම එම තනතුරේ ඉන්න ප්‍රයත්න දැරුවාය.19වන ආණ්ඩුක්‍රම ව්යවස්ථා සංශෝධනය මගින් එය ආපසු හැරවීම නිසා රාජපක්ෂ මහතාටද රටේ බහුතරයේ ආශිර්වාදය නැති නිසා වික්‍රමසිංහ මහතාටද විධායක ජනාධිපති ධුරය දැරීමට නොහැකිවන අතර එ.ජා.ප.යේ සහ ජ.වි.පෙ. සහය නොමැතිව සිරිසේන මහතාට නැවත එම තනතුරට ලඟාවීම සිහිනයකි. ඒ නිසා දැන් මේ සිහිනය දකින්නේ ගෝඨාභය රාජපක්ෂ පමණි. කිසිදා දේශපාලනය නොකළ රටේ දේශපාලන රිද්මය නොහඳුනන යුද්ධය උග්‍රව පවතින කාලයේ හමුදා සේවයෙන් ඉවත් වී ඇමරිකාවේ පදිංචියට ගිය තම සහෝදරයා රටේ ජනාධිපති වූ පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පැනගත් හමුදා ජයග්‍රහණයෙන් පසු එහි ගෞරවය තමන්ට ලබාගත් අතිජාතිවාදියෙකි.
සතයපාල Sunday, 20 May 2018 04:41 PM
මිලිටරි මානසිකත්වයකින් හෙබි පුද්ගලයකු වූ ඔහුට මේ රටේ සුළුජන කොටස්වල සහයෝගය කිසිදාක නොලැබෙන අතර බහුතරය වන සිංහලයින්ගේ ඡන්දයෙන් පවා සීයට පනහක ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකිවනු ඇත. නමුත් ඔහුවටා පෙළගැසී සිටින අන්තවාදී, ජාතිවාදි කල්ලිය කියා සිටින්නේ ගෝඨාභය නැමති චරිතය බයෙන් මෙම විසිවන සංශෝධනය ගෙනන බවයි. නමුත් එහි කිසිඳු සැකයක් නැත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රධාන පක්ෂවල නායකයින්ට විධායක ජනාධිපති තනතුරේ කටයුතු කිරිමට නොහැකි අවස්ථාවක ඔවුන්ගේ සහාය ලබාගෙන මෙම එ්කාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසිකර රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමයි.
Bamunuarachchi Sunday, 20 May 2018 05:05 PM
මේගොල්ලෝ හදන්නේ රට දෙකඩ කරන්නයි
LIYANAGE Sunday, 20 May 2018 05:09 PM
ජනාධිපති බලය ඉවත් කර පළාත් සභා ස්වාධීන වෙනවා කියන්නේ රාජ්‍යන් කිහිපයක් බිහිවීම. ඔය 225 න් රටේ නායකයෙක් පත් කලොත් මොනවා වෙයිද කියන්න බැහැ.ඔතන ඉන්නේ ලියුමක් වත් කියව ගන්න බැරි අයත් එක්කනේ.
sg Sunday, 20 May 2018 05:25 PM
මේක හරියන වැඩක් නොවේ ...
LiyanageMonday, 21 May 2018 09:42 AM
පළාත් පාලන පනතේ කාන්තා නියෝජනය 30% කරන අතරේ ඇමිණුම් 30ක් විතර දාලා වෙන ඒවා අනුමත කළා. ඒවගේ ගැටයක් වෙන්න පුළුවන්. අර 225 ඉන්නවා කියවන්න, ලියන්න බැරි අන්ධ බාලයිනුත්.!!!
සේනක Sunday, 20 May 2018 07:05 PM
බයවෙන්න එපා... මේ ගොල්ලන්ගේ යෝජනා රටට අහිතකර දෙයක් මිසක් යහපතක් වෙන දෙයක් නෙමෙයි. මේ සමාජවාදී අයියලා, කියන්නේ එකක් කරනකොට කරන්නේ වෙන එකක්... මේ ගොල්ලෝ හිතන් ඉන්නේ, මේගොල්ලෝ වගේ මෝඩයින් කියලා රටේ ජනතාව... අනේ මේ සහෝදර සමාගමේ අයියලා රටේ නැති බලයක් තියනවා කියලා පෙන්නන්න දඟලන දැඟලිල්ලක්. සමාජවාදී අයියලාට බලයක් නොමැතිව මෙහෙම නම්, බලයක් ගත්ත දවසට මෙතෙක් කල් බලයේ හිටිය මහා පක්ෂ දෙකට වඩා රට විනාශ කරලා තමයි මේ ගොල්ලෝ යන්නේ. මේ සමාජවාදී නායකයෝ 70 දශකයේ ඉඳලා මේ වෙනතුරු කරපුවා කියපුවා වෙලා තිබුණා නම් අද රාජ්‍ය බලය තියෙන්න ඕනෑ මේ ගොල්ලන්ගේ අතේ... එතරම් බලයක් දීලා තියාගන්න තරම් රටේ ජනතාව මෝඩයින් නෙමෙයි මහත්තයෝ...
Sanath Sunday, 20 May 2018 07:32 PM
මේකට නම් ශ්‍රේෂ්ටාධිකරණයේ අර්ථකතනයක් ගන්න වෙනවා. මං හිතන විදියට නම් ජනාධිපති පදවිය අහෝසි කරනවා වගේ බරපතල ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත කරගෙන ජනමත විචාරණයක් තියල මහජන කැමැත්තත් ගන්න වෙනවා.
asanka Sunday, 20 May 2018 10:48 PM
ලංකාව වැනි කුඩා රටකට වඩාත්ම යෝග්‍ය වන්නේ ශක්තිමත් විධියක ජනාධිපතිවරයෙක් පමණයි.
Bamunuarachchi Sunday, 20 May 2018 11:54 PM
විධායක ජනාදිපති ක්‍රමය නැතිකලොත් ඒක සිංහලයාගේ විනාශයයි.මින්පසු අපි නුඹලාට කතිරය ගසන්නේ නැත.
ලුම්බිණි Monday, 21 May 2018 01:15 AM
විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා බලයට එන කිසිවෙක් එය නොකරන යුගයක මම හිතනවා මේක හොඳ දෙයක් කියලා.
Jiwan Monday, 21 May 2018 02:11 AM
කෝ අර තියනව කිව්ව ජනමත විචාරණේ?
Harith Monday, 21 May 2018 02:20 AM
විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා ගේන්නේ විධායක අගමැති ධූරය. මොකද රටකට අනිවාර්යෙන් විධායකයක් ඕනේ. ව්‍යවස්ථාදායකයකින් විතරක් රටක් පාලනය වෙන්නේ නෑ නේ. .
ජෙහාන් ප්‍රනාන්දු Monday, 21 May 2018 02:23 AM
අන්න එහෙම තමයි වෙන්න ඕනේ. රට ස්ථාවරව තියෙන අන්තිම නූල් පොටත් නැති කරන්න ඕනේ.
PABATH Monday, 21 May 2018 04:17 AM
රතු මල්ලිලා මේ කරන දෙයින් වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන පොරොන්දුවෙන් ගෝඨාභය බලයට ඇවිත් පස්සේ 2/3 න් ව්‍යවස්ථාව වෙනස්කරලා හොරපාරෙන් මහරජා බලයට එන එකයි. මේ රතු මල්ලිලාගේ සෙල්ලම මහා භයානකයි.
dhamneth Monday, 21 May 2018 06:23 AM
ඔය යෝජනාවටම ඇතුලත් කරන්න ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීවරු තමා පත්කළ පක්ෂයට විරුද්ද වුවොත් ,පක්ෂය සමග ඡන්දය නොදුන්නොත් හෝ තම පක්ෂය ඡන්දය දෙනවිට මගහැර හිටියොත් ඔහුගේ හෝ ඇගේ මන්ත්‍රීදුරය නිකම්ම අහෝසිවන බවට වගන්තියක්.
BamunuarachchiMonday, 21 May 2018 10:42 PM
ඒක ප්‍රජාතන්ත්‍රවාදී නැත. එසේම එහි නරක පැත්තක් ඇත. උදාහරණ කියනවානම් එක්සත් ජාතික පක්ෂයේ සමහරුන් අකමැත්තෙන් බැංකු කොල්ලය අනුමත කළා. රටට අහිතකර අනපනත් වලට විරුද්දව කතාකිරීමේ හෝ විරුද්දවීමේ නිදහස තිබිය යුතුයි. විජේදාස රාජපක්ෂ වැනි නිදහස්ව සිතන මහත්වරු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි නැතුව හැමදේටම අත උස්සන ගොයියෝ නොවෙයි. හැබැයි මහජනයා යම් පක්ෂයකට පත්කළ කෙනෙක් වෙනත් පක්ෂයකට යාම වලක්වන වගන්ති දැම්මොත්හොඳයි.
Shan Monday, 21 May 2018 06:24 AM
ඕක කවුරු ගෙනාවත් නැති කරලා දාන එකමයි හොඳ. අපේ රටට මේ තනතුර හරියන්නේ නෑ.
BamunuarachchiMonday, 21 May 2018 07:45 AM
හොඳට හිතලද ඔය කියවන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳ නැත්තේ මොකෝ කියන්න. ඔබ හරිනම් අපිත් එකඟ වෙන්නම්. විධායක ජනාධිපති ක්‍රමය රාජිතගේ 20 ස්ස 14 කොරන්නවත් බැරිය ඒ වනුවට රනිල් ගණන 30 කරාවි. මෝඩ වෙන්න එපා හලෝ ඔය ජනාධිපතිගේ විධායකය සාමාන්‍ය ජනතාවට බලපාන දෙයක් නොවෙයි
BamunuarachchiMonday, 21 May 2018 09:23 AM
විදායක ජනාධිපති ක්‍රමය නොතිබුනානම් රාජිතගේ විස්ස 14 කොරන්නත් බැරිය.
BamunuarachchiMonday, 21 May 2018 01:44 PM
විධායක ජනාධිපති ක්‍රමය නැති වුණා නම් බැංකු හොරකම අල්ලන්න කොමිෂන් දාන්නත් බැරි හිටපු බැංකු ලොක්කා තවමත් බැංකු ලොක්කාමයි. ඒ විතරක්යැ ප්‍රභාකරන් උතුරේ ලොක්කාය. ජේවීපී ගොයියන්ට ප්‍රභාකරන් උතුරේ සිටීම හෝ රටින් කාලක් දෙමළුන්ට ගියාට ප්‍රශ්නයක් නොවේ. යහපාලනය හැරෙන්නට රටට වුණු ලොකුම කාලකන්නිකම ජේවීපී යයි.
Ajith NissankaTuesday, 22 May 2018 05:51 PM
එතකොට ඔය 1978 ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු දවසේ ඉදල සිරිමා, චන්ද්‍රිකා, මහින්ද ඇතුළු සියලුම දේශපාලන නායකයින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු පිට පොරොන්දු දුන්නේ, ගිවිසුම් පිට ගිවිසුම් ගැහුවේ හොඳට හිතලද ?? දැන් හරියට කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ!
prakaash Monday, 21 May 2018 11:04 PM
පිංගුත්තර දේශපාලනයට කඩේ යන ජ.වී.පෙ. එක අද ඩොලර්වලට යටවී ඇති බව පැහැදිලියි.අනුර කුමාර කරන්නේ සිරිකොතේ කොන්ත්රාත්තුවයි.විජේව්වීර අද හිටියා නම් පක්ෂෙන් අයින් වෙනවා.සිරිකොත තරමටම හිරිකිත දේශපාලනයක් තමයි මොවුන් කරන්නේ,විධායක ජනාධිපති කම ඉවත් කරන්නට පෙර පුලුවන්නම් පළාත් සභා ඉවත් කරන්න.එයයි කල යුත්තේ.ගෝඨාභය සමහරු භයයි.ඒ ත්‍රස්තවාදීන් සහ උන්ගේ චක්ගෝලයෝ.තමයි.සින්ගප්පුරුවෙන් ගෙනා මහේන්ද්‍රන් රනිල් එක්ක මහා බැංකුව හොරා කෑවා ඒ වුනාට අමෙරිකාවෙන් ගෙනාවයි කිවූ ගෝඨාභය ,මහින්ද එක්ක ත්‍රස්තවාදය පරාජය කොට නගර සංවර්ධනයටත් කටයුතු කළා නමුත් ඒවාට විරුද්ධව බටහිරයන්ගේ සහ දෙමල ඩයස්පෝරාවේ වුවමනාවට සහ ඔවුන්ගේ ඩොලර්වලට යටවී 2015 ජනවාරි 8හංස ගීතය සමග ජ, වී. පෙ වැඩ කළා.මේ පින්ගුත්තරයින්ගේ දේශපාලන දැක්මක් නැත.
Ajith NissankaWednesday, 23 May 2018 02:31 PM
එතකොට මහින්ද මහත්තයා ගරු සංඝරත්නය ඉදිරියේ ජවිපෙ සමග විධායකය අහෝසි කරනවා කියලා ගිවිසුම් ගැහුවේ අදත් පාර්ලිමේන්තුවට ගෙන ආ ජවිපෙ යෝජනාවට පක්ෂපාතී අදහස් පළකරන්නෙත් ඩොලර්වලට යටවෙලාද? පවුම්වලට යටවෙලාද? එහෙම නැත්නම් කබරගොයා හදිස්සියේ තලගොයා වෙලාද?
kalani Tuesday, 22 May 2018 09:52 AM
එජාපය විසින් විධායක ජනාධිපතිධූරය හඳුන්වාදීමත් සමග ආචාර්ය එන් .එම්. පෙරේරා වැනි කීර්තිධර නායකයින් එම ධුරයේ ඇති බියකරු බව පෙන්වා දුන්නේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රීලනිපයේ මතය විමසා එයට එරෙහි වුවාය. එපමණක් නොව චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිධුරය අහෝසි කරන බවට දින වකවානු දී පොරොන්දුවුවාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ,වත්මන් ජනාධිපතිවරයාද මෙම ධුරය අහෝසි කරන බවට පොරොන්දු වුහ. හැට දෙලක්ෂයක් ජනතාව මෙන්ම මහින්ද මැතිතුමාට ජන්දය දුන් ජනතාවද එම ධුරය අහෝසි කල යුතුය යන මතය දැරුහ.සබුද්ධික දේශපාලන කියවීමකින් තොර උස්පිලේ ඔපාදුපවල වැදගත් කමක් නැති බව තේරුම් ගන්න. සම්ප්‍රදායික පාට කන්නාඩිවලින් පෙනෙන්නේ සැබෑ ලෝකය නොව රැවටුන මායා ලෝකයයි.