IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදෙස් රැකියා දෙනවැයි පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට


 
විනීතා එම්  ගමගේ          

                                                   
විදේශ රැකියා ලබාදෙන පවසමින් කෝටි ගණනක් මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉංගිරිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මැලේසියාවේ රැකියාවක් අපේක්ෂාවෙන් මෙම කාන්තාවට මුදල් ලබාදුන් පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ශන වලින් පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.


මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම කාන්තාව එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


විදේශ රැකියා ලබාදීම සඳහා වන වලංගු බලපත‍්‍රයක් නොමැතිව මීට පෙරද මෙම කාන්තාව රැකියා සඳහා පුද්ගලයින් විදේශ ගත කර තිබෙන බවද අනාවරණය වී ඇත.


අත්අඩංගුවට පත් කාන්තාව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී බලපත‍්‍රලාභී විදේශ රැකියා ඒජන්සියක් මගින් විදේශ ගත වන ලෙසත් සියලූම විගමණික ශ‍්‍රමිකයින් විදේශ ගතවීමට පෙර ලියාපදිංචි විය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නීති ක‍්‍රියාත්මක කිරීමේ නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ, පොලිස් සැරයන් එස්.ජේ. පී. රවින්ද්‍ර, මාණ්ඩලික සහකාර සුනේත‍්‍රා විජේතුංග යන නිලධාරීහු මෙම වැටලීමට සම්බන්ධ වූහ.



අදහස් (0)

විදෙස් රැකියා දෙනවැයි පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site