( තිළිණි ද සිල්වා )
 
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹමින් දෙදින නිල සංචාරයක් සඳහා අද (08)   ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
 
මෙම සංචාරයේ දී විදේශ අමාත්‍යවරයා හෙට (09) දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.