IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදේශ ඇමැති ඇමෙරිකානු තානාපතිනිය කැඳවා විරෝධය පළ කරයි

( තිළිණි ද සිල්වා )
 
යුද  හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම තහනම් කරමින්  එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පැනවූ  තහනම සම්බන්ධයෙන්   ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා  තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය  අද (16) කැඳවා ශ්‍රී ලංකා රජයේ විරෝධය පළ කිරීමට  විදේශ  සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළේය.
 
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ හදිසි කැඳවීමකට අනුව ඊයේ දහවල් විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණි අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය  පැයකට ආසන්න කාලයක් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටී.

ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් රජය දැඩි විරෝධය  පල කරන බව  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමෙරිකා  තානාපතිනිය හමුවේ පවසා ඇත.
විශේෂයෙන්ම රටේ විධායක බලය හොබවන ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පත් කිරිම් සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයක් මේ අයුරින් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් දැඩි ගැටළු සහගත තත්ත්වයක් බවත්,  මෙය ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයට අනවශ්‍ය ආකාරයේ ගතත්ත්වයක් ඇති කරන බවද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී තානාපතිනියට පෙන්වා දී ඇතැයි විදේශ අමාත්‍යාංශය ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සි⁣ටී.

යුධ හමුදාපතිවරයාට එරෙහිව නගා තිබෙන චෝදනා වලට හේතු පාදක කර ගෙන තිබෙන කරුණු සම්බන්ධයෙන් නැවතත් විමසා බලන ලෙස මෙහිදී විදේශ සබදතා අමාත්‍යවරයා ඇමෙරිකා තානාපතිවරියට දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

අමාත්‍යවරයා ගේ එම කරුණු දැක්වීමෙන් පසු තානාපතිනිය සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ මෙම විරෝධය සම්බන්ධයෙන් තමන්ය වොෂින්ටනයට  කරුණු පැහැදිලි කිරීමක් කිරීමට තමන් කටයුතු කරන බවය.

එසේම ශ්‍රී ලංකා රජය සමග පවත්වා ගෙන යනු ලබන ආරක්ෂක හා අනෙක් සියලු ද්විපාර්ශික සබදතා බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඇමෙරිකාව හැමවිටම  අපේක්ෂා කරන බවද තානාපතිනිය වැඩිදුරටත් අමාත්‍යවරයාට කරුණු දක්වා ඇත.

මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වන සමයේ මානව හිමිකම් කඩකර ඇති බවට පිළිගත හැකි කරුණු ලැබී ඇතැයි කියමින්    ශ්‍රී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව  විසින්  ඉකුත් සිකුරාදා නිවේදනය කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබුවේ  අමෙරිකාවේ අදාළ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරන බවයි. 
එලෙස ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව විසින් එම තීරණටය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාල තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සබඳතා අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණි. 

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණූ දැක්වීමට ඇමෙරිකා තානාපතිවරිය ඊයේ විදේශ අමාත්‍යාංශයට කැඳවීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගත්තේය.

අමාත්‍යවරයා සහ ඇමෙරිකා තානාපතිනිය අතර පැවති සාකච්ඡාවට විදේශ සබදතා අමාත්‍යාංශ ලේකම් රිවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ ඇමෙරිකා තානාපති කාර්යාලටේ නිලධාරියෙකුද සහභාගී වී ඇතැයි පැවසේ.

මීට මාස කිහිපයකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැබු අවස්ථාවෙදීද එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සාම සාධක දෙපාර්තමේන්තුවෙන් දැඩි විරෝධයක් එල්ල කර අතර එවකට පැවති රජයද ⁣ කියා සිටියේ එම පත් කිරීම ලංකාවේ ස්වෛරී අයිතියක් බවය.

 



අදහස් (8)

විදේශ ඇමැති ඇමෙරිකානු තානාපතිනිය කැඳවා විරෝධය පළ කරයි

Raveendra Sunday, 16 February 2020 12:41 PM

මේ අපේ ඇමෙරිකන් අය වෙනත් රටවල විශේෂයෙන් මැදපෙරදිග රටවල එතකොට ඇෆ්ගනිස්තානයේ කරන්නේ යුධ අපරාධ නොවේ පිං අතේ වැඩ වෙන්න ඇති.

:       4       0

siri Sunday, 16 February 2020 01:03 PM

තානාපතිතුමියට දවල් තරු පෙනෙන්න ඇති.

:       0       8

Chathuri Sunday, 16 February 2020 01:06 PM

මෙහෙමයි වෙන්න ඕන. බලයයි ආයුධයයි අතට ගත්තම මමයි රජා කියල සේරම මරලා සල්ලිකාර රටකට පනිනවා. පවුල් පිටින් පනින්න පෙර සිත බලලලා ඇමරිකාව ගත තීරණය ඉතා හොඳයි. තව ඉන්නවා මෙවැනි අය. ඒ අයටත් ඔය දඩුවම දෙන්න. යුරෝපා හැම රටක්ම මේ තීරණය ගන්න අසරණ ජනතාව වෙනුවෙන්.................

:       0       19

Nadeeka Sunday, 16 February 2020 07:43 PM

ඉතා හොද පියවරක්‌, අගය කල යුතුයි

:       0       0

බණ්ඩයියා Monday, 17 February 2020 01:40 AM

ඇමෙරිකන් තානාපතිනිය දැක්ක ගමන් අපේ අය බය වෙන්න ඇති.

:       7       49

Wimal Monday, 17 February 2020 04:54 AM

ආචාර්ය උපාධිය සදහා ඇමෙරිකාවට යන්න උත්සාහ කරන සමහර සිසුන්ටත් මේ තානාපති කාර්යාලයෙන් විසා ලැබෙන්නේ නැති අවස්ථා බොහොමයක් තියෙනවා. එම සිසුන් ඇමරිකානු විශ්වවිද්‍යාල වලින් තෝරාගන්නේ ඔවුන් ඉතාමත් තරගකාරී විභාග වලට ලියලා. මමත් මේ ප්‍රශ්නයෙන් බැට කාපු කෙනෙක්. එම ප්‍රශ්නය ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ.

:       3       1

Ranga Saturday, 22 February 2020 10:12 AM

හොද වැඩක්. තවත් ගණිකාවෝ පිටරටවලට ගිහින් මුළු ලංකාවමත් එම රටවලුත් විනාශ කරනවා .ඒ සේරම ඒ රටවලින් ලගදීම පිටුවහල් කරනවා. ලංකාවේ හොද කෙනෙකුටවත් අද පිට රටවල තැනක් නැත්තේ ජරා ගණිකාවෝ නිසයි .

:       0       0

Bandara Saturday, 22 February 2020 10:18 AM

ආචාර්ය උපාධිය සදහා කියල ඇවිත් ගණිකා සේවනයේ යෙදුන ලංකාවේ ගෑනියක් නිසා මුළු ලෝකෙම ආචාර්ය උපාධි ගන්න එන ලංකාවේ යට තහනමක් පනවලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13522 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 114 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site