IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’වෛද්‍ය සැපයීම් අංශයට කෝටි 2764 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි’

(අජන්ත කුමාර අගලකඩ)

වෛද්‍ය සැපයීම් අංශයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2764 ක් පමණ වන බව අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

ඉන් රුපියල් කෝටි 1410ක්ම ඖෂධ සැපයීම් වෙනුවෙන් වන බිල්පත් පියවීමේ ණය බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සපයන සැපයුම්කරුවන්ට ද හිඟ බිල්පත් ගෙවීමට ඇති බැවින් සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව ඖෂධ සංස්ථා ආරංචි මාර්ග කියයි.

ඖෂධ සංස්ථාව ඖෂධ ආනයනය කිරීම සදහා රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් කෝටි 1800 ක පමණ ණය ලබාගෙන ඇති අතර එම ණය වෙනුවෙන් පොලිය වශයෙන් පමණක් රුපියල් කෝටි 7ක පමණ මුදලක් මාසිකව ගෙවීමට සිදුව ඇතැයි සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.

මේ තත්ත්වය තුළ අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් කෝටි 600 බැගින් වන ණය පහසුකම් ලබාගැනීමට පහසුකම් සලසන ලෙස ඖෂධ සංස්ථාව රජයෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (6)

’වෛද්‍ය සැපයීම් අංශයට කෝටි 2764 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි’

vidya Monday, 01 June 2020 07:15 PM

ණය දීමෙන් මිතුරත්, අඹුවත් නැති වේයි කියල පුරාණ කියමනක් තියනවනේ...

:       0       1

69 ලක්ශේ සිහිනය Monday, 01 June 2020 09:17 PM

ඔක්කොම දේශපාලනයයි, රාජ්‍ය පාලනයයි අනාගෙන. රජයේ සේවකයන් බහුතරයක් විශේෂයෙන්ම ඉහළ නිලධාරීන් තනිකර අතකොලු. මේ ආණ්ඩුව රට බාරගෙන දැන් මාස 6ක් ඉවරයි. එ් කියන්නේ අවුරුදු භාගයක්. දෙසැම්බර් 31 වනවිට ආණ්ඩුව බාරගෙන මාසෙකුත් වුණා. උඩබලන් හිටියද? අනෙක වාර්තා පත්තර ඇතුළු මාධ්‍යෙය් පලවුණු අත්‍යාවශ්‍ය ඖෂධ 300කට වැඩිය මගේ හිතේ හිඟයක් තියෙනවා කියලා. හිටපු අය හොඳනම් 69ලක්ශය රට බර දෙන්නේ නැහැනේ. ඔබලාට රටේ බෙහෙත් තිබ්බත් එකයි, නැතත් එකයි. රටේ සාමාන්‍ය ජනයට PCR පරීක්ෂණ කළත් එකයි, නැතත් එකයි. වටේ ඉන්න අයට පරීක්ෂණය නැවත නැවත සිදුකරලා හරි නුඹලා සමග රට කන්නන් හොදින් හිටියොත් ඇති. රාජිත දේශපාලන වශයෙන් පාලනය කිරීම තම උවමනාව. නැතිව මිනිහා කළ වැරදි ඇත්නම් දඩුවම් දීමක් ඕනිම නැහැ. දැන් මේ නිව්ස් එකේ අරමුණත් එකමයි. දේශප්‍රේමීකම්, සැමට එක නීතිය, සියල්ල විද්‍යාත්මක ක්‍රමවේදයට, රට විරුවෝ, රණ විරුවෝ, හැම ස්ලෝගන් එකේම තියෙන්නේ බොරුවයි.

:       106       355

SILATuesday, 02 June 2020 08:14 AM

එජාප අන්තවාදින් සහ කුහකකම...

:       156       50

Banda Monday, 01 June 2020 09:24 PM

තොන්ඩමන්ගේ ආදාහනය සමග අවසන් ගමන් ගිය 69 ලක්ෂයක් වූ අපගේ සිහින. සැමට එළිකළ මාධ්‍ය වලින් පුම්බන බොල් පිළිමවල සැබෑ නොහැකියාව...

:       31       106

චමින්ද Tuesday, 02 June 2020 12:46 AM

වෛද්‍ය සැපයීම් අංශයද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසකි. මෙම ගෙවීමට ඇති ණය රාජ්‍ය ඖෂධ නීතිගත සංසංථාවටය. එසේ වෙද්දී වෛද්‍ය සැපයීම් අංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි යැයි පැවසීම මට නම් ගැටළුවක් වගේ පේනවා..

:       0       4

jaya Tuesday, 02 June 2020 07:05 AM

දැන් ඉස්පිරිතාලෙට බේත් යන්නේ මෙහෙමයි එතකොට...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site