IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

(ඩයනා උදයංගනී)


වකුගඩු රෝග සායන පැවැත්වෙන කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල ඇතැම් ඖෂධ හිඟවීම හේතුවෙන් වකුගඩු රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටිති.
 
 සාමාන්‍යයෙන් මාසිකව පැවැත්වෙන සායනවලදී රෝගියාට මසකට අවශ්‍ය ඖෂධ ලබාදෙන අතර මාස කිහිපයක සිට පවතින ඖෂධ හිඟය හේතුවෙන් එම ඖෂධ නිසි ලෙස ලබාදීම සිදු නොවේ.
 
මේ හේතුවෙන් තමාට අවශ්‍ය ඖෂධ සඳහා මසකට රුපියල් 40,000ක පමණ මුදලක් වැය කරමින් ඖෂධ ලබාගැනීමට සිදුව ඇති බව වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ රෝගියෙක් ලංකාදීපයට පැවසීය.
 
උදාහරණයක් ලෙස ගතහොත් වකුගඩු බද්ධ කළ රෝගීන් ඇතුළු රෝගීන්ට දෛනිකව අවශ්‍ය එම්.එම්.එෆ් (මයිකොෆිනොලේට් මොෆිටිල්) නැමති ඖෂධය වර්තමානයේදී මසකට ලබා නොදෙන අතර ලබාදෙන්නේ සතියකට පමණි.
මේ හේතුවෙන් දුර බැහැර සිට සතිපතා රෝහලට පැමිණීමට සිදුව ඇති බව රෝගීහු පවසති.
 
එලෙස ඖෂධ ලබාගැනීම සඳහා අද (21) දිනයේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග සායනය වෙත පැමිණි රෝගීන්ට හා එදින නියමිත සායනයට පැමිණි රෝගීන්ට ආපසු යාමට සිදුවූයේ එම ඖෂධය නොමැතිව හිස් අතිනි.
 
එම ඖෂධය ඔසුසල්වල රුපියල් 290ක් වන අතර පෞද්ගලික ඖෂධ වෙළ`දසැල්වල රුපියල් 300ත් 350ත් අතර මිලක් වේ.
           
ඔසුසල්වල පවා අද (21) දිනයේදී ඖෂධය නොමැති බව වාර්තා විය.
 
එමෙන්ම පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලින් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ තමන් සතුවද මෙම ඖෂධය නොමැති බවයි.
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඒ.ටී සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ සමාගම්වලින් එම්.එම්.එෆ්  ඖෂධයේ මිල ඉහළ නැංවීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ගැටලූව ඇතිවූ බවයි.


මේ වන විටත් රුපියල් 200ක් පමණ වන මෙම ඖෂධයේ මිල රුපියල් 400ක් පමණ දක්වා වැඩිකිරීමට සමාගම් උත්සාහ කළ අවස්ථාවේ රුපියල් 35ක මිලකට ටෙන්ඩර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා ආරම්භ කළ බවත්, එම කාලයේ එක් ටෙන්ඩරයක් අවලංගුවීම හේතුවෙන් මෙම හි`ගය ඇතිවූ බවත් ඔහු සඳහන් කළේය.
           
කෙසේ වෙතත් මේ වන විට ඖෂධ සමාගම් එම ඖෂධය රුපියල් 55ක මිලකට ලබාදීමට එකඟවීම හේතුවෙන් ටෙන්ඩර් කැඳවා ඇතැයි කී නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා තවත් දෙසතියකින් පමණ රෝගීන්ට මෙම ඖෂධය හිඟයකින් තොරව ලබාදීමට හැකි වනු ඇතැයි ද කීවේය.



අදහස් (0)

වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 827 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site