(ඉන්දිකා රාමනායක)

මියන්මාර සරණාගතයින් පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරෙමින් එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයකු ඔක්තෝබර් 09 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්   මොහොමඩ්  මිහාල් මහතා අද( 30) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරනු ලැබූවේ ඊයේ (29) අත්අඩංගුවට ගනු ලෑබූ මොරටුවේ පදිංචි ඩිෂාන් චමිරුවන් රුද්‍රිගු නැමැත්තාය.

⁣සැකකරු කොළඹ අපරාධ විමර්ශන  කොට්ටාසය විසින් ඊයේ බම්බලපිටියේදි අත්අඩංගුවට ගනු ලැබ අද ගල්කිස්ස මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.