ටෝනි කරුණනායක
කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි රාජ්‍ය රූපවාහිනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇප දීමට මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (18) නියම කළේය.
රුපියල් 1000 බැගින් වු මුදල් සහ රුපියල් 75,000 ක් බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරිණි.
ඉකුත් 9 වැනිදා රාත්‍රී වත්තල, එඩේරමුල්ල ප්‍රාදේශීය කායවර්ධන ශිල්පියකුට පහර දී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රියශාන්ත මහේෂ් නිශ්ශංක යන මාධ්‍යවේදී නිවේදකයා සහ ඔහුගේ වැඩිමහල් පුත් තනුජ කාවින්ද නිශ්ශංක (24) යන දෙදෙනාට මෙසේ ඇප නියම විය.
සිද්ධියට සම්බන්ධ ඇප මත සිටින නිවේදකයාගේ බාල පුතු ද අද (18) අධිකරණ හමුවේ පෙනී සිටියේය.
අධිකරණයෙන් ඇප නියමවු සැකකාර නිවේදකයාට සහ සැකකාර පුතුන් දෙදෙනාට නැවත ඔක්තෝබර් 22 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
අපි මේ සිද්ධිය දන්නේ නැහැ. මහේෂ් කියන්නේ ඉතා සංවේදී චරිතයක්. ඔහු මෙවැනි දෙකට සම්බන්ධ වීම පුදුමයක්...
මහේෂ් නිස්සංක සැබවින්ම සංවේදී චරිතයක්. ගීතයක රසභාව හෙළිකරමින් ඔහු ඉටුකරන කාර්ය හමුවේ මෙම සිද්දිය හරිම කණගාටුයි.
මට නම් කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගියා... කොච්චර ලස්සනට රූපවාහිනී වැඩ සටහන කරනවද?
සෙනෙවි වුණාට තමන් පාලනය කරගන්න බැරිවීම තදබල දුර්වලතාවයකි.
අදහාගන්න බැරි පුවතක්... පුද්ගලික ප්‍රශ්නයක්ද?
ටිවී වැඩසටහන් ලස්සනට ඉදිරිපත් කරනවා. ඒක හැකියාව දක්ෂකම... නළුවන්ගේ වුණත් ඇතුලාන්තය කව්රුත් දන්නේ නැහැනේ.
ඕනෑම මනුෂ්‍යයෙක් ඇතුලේ රාක්ෂයෙක් ඉන්නවා කියන්නේ මේකට තමයි. මේක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්....
නිවේදකයෝද අද නළුවෝය! බොහෝවිට ජනප්‍රියත්වය නිසාම හිස උදුම්මාගන්නා පිරිසක්....මෙයද එසේ වන්නට හැකිය.
වැඩසටහන නම් සාපේක්ෂව ලස්සන වෙන්න ඇති. නමුත් ඔයාලට තේරෙන්නේ නැත්ද මෙයාගේ මේ ලස්සන ඇතුලේ වයස , තරාතිරම නොබලා එන අයගේ පුද්ගලික "ආදර " සම්බන්ධතා හාර අවුස්සලා බලන්නේ නැත්ද මෙයා. සමහර අය අන්ත අසරණ වෙනවා.