IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


රාජිතට කටඋත්තර නැතිව ගිය හැටි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල මහතා පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක හා සෞඛ්‍යල පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීහු අදහස් විමසූහ. එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් සහ කැබිනට් ප්‍රකාශක සේනාරත්න මහතා අතර ඇතිවූ දෙබස පහත පරිදි වේ.

මාධ්‍යවේදියා - බරපතල මූල්‍ය චෝදනා දෙකකට අත්අඩංගුවට පත්වූ අනුරුද්ධ පොල්ගම්පොල මහතා රාජ්‍ය  දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. මේ වගේ නිලධාරීන් පත්කරලා ජනාධිපතිතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද?
 
අමාත්‍යවරයා - එතුමා තමයි මටත් විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කලේ. 
 
මාධ්‍යවේදියා - ජනාධිපතිවරයාට, නිදහස් පක්ෂයට මැතිවරණයට සහය දුන් අයව ඉහළ තනතුරු වලට පත්කිරීමද? යහපාලනය කියන්නේ
 
අමාත්‍යවරයා - සාමාන්‍යයෙන් මේ වගේ ඉහළ තනතුරු සඳහා පත්කරන්නේ තමන්ට පාක්ෂික අයෙක් තමයි
 
මාධ්‍යවේදියා - ඔබතුමාලා කථා කරන්නේ විද්‍යාත්මක පදනමක් මත  ඇමැතිධූර දෙනවා, සභාපතිධූර දෙනවා කියලා. ඒත් මේ අවස්ථාවේ විද්‍යාත්මක පදනමක් භාවිතා කර තිබේද?
 
අමාත්‍යවරයා -  විද්‍යාත්මකව සුදුසුකම් බලලා පත් කළ නිලධාරීන්ද මේ වගේ චෝදනා වලට ලක්වෙලා තියෙනවා. 
 
මාධ්‍යවේදියා - අනුරුද්ධ පොල්ගම්පොල මහතා දෙවරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ජවිපෙ මන්ත‍්‍රීධූරයෙන් ඉවත් කර තිබෙනවා. මෙවැන් පුද්ගලයෙක් ලත්කිරීම සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරනවාද?
 
අමාත්‍යවරයා -  ඔව් අපි මේ ගැන හොයා බලනවා.
 
මෙම අවස්ථාවට අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියද සහභාගී වී සිටි අතර මාධ්‍යවේදීන් ප‍්‍රශ්න ඇසීමට සූදානම් වන විට කාලය ප‍්‍රමාණවත් නොවන බව පවසමින් අවස්ථාව මඟහැරියාය.

 

වීඩියෝ දර්ශන නැරඹීමට පහත ලින්ක් එක වෙත යොමුවන්න

https://www.youtube.com/watch?v=UUFebHHQGVM

 



අදහස් (11)

රාජිතට කටඋත්තර නැතිව ගිය හැටි

Buddika Wednesday, 09 May 2018 07:56 AM

මෙයා බැසිල්ට හේත්තුවෙලා ඇති පදමට හොයා ගත්තා......ආණුඩු මාරු වෙද්දී අනික් පැත්තට පැන්නා..

:       2       20

vernon Wednesday, 09 May 2018 08:00 AM

අපි නම් කට උත්තර නැති වෙනවා කියන්නේ උත්තර දෙන්නෙ නැතිව ඉන්නකොට. මෙතන උත්තර දීලානේ.

:       15       45

Nuwan Wednesday, 09 May 2018 08:16 AM

චෝදනාවක් විතරයි නේ. දඩුවම් විදල නෑනේ. ඕන් ඔහොම තමයි කියන්නෙ.

:       0       29

Raveendra Wednesday, 09 May 2018 08:24 AM

මේ මොන අම්බරුවෙකුටවත් තම තමන්ගේ හෘද සාක්ෂියට අනුවනම් සැමවිටම කටඋත්තර නැතිව යනවාම තමා.

:       0       45

kalani Wednesday, 09 May 2018 08:27 AM

සත්‍යය ඉදිරියේ නිහඬවීම සුදුසුය.

:       0       43

kalani Wednesday, 09 May 2018 08:27 AM

සත්‍යය ඉදිරියේ නිහඬවීම සුදුසුය.

:       82       38

RaveendraWednesday, 09 May 2018 10:38 AM

කළණි මිය වෙත, ඔබ අදහස් කරන්නේ මේ පුද්ගලයා සැමවිටම, සෑම තැනකම මහහඬින් තප්පුලනවා කියා නේද?

:       32       290

dasunWednesday, 09 May 2018 11:04 AM

මෙහෙම අයට අපහස කරන්න එපා

:       121       0

sigithi Wednesday, 09 May 2018 11:34 AM

කට ඇරියොත් කෙප්පමයි වමාරන්නේ.. මේ තරම් කයිරාටික අය ලෝකයේ කොහෙවත් නැතුව ඇති...

:       0       132

de silva Wednesday, 09 May 2018 02:54 PM

පාතාල නායකයින් කප්පම් එකතු කරන්නේ ගෝලයෝ දමලා, ඒවගේ තමයි ලොකු ලොකු දේශපාලකයෝත් කප්පම් එකතු කරන්නේ ගෝලයින් යොදවලා, ඔය කියන විදහට විද්‍යාත්මක පදනමක් මත උගත්, අවංක, විනයගරුක මිනිසුන්ට ඔය තනතුරු දුන්නහම කොහොමද කප්පම් එකතුකර ගන්නේ?

:       0       27

td Wednesday, 09 May 2018 08:52 PM

කැබිනට් ප්‍රකාශක තනතුරත් වෙනස් කිරීමට කාලය පැමිණ ඇත. සමහර දිනවල මධ්‍යය වේධීන් පැමිණීමටත් පෙර කැබිනෙට් ප්‍රකාශක පැමිණ ඕපාදුප කියයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1711 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site