IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘රොකට් මෑන්’ මරාගෙන මැරෙන මෙහෙයුමක - ට්‍රම්ප්

උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවැසීය. 
 
පිලිපීනයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ප්‍රථමයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ඒ බව පැවැසීය. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා සතියක කාලයක් ආසියාවේ සංචාරය කිරීමට නියමිතය. අද (23) ජිම් මැටිස් පිලිපීන ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු තායිලන්තයේ හා දකුණු කොරියාවේ ද සංචාරය කිරීමට නියමිතය. 
 
උතුරු කොරියාවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ තම මිතුරු රටවල් සමඟ සාකච්ඡා කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කීය. 
 
එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා මෙසේ ආසියාවේ සංචාරයක යෙදෙන්නේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ආසියානු සංචාරයට පෙරය. පසුගිය සති කිහිපයක කාලයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර වාග් යුද්ධයක් ඇතිවිය. දෙදෙනාම උණුසුම් අදහස් ප්‍රකාශ කළහ. එක් අවස්ථාවකදී ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකය ‘රොකට් මෑන්’ (රොකට් මිනිසා) යනුවෙන් හඳුන්වා දුන්නේය. උතුරු කොරියානු නායකයා මරාගෙන මැරෙන මෙහෙයුමකට ප්‍රවේශ වී ඇතැයි ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය. 
පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතූ ඇමෙරිකා ජනාධිපතිවරයා ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ මිතුරන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් උතුරු කොරියාව විනාශ කරන බවට ද තර්ජනය කළේය. 
 
අද දිනයේදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ජපානයේ හා දකුණු කොරියාවේ ඔහුගේ ධුරයට සාමන ධුර දරන්නන් හමුවීමට නියමිතය. ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම්ධුරය අනෙක් රටවල ආරක්ෂක අමාත්‍යධුරයට සමාන වේ. 
‘ආසියාන්’ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවක පිලිපීනයේ පැවැත්වෙන අතර එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ඊට ද සහභාගී වීමට නියමිතය.
 
055



අදහස් (3)

‘රොකට් මෑන්’ මරාගෙන මැරෙන මෙහෙයුමක - ට්‍රම්ප්

පිටිගල මිලානෝ Monday, 23 October 2017 12:02 PM

මේ පුවත ලංකාවේ කටින් රොකට් යවන කෙනෙක් ගැන නෙවෙයි නේද? මාතෘකාව දැක්ක ගමන් හීන් දාඩිය දැම්මා.

:       11       186

Ruwan Tuesday, 24 October 2017 04:33 AM

චීනෙන් යවපු ඔය කියන රොකට් එකේ කොන්ට්‍රෝල් එක නැතිවෙලා අදට වසර දෙකහමාරක් විතර වෙනවා. මම හිතන විදියට නැවත ඒ රොකට් එකේ කොන්ට්‍රෝල් එක ලංකාවේ අයටනම් ඕන නැති පාටයි.

:       2       166

සෙනෙවි Tuesday, 24 October 2017 07:00 AM

ඇමරිකාවේ "වියරු මිනිසා " තමයි රොක්ට් මෑන්ව කුලප්පු කලේ .

:       31       409

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site