(සිරාජ් හසීම්)
යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හෝ මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.
අතුරුදන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් වව්නියාවේ සිදුකරගෙන යන අඛණ්ඩ විරෝධතාවට එක්වෙමින් ආනන්දන් මහතා මේ අදහස් පලකර සිටියේය.
“වව්නියාව දිස්ත්‍රීක්කයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් දින 80කටත් අධික කාලයක් විරෝධතාවේ නිරත වෙනවා“ “දෙමළ ජනතාවගේ පිහිටෙන් බලයට පැමිණි මේ ජාතික ආණ්ඩුව අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. එය ඉතා කණගාටුදායක වගේම රිදුම්දෙන කරුණක්. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන්නැයි බලකරලා 7400ක පිරිසක් වෙන් වෙන් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි බාර දී තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන සම්මත කරගත් පසුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. අතුරුදන් වූවන් ජීවතුන් අතරද නැතිද යන ප්‍රශ්නයට රජය පිළිතුරු දෙන්න ඕනෑ“ යැයි ආනන්දන් මහතා කීවේය.
COMMENTS
මේ අතුරුදහන් වුණා කියන වැඩිදෙනෙක් ජර්මනිය, කැනඩාව, ඉතාලිය සහ අනිකුත් රටවල් හොදට ජීවත් වෙනවා... සමහර අය ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර පවා දැන් අරගෙන තමා මෙහේ ඉන්නේ ....
ඕක අහන්න ඕනේ ප්‍රභාකරන්ගෙන් ජනාධිපතිගෙන් නෙමෙයි. තව ක්‍රමයක් තමයි යුරෝපා, ඇමරිකා සහ ඉන්දියාවෙන් ඒ පැතිවල තමයි අතුරුදහන් වුණා කියන 90% ක්ම ජිවත් වෙන්නේ...
හමුදාවේ අතුරුදන්වු දහස් ගණනක් අය ගැන අහන්නේ කාගෙන්ද? කියන්නේ කාටද?
යුද්ධය කාලයේ මායිම් ගම්මානවල අතුරුදන් වූ සිංහල, දෙමළ, මුස්ලිම් සිවිල් ජනයා ගැන අහන්නේ කාගෙන්ද? කියන්නේ කාටද? දෙමළ අය විතරද අතුරුදන්? නෑ. සමහර සිංහල, මුස්ලිම් අය අදටත් අතුරුදන් සැබෑවටම...
යුද්දේ ඉවරකරපු නිසානේ අද මේ අය ඔහොම ප්‍රශ්න කරන්නේ. නැත්නම් අදටත් දරුමල්ලන් යුද්දෙට ඇරලා බලන් ඉන්නවා.