සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක
නිවසක් තුල රහසිගතව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම් ප්‍රදේශයේ දී අද (03) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.
නිවසක් තුල මහා පරිමාණයෙන් ගිනි අවි නිශ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාළයක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිනි අවි නිශ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ අයකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.
සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක් , බඳින තුවක්කු හතක් , තුවක්කු සෑදිමට ගන්නා බට 12ක්, ටි.56 මූණිස්සම් කිලෝ දහයක් , වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් හා කියත් , අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
බෙහෙත්කොටන තුවක්කුවක් රුපියල් 10000 මුදලකටත්, බඳින තුවක්කුවක් රුපියල් 5000 මුදලකටත් සැකකරු විවිධ පුද්ගලයින් වෙත අලෙවිකොට අති බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මොහුගේ දැනුම සහ හැකියාව ප්‍රයෝජනයට ගෙන මිසයිල නිර්මාණය කරමු. බැරිවෙන එකක් නැ.
මේකට නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනි.
මේ මිනිසාගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න.
නීතිය අනුව නම් වරදක් තමයි. මොහුගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න ඕන. කලිනුත් ඔය වගේ සිද්ධියක් වුනා මතකයි.
මේ යන විදියට තව ගියොත් මෙහෙත් ඔයවගේ නිෂ්පාදන බිහිවෙලා ආපහු 71 සහ 88 -89 වගේ යුග බිහිවෙන්න බැරි නැහැ . තරුණයෝ ත්‍රී වීල් රස්සාවට යොමුකරවල රටේ ප්‍රශ්න විසඳන්න අමාරුයි ඒ තත්වයට රට තල්ලු කරන්නේ මේ දේශපාලකයෝ ම තමයි
ලංකාවට එපා නම් උතුරු කොරියාවට මේවා විකුණන්න. හොද ගානකට ගනියි.
මෙරට ගිනිඅවි නිපදවන්නන් දිරිමත් කරමු කියන ඔබගේ දැනගැනීම පිණිස - ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අවි පිලිබඳ ජිනිව සම්මුතීන් අනුව අපට කිසි සේත්ම ගිනි අවි නිෂ්පාදනය නවීකරණය අඩුගානේ උණ්ඩයක් වෙනස්කිරිමක්වත් කරන්න අවසර නැහැ
මෙය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ කියයිද ?
ඔත්තුව ලැබුණු නිසානේ ගියේ.... නොලැබුණා නම් දන්නේ නැහැ. මොකුත් කියන්න එපා සංහිඳියාවට බාධාවක්.
තව තව කොටි නිදහස් කරමු. එතකොට හරිනේ...
තව වැඩකට ලෙස්ති වෙනව වගේ....
ප්‍රභාකරනුත් හරි දක්ෂයෙක්. අපේ පාර්ලිමේන්තුවට රිංගාගෙන ඉන්න 8 පාස් නොවුණු අයත් මොන පැත්තකින් හරි දක්ෂකමක් පෙන්නුම් කරනවා. කරන්න දෙයක් නැත්නම් සෙංකෝලය හරි උස්සාගෙන සභා ගැබ වටේ දුවනවා. මුලතිව් වල ආයුධ හදන මේ පුද්ගලයාත් කෙරුවේ කුමක් වුණත් දක්ෂයින් ගොඩට ඇතුලත් වී හමාරයි. මේ හැමෝම පුනරුත්ථාපනය කිරීම කාලීන මෙන්ම ජාතික අවශ්‍යතාවයක්. සංහිඳියාවට කලින් එය සිදු කළ යුත්තක්.