(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන්නට ඇතැයි සැකකෙරෙන ආයුධ තොගයක් සොයා අද (22) උදෑසන කැනීමක් ඇරඹුහ.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි පිමක් පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් කැනීම් ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් මේ දක්වා අදාළ ස්ථානයේ සිදු කළ කැණීම් වලදී කිසිවක් හමු වී නොමැති අතර අද සහ හෙට දිනයේදී කැනීම් කටයුතු සිදු කිරීමට පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් පියවර ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාරන හාරන කිසිම තැනක ආයුද නැද්ද? කමක් නැහැ අඩුම ගන්නේ දැන් පදිංචිවෙලා ඉන්න කට්ටියට නිකම්ම ඉඩම හාල දෙන එකත් හොඳයිනේ.
ඕක හාරන්න ඉස්සරවෙලා ස්කනේර් යන්ත්‍රයකින් පරික්ෂ කරලා බැලුවනම් ලේසි නැද්ද ? මෙහෙම දෙයක් වත් නොහිතන අපේ නිලධාරියෝ මෝඩ නිසාද ? එහෙම නැත්නම් මට පිස්සුද ?