(දයාරත්න ඇඹෝගම)
මගේ පළාත් සභාවේ මන්ත්‍රිවරු 34 දෙනෙක් ඉන්නවා. උන් ටික හිටපු ගමන් මට මොනවා හරි ලෙඩක් අදිනවා.ඒ වේලාවට මම උන්ට මොනවා හරි රස්සාවක් දෙකක් දීලා එහෙම නැත්නම් පාරක් කොන්ත්‍රාත් කරගන්න රුපියල් ලක්ෂ දහයක් විස්සක් දිලා ෂේප් කර ගන්නවා. මේ ගමන යන්න ඔනි කවුරුත් ෂේප් කරගෙන‘ යැයි ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර කළාවැව ආසන බල මණ්ඩල රැස්විම අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින් දිසානායක මහතා ආසන සංවිධායක ධූරය හොබවන කළාවැව ආසනයේ ශ්‍රී.ල.නි.ප බල මණ්ඩල රැස්විම තඹුත්තේගම ශ්‍රී.ල.නි.ප පක්ෂ කාර්යාලයේදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.
‘මම ඉන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හෙට ජන්දයක් තිබ්බත් මමයි- නිමල් ඇමතිතුමයි ඉල්ලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. නිමල් ඇමතිතුමාට දැන් අවුරුදු 73 ක් විතර වෙනවා, මට අවුරුදු 48 යි.මම නිමල් ඇමතිතුමාට ගවු ගණනක් පහළින් ඉන්නේ.හැබැයි ජන්දේදී මට නිමල් ඇමතිතුමාට වඩා ඉස්සරහට යන්න පුළුවන්.
මම ඉතින් මරණයක් මෝචරියෙන් එළියට එන කොට මළගෙදරට යනවා.මම මෝචරියෙත් එකෙක් දාලා ඉන්නේ මරණය යන තැන මට කියන්න කියලා. මොකද මට මළ ගෙදරට යන්න.ඒ නිසා මම දුවනවා, පනිනවා. මම ඔනෑම මඟුල් ගෙදරකට, මළ ගෙදරකට සහභාගි වෙනවා. ඒවායේදී කොල්ලොත් එක්ක මම වෙන වෙන දේවල් පාවිච්චි කරනවා, මට යාලුවෝ ඉන්නවා.මනාප ජන්දෙකදී මට ඉස්සරහට එන්න පුළුවන්.ඒක බැරි වෙන්නේ නෑ.
හැබැයි රට පාලනය කරන නායකයෝ බලන්න ඕන දැන ගන්න ඔනේ චාමරද - නිමල් සිරිපාලද සිල්වාද.කවුද ජ්‍යෙෂ්ඨයා කියන එක.
එහෙම දෙයක් තමයි මේ උතුරු මැද පළාත් සභාවේ වුණේ. චන්ද්‍රසේනලාගේ මල්ලි රංජිලාට තව කාලයක් තිබුණා මහඇමති වෙන්න.රංජි මනාප ටිකක් වැඩියෙන් ගත්තා, ඒ ගත්ත විදිහ කථා කරන්න ඕන නෑ, මම ඒක දන්නවා.වටේටම බාධාවන් දාගෙන, තනිකරම අරලියගහ මන්දිරේ කැම්පේන් එක ඒ පැත්තට හරවලා වැඩ කළා.ඒක වෙනම කථාවක්.ඒ වෙලාවේ මනාප ටිකක් ගත්ත පළියට මහ ඇමතිකම දෙන්න නෙමෙයි තිබුණේ.
දැන් කියනවා උතුරේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ ජන්දයි, මුස්ලිම් මිනිස්සුන්ගේ ජන්දයි නැති නිසා පැරදුනා කියලා.මම ඒ ජන්දයේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බරට වැඩ කලා.ඒ ජන්ද ප්‍රථිපලය වුණේ මෛත්‍රී මහත්තයා ලක්ෂ 62- මහින්ද මහත්තයා ලක්ෂ 58 හැට දෙකෙන් දෙකක් අඩු වුණාම 60 යි, 58 ට දෙකක් එකතු කළත් 60 යි, ජන්ද ලක්ෂ 2ක ප්‍රශ්නයක් තිබුණේ.
මම ජන්දය ඉල්ලලා මහ ඇමති කෙනෙක් වුණ කෙනෙක් නෙමෙයි.මම පළාත් සභාවට ඉල්ලුවා, මම දෙවැනියට මනාප ගත්තා.තව අවුරුදු 10 කට පස්සේ හම්බෙන්න ඕන එකක් තමයි මට මේ 10 කට කලින් හම්බ වුණේ.ඒ ජනවාරී 08 වැනිදා මම වැඩ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණ නිසා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ තමයි අපේ පළාතේ මහ ඇමති හැටියට ආවේ 2009, එතකොට මහඇමති හිටියේ සොයිසා මහත්තයා, එයාව පොඩ්ඩක් පැත්තකින් තියලා මෙයාට දුන්නා.ඒ දීලා පළවැනි එකේ ගැහුවා එක් ලක්ෂ තිස් හය දහසක්.මුළු ලංකාවේම මැති ඇමතිවරු ඌවට ගිහින් වැඩ කළා.එහෙම කරලා ඌව මහඇමති ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂව පත් කළා. සාටකේ බැන්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි.
මමත් නෝනාත් එක්ක ලේකම් කාර්යාලයට ගිහින් හිටියා. මම නෝනගේ කනට කරලා කිව්වා "අද මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ බාප්පා වුණා නම් මටනේ ඕක දාන්නේ "කියලා.එහෙම දීපූ පළාත් සභාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ හෙලිකොප්ටරෙන් එන්න පටන් ගත්තා, ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙඩි නොවදින කාර් දෙකක් තිබුණා මහ ඇමතිට, ආරක්ෂක රථ හතරක් යනවා පිටිපස්සෙන්, ඔහොම තමයි පළාත් සභාව පටන් ගත්තේ.‘
COMMENTS
වඩේ එහෙම දෙන්නේ නැත්ද? කොහොමද වැඩ. රස්සා දෙන්න, පාරවල් කොන්ත්‍රාත් කරන්න දෙන්න මේවා ඒගොල්ලන්ගේ බුදල්ද? මහජන මුදල් අවභාවිතය කරනවා.
හරි ප්‍රශ්නයක් තමයි මේක මුන්ට බැනලා වැඩක් නැහැ විලි ලැඡ්ජාව ගෑවිලාවත් ආත්ම ගෞරවයක් කියන දෙයක් දන්නෙම නැහැ.ඒක නිසා කොච්චර බැන්නත් කොච්චර හාසයට ලක්කරත් ගාණක් නැහැ.ඊට පස්සේ ඡන්ද දායකයා ගැනත් එහෙමමයි. කොපමණ හොරෙක් උනත් මොන අපරාධකාරයෙක් උනත් ඊළග පාරත් ඡන්දය දෙනවා. මේ රටට මොකද වෙන්නේ ඊළගට අපි මොකද කරන්නේ.අපිත් හැමදාම මුන්ට බැන බැන ඉන්න එකද කරන්න ඕනා.
ඉස්සරහට මොනවා උනත් මේපාර ගෙදරට වෙලා නිදහසේ ඉන්න පුලුවන් බව කතාවෙන් ඔප්පු වෙනවා
ඔන්න අපේ මහාජන නියෝජිතයෝයැයි කියන දේසපාලුවන්ගේ සුපිරි කථා.මෙයාට ලෙඩ අදින අයව ෂේප් කරගන්න අනුගමනය කරන ක්‍රමය කිසිම හිරිකිතයකින් තොරව ප්‍රකාශ කරන විධිය.මෝඞ ඡන්දදායකයෝ ඉන්නකම් මේවැනි අයට හැමදාම ඉස්සරහාට යන්න පුළුවන් තමයි.
ඔන්න ඕක තමා ඌව පළාතේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම මේ වගේ මිනිස්සු පත් කරලා යැවීම...සුබ අනාගතයක්
මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ, මේ ප්‍රකාශයෙන්ම ඔප්පුවෙනවා, මෙයා පගාව දීගෙන තනතුරේ ඉන්නවා කියනඑක. මේ වගේ නුසුදුසු පුද්ගලයෝ ඉන්නකොට කොහොමද රටට අවශ්‍ය දේ කෙරෙන්නේ. තමුන්ගේ තනතුර බේරගන්න, පළාත් සභාවේ මුදල ලක්ෂ දහය , විස්ස බෙදුවම. මෙයාම නේද විදුහල්පතිනියකට කියල බලෙන් වන්දවාගෙන පරිප්පුවක් කෑවේ. එකෙන්ම පෙනෙන්නාව, මෙයාලගේ තියෙන හිනමානේ තරම.
දෙවි හාමුදුරුවනේ, මෙන්න ඇත්ත කියන දෙස්පාලුවෙක් හම්බවුනෝ! හැබැයි, ඉතින් නොකියපු කොටස ඔයිට වඩා භයානක බවත් අපි දන්නවා.
රස්සා කොන්ත්‍රාත් දීල ෂේප් කරනවා වගේම, තමාට ආචාර නොකරපු ගුරුවරු දනගස්සමින් දඬුවනුත් දෙනව නේද.
ශ්‍රී ලංකා පොළව තුළ ඔඩුදුවන කාලකන්නි දේශපාලන තුවාලය මොනතරම් පිළිකුල්ද?
මේ අය හිතාගෙන ඉන්නේ අම්ම අප්පාගේ සල්ලිවලින් ඔය වැඩ කරනවා කියලා. අපි පාන් ගෙඩියටත් පරිප්පුවලටත් ගෙවන බදු සල්ලිවලින් ඔක්කොම ගසාකනවා මදිවට වේදිකාවලට නැගල පම්පෝරිත් ගහනවා. ලංකාවට පළාත්සභා අවශ්‍ය නෑ. පිරභාකරන් සතුටු කරන්න රජීව් ගාන්ධි අපට දුන්නු මේ පළාත් සභාවලින් රජ සැප ගන්නවා මේ කාලකන්නි...
මෙහෙම කතා අහලත් මෙයාලාට ඡන්දෙ දෙන මිනිස්සු අපේ රටේ ඉන්නවානේ... අපි කොච්චර මෝඩ ජාතියක්ද?
අපේ බදු සල්ලි හූරගෙන කකා පිස්සු කෙලින අයට හොඳක් නම් වෙන්නේ නැහැ.
අපේ රටේ හරක් බලාගන්නේ මිනිස්සු හැබැයි රට බලාගන්නේ මී හරක්. හොඳ වෙලාවට මම මේ පින්බිමේන් පැනගත්තා.
ඔන්න එෆ්සීඅයිඩී එකට වහාම ගන්න ඕන කෙනෙක්. දැන් දුමින්ද මේක අහලා නිකම් ඉන්නද හදන්නේ.
" දුටුවා නොවෙද ? අනුවණකම කතාවේ " " ඇඟ ලොකු, පුංචි මොලයකි ඔහු ගෙනාවේ " " වලිගය නොමැති ගවයෙකු මේ වෙලාවේ " " උම්බෑ කිය කියා දෙකොනින් හිනාවේ "
ඔබගෙන් කොන්තරාත්, රැකියා ගෙන ශේප් වෙන මන්ත්‍රීන් 34 ට ජවිපෙ දෙන්නත් ඉන්නවාද? එහෙම නම් කරුණාකර රටට හෙළි කරන්න.
අනේ අම්මපා මේ වගේ ඔලමොට්ටල රැලක් නේද ඉදිරියට රට පාලනය කරන්න ඉන්නේ.. කැත නැතිව කියන හැටි. මේ අයට ඡන්දෙ දෙන මෝඩ ජනතාවට පහදලා දෙන්න ක්‍රමයක් නැහැනේ. මොලයක් තියෙන කෙනෙකුට මෙයාගේ කතාව අහපුවාම නිකන්ම තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා..
ආ මේ අර විදුහල්පතිනිය දණගස්වපු පොර නේද? ඔන්න වෙලාව මහජන මුදල් අවභාවිතය... රංජන් මන්ත්‍රී තුමා යහපාලනයට කැමති නම් අදිමුද පොඩි කොක්කක්... අල්ලස් කොමිසමේ මහත්වරු දොයිද? ළඟට ගිහිල්ලා ආරාධනා පත්‍රයක් නොදුන්නොත් මේ වගේ සිද්ධියකදී ක්‍රියාකරන්න ඒ ගොල්ලන්ට බලයක් නැද්ද ඇත්තටම... දැනගන්නයි අහන්නේ...
ඇග තිබ්බට මොලේ කඳුලක් නැතෝ්.........
හරිම දුකයි මේ රටේ මිනිසුන්ගේ අනාගතේ ගැන.. මේ වගේ අය මේවට යවන්නේ, අපේ මිනිසුන්ට මොලේ අැත්තේම නැද්ද..? රටේ ඉන්න ජරාම මිනිස්සු ටික ඡන්දය දීලා දේශපාලනයට යවනවා.. මිනිසුන්ගේ වැරැද්ද.. රට ඉවරයි... කොච්ච්ර හොඳ මිනිස්සු ඉන්නවද? රට බාරගන්න ඒ මිනිස්සු දෙශපාලනය පළාතක එන්නේ නැහැ.. පැත්තකට වෙලා ඉන්න..
මෙහෙව් අයද රටේ පාලකයෝ වෙලා තිබෙන්නේ...? මෙහෙව් රටක් තමයි මෙතැන තව ලිපියක ස්කැන්ඩි නෙවියන් රටවල් සමග සංසන්දනය කරන්න හදන්නේ...
මේවගේ දේශපාලකයන්ව පක්ෂයෙන් දාන ඒ පක්ෂවල නායකයෝනුත් වරදයි. මේවගේ අයට ඡන්දෙ දෙන ඡන්ද දායකයොත් වරදයි. ලංකාවේ ඡන්ද දායකයාගේ දේශපාලන පිළිබද දැනුම ඉතාම පහල මට්ටමක තියෙන්නේ. පාසල් අධ්‍යාපනයේ ඉදන් වෙනස් වෙන්න ඕනේ අපේ අධ්‍යාපනය. ලංකාවේ මිනිස්සු බහුතරයක් කොච්චර නූගත්ද කියල තේරෙන්නේ දියුණු රටක ජීවත් වෙනකොට. අපි ලොකුවට කියනවා සාක්ෂරතාවයෙන් අපි ගොඩක් ඉහලයි කියල. ඒ කියන්නේ තමන්ගේ නම ලියන්න කියවන්න දැනගත්තට වැඩක් නැනේ. තමන් දකින කියවන දේවල් තාර්කිකව විශ්ලේෂණය කරලා නිවැරදි තීරණයක් ගන්න ඉගෙනගෙන නැතිනම්. පෙන්නේ නැද්ද ගණිතය විෂය අසමත් ගාන. පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිලට බනින්න ඕනේ නමුත් සමස්තයක් විදියට ලංකාවේ චින්තන වෙනසක් දැනුමේ වෙනසක් සහ වරදානයක් ඇතිවෙන්න ඕනේ.
කියන හැටි, ජනතාව නිසි පිළිතුරු දිය යුතුයි.
අපිට හොඳ වෙලාවට වඩා අපේ රට ගැන හිතමු. ඒ නිසා අපි පිටරට ඉඳලත් හැම තිස්සෙම ලංකාවට එන නිසාත් අපේ ලංකාවේ ඉන්න ලාංකිකයන් වෙනුවෙන් අඩු ගානේ මේ පගා මරුවාවවත් ආණ්ඩුවේ බෝඩිමට අරිමු.
අනේ මේවගේ හිවලෙක්.
ගව පාලනය පෙරට ....!
මම කිසිවෙකුට ඡන්දය නොදෙමි. ජනතා පරමාධිපත්‍ය අයිතිය කොයිතරම් වටිනවා උනත් මුළු කොළයටම කතිරයක් ගසා අවලංගු කරගන්නා මගේ පරමාධිපත්‍ය මට රත්තරන් වටිනවා.
හොද වැඩේ මේ අයට ඡන්දේ දෙන අයට ලැජ්ජාවක් ගෑවිලාවත් නෑනේ.....