(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා දින 90 ක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබා දුන්නාය.
මර්සලින් තෝමස් නම් මෙම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව කියන්නේ මෙයා මානසික ලෙඩෙක් කියලා. ඒත් මෙයා රැකියාවක් නොකර ලංකාවේ අවුරුදු ගණනක් ජීවත් උනේ කොහොමද සල්ලි කොහින්ද?
ඔහු ඔය තර්ජන තියෙනවා කියලා කිව්වා කියන්නේ සිංහලෙන්ද?
නූතන ඉන්දියාවෙන් අපිට ලැබුනේ ඔක්කොම කරදර විතරයි. හිතාගෙන ඉන්නේ අපි ඔවුන්ට ඕනේ විදියට ඉන්න ඕනේ කියලා. මේවා ඉතාම බරපතල කාරණා. රටක අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත්වීම.
මෙම සිධියෙන් පෙනෙන්නේ අපේ බුධි අංශවල දුර්වලතා. මෙහෙම ප්‍රශ්නයක් වුනහම ඉක්මනින් රහසේ සොයාබල පියවර ගන්නේ නැතුව ඔක්කොම විස්තර පත්තර වල දමල මුළු රටම කලබල කරලා වැඩ කරන්නේ.
පිස්සු ඇක්ට් එකක් දැම්මනම් මෙයා ගොඩ.
වෙන ක්‍රමයක් නැති නිසා ජනතාවගේ අනුකම්පාව ගෙන ඡන්ද මංකොල්ල කන්න කරන මෙහෙයුමක් කියලා දැන් පැහැදිලි වේගන එනවා. කාව බිල්ලට දීල හරි ඡන්ද පදනම වැඩි කරගන්නයි හදන්නේ. අනේ වාසනාවන්.