( රොමේෂ් මධුෂංඛ)
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් වන නීල් කවනාග් මහතා සහ එම අංශයේම ජෝවිතා අරුලානන්දන් මෙනෙවිය ඇතුළු පිරිසක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වුහ.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි මහතා පිළිගැනීමෙන් පසුව මූලස්ථාන ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පවතවනු ලැබීය.
එහිදී යාපනය දිස්ත්‍රීක්කයේ පවතින ආරක්ෂක තත්වය හා යුද හමුදාව විසින් කරනු ලබන සංවර්ධන හා සංහිදියා වැඩසටහන් සම්බන්ධයෙන්ද යුද හමුදාව විසින් සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඉදිකරණු ලබන නිවාස ව්‍යාපෘති හා සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නිදහස් කිරීම සමබන්ධයෙන් බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිස දැනුවත් කිරීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් පියවර ගෙන ඇත.


COMMENTS
සංචාරය කරන්න ඕන නේන්නම්. තවම අපි යටත්විජිතයක් හැටියට මේ ගොල්ලෝ හිතාගෙන ඉන්න හින්ද.
සංචාරය කලාට කමක් නැහැ.නමුත් ඒ අයට හොඳින්ම පහදා දිය යුතුයි " මේ රට නිදහස් රටක්, ඒ වගේම ඔබලා සංචාරය කරන්න යන්නේ ලෝකයේ දුෂ්ටම ත්‍රස්තවාදීන් වන කොටි යටත් කරගෙන හිටපු ප්‍රදේශයක්. ඔවුන්ට ලෝකයේ පොහොසත් යයි කියන රටවල් හැම අතින්ම උදවු කළා .නමුත් අපිට හිතවත් රටවල් කිහිපයක අධාරයත් ඇතිව අපේ හමුදාවට අපේ රට ත්‍රස්තවාදීන්ගේ ගලවාගන්න හැකිවුනා ,වගේමයි ලෝකයේ එකම රට ත්‍රස්තවාදීන්ව සම්පුර්ණයෙන්ම විනාශ කරලා දමාපු. " කියලා.