(මනුල වික්‍රම)
මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකකින් තරග වැදි සමාන ජන්ද සංඛ්‍යාවක් ලබාගත් එකම පවුලේ බාප්පා හා පුතා වූ දෙදෙනෙකු වෙනුවෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.
එසේ සිදුවී ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හම්මිල්ලෑව කොට්ඨාසයේ එජාප අපෙක්ෂක සුරංග රත්නායක හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක අනුර ප්‍රභාත් රත්නායක යන අපේක්ෂකයින්ටයි.
මේ දෙදෙනාම ඡන්ද 1681 බැගින් ලබාගෙන තිබිණි.
සුරංග මහතා ප්‍රථම වරට ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වූ අතර වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.අනුර මහතා එම සභාවේම හිටපු සභාපතිවරයෙකි. ඇති වූ සමාන තත්ත්වය මත අදාළ කොට්ඨාසයේ මන්ත්‍රිවරයා තේරීම සඳහා අනුරාධපුර තේරීම් බාර නිලධාරී ආර්.එම්.වන්නිනායක මහතා අදාල පක්ෂවලින් බලය පැවරූ නායකයින් හා සාකච්ඡා කර කුසපත් අදින ලදී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පැවැත්මට කෙරෙන ප්‍රෝඩාවක්. කොයි පැත්තට ගියත් අන්තිමට වාසිය පවුලට.
කොහොම හරි පාවලා ගොඩයන්න තමයි හදන්නේ...
කව්ද ඉතින් දිනුවේ? බාප්පද, පුතාද?
පක්ෂ දෙකකින් නම් කොහොමද කුසපත් ඇද්දේ ? මේක බොරුවක්.