
(නිමල කොඩිතුවක්කු)
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.
බිත්තර තොග මිල රුපියල් 22 ක් තරම් ඉහළ මිලකට පත්ව තිබීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ මේ සම්බන්ධයෙන් ඔවුන් අද (07) සාකච්ඡා කළ අතර එහිදී කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩී. එම්. එස්. දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවුරුදු 5 ඉවර වෙන්න කළින් ලංකාවේ සියලුම කුඹුරු ගොඩකරලා 100% පිටරටින් හාල් නොගෙනාවොත් තමයි පුදුමේ...!!!
කොහොමත් අපේ ලංකාවේ අය පිටින් ඔක්කොම එනකම් තමයි උඩබලන් ඉන්නේ. මහ අය පරගැතියන්ට ආවඩද්දී පොඩි අය ඒ අයට කඹුරන එක අහන්න දෙයක් නෙමෙයිනේ..
බිත්තරයක්වත් හදාගන්න බැරි රටක්ද මේක?
දෙන්නමයි තියෙන්නේ. රුපියල් 2ක්ම අඩුත් කළානේ. රුපියල් 2ක් කියන්නේ කොස් ඇටද? කජු ඇටද?
එහෙනම් කුණු බිත්තර කන්න ලෑස්ති වෙන්න, දැන් හොඳද.?
එහෙනම් ඉතින් බිත්තරයටත් වැඩේ හරි කියලා හිතගමුකෝ.
අපේ තෙල් ආකර වලින් සල්ලි උතුරන විදිහට ඕක මොන කජ්ජක්ද?
ඇල්පෙනෙත්තක් පවා ලංකාවට පිටරටින් ගෙන්නන කොට බිත්තර පිටරටින් ගෙන්නන එක පුදුමයක්ද?
ලංකාවේ බිත්තර ඇමැති කෙනෙක් නැති පාඩුව පේන්නේ දැන් තමයි.