
(නිමල කොඩිතුවක්කු)
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.
බිත්තර තොග මිල රුපියල් 22 ක් තරම් ඉහළ මිලකට පත්ව තිබීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ මේ සම්බන්ධයෙන් ඔවුන් අද (07) සාකච්ඡා කළ අතර එහිදී කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩී. එම්. එස්. දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.