සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන්නැනයි ආණ්ඩුවට බල කරන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.
අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල් තබන අවස්ථාවේ දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීවේය.
‘පළාත් තුනක ඡන්දය මේ වන විට කල් ගිහින් තියෙනවා. සැප්තැම්බර් මාසය වන විට උතුර,මධ්‍යම හා වයඹ පළාත් සභාවල නිල කාලය අවසන් වෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ ගැන වචනයත්වත් තිබුණේ නෑ’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා නඩු විභාග ඉවර කරනකල් ඉන්න, ඇයි හදිස්සි ?. වැරදි කරලා නැතිනම් චෝදනා වලින් බේරිලා ඔප්පු කරන්න මහත්තුරු වගේ තමන්ගේ නිර්දොශීබව. මොකද ඡන්දය දෙන ජනතාව දැනගන්න ඕනා මේ වංචා ගැන, . එතකොට ඡන්දය දෙන්නේ කොයි වගේ කෙනෙකුටද කියලා ඡන්දදායකයා දන්නවා. රට යහපත් දේශයක් කරමු .
රටට හෙන ගැසුවත් හොරුන්ට ඕනෙම ඡන්දමයි ..