IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පළාත් කිහිපයක වැසි සහිත සුළං තත්ත්වය 20 වැනිදා තෙක්

(ඩයනා උදයංගනී)

පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහ තද සුළං තත්ත්වය මෙම මස 20 වැනිදා පමණ වනතුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ලසහ මාතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරියක් පැවසුවාය.
 මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසිද, කුරුණෑගල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර  50 ක පමණ වැසිද ඇති විය හැකි බව ඇය සඳහන් කළාය.


සෙසු ප‍්‍රදේශවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ඇය ප‍්‍රකාශ කළාය.


එමෙන්ම වයඹ, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර 60 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරිය පැවසුවාය.


            දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 - 70 පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප‍්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද ඇය කීවාය.


            එබැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

පළාත් කිහිපයක වැසි සහිත සුළං තත්ත්වය 20 වැනිදා තෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site