(ආරියරත්න රණබාහු කෑගල්ලේ සිට)
ප්ලාස්ටික් පොලිතීන් තහනමට එරෙහිව විරෝධතා පෙළපාලි ගිය එකම රට ශ්‍රී ලංකාව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) කෑගල්ලේදී පැවසීය.
ජනාධීපතිවරයා මේ බව පැවසුයේ කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ පැවැති කෑගල්ල දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි.
හෙටට (05) යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ජාතික උත්සවයද ඊට සමගාමීව පැවැත්විණි.
ජනාධීපතිවරයා මෙසේද පැවසීය.
පරිසර ඇමැතිවරයා ලෙස මා 2006 වසරේදී නිකුත් කළ ප්ලාස්ටික් පොලිතින් තහනම පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.
එය 2006 වසරේ සිට ක්‍රියාත්මක නොවී තිබුණා. දැඩි නීතී රීතී දාලා ක්‍රියාත්මක කළ මේ තහනමට විරුද්ධව පොලිතීන් නිශ්පාදකයෝ සහ පිටරටින් පොලිතින් ගෙන්වන අයත් ඒ යගේ සේවයන් සහ මේ පිළිබඳව නොදන්නා පිරිස් නොමග යවා මහපාරට බැස විරෝධතාවයේ යෙදුණා.
( ඡායාරූප - ඉෂාන් සංජීව)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිතීන්, ප්ලාස්ටික් තහනම ගැන කතාකරන එතුමා මල් පැලයට වතුර දමන්නේ ප්ලාස්ටික් බඳුනකින්... ගොවි පුතෙක් කිව්වාට පැලයට වතුර දමන්නේ පැලයට වඩා ගැඹුර වලකට බැහැලා ..
ඉතින් ඒ පෙළපාලි වලට රටේ නායකයා බයේ වෙව්ලපු නිසා තමයි අදටත් ලංකාවේ පොලිතීන් කෑම කොළ සහ මළු විකිනෙන්නේ. නායකයාගේ කියුම් කෙරුම් දිහා බලපුවාම කඩ අයිතිකරුවන්වත් පොලිතීන් නිෂ්පාදකයින්වත් නායකයට පොඩ්ඩක්වත් බයක් නැහැ. ඔවුන් දන්නවා රටේ නායකයා දැන් කියනදේ දැන් වෙනස් කරන කෙනෙක් බව...
යමක් නොකළ යුතු ආකාරයට කළවිට එවැනි විරොධතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්ලාස්ටික් හා පොලීතීන් තහනම් කරන විට ඊට විකල්ප හඳුන්වා දෙන්න වෙනවා. එහෙම නොවුණාම මිනිසුන් විරොධතාවලට යන්න වෙනවා. තමන්ගේ අඞුපාඩු තේරුම් අරන් ඒවා හදා ගන්නේ නැතිව අනුන්ට චෝදනා කරන දුර්වල මිනිසුන්....
රටේ මුල් පුරවැසියාගේ කතාව නම් සහතික ඇත්ත බව කිවයුතු වන අතර ඒ සඳහා රටක් හැටියට, රජයක් හැටියට විකල්ප පිළිබඳව කිසිදු සඳහනක් නොකිරීමත් ඔහුගේ දැනුම් සම්භාරය පිළිබඳව නැවත වරක් ඉස්මතු වෙන බවත් කිව යුතුමයි.
කළ යුත්තේ තහනම් කිරීම නොව මිල වැඩි කිරීමයි. පොලිතීන් බෑගයක් අවම වශයෙන් රුපියල් දහයක් නම් මිනිස්සු නැවත භාවිතයටත් විකල්ප සඳහාත් යොමු වෙනවා.
හැමතැනම ප්ලාස්ටික්, පොලිතින් මිශ්‍ර කුණු ගොඩවල්... රටක් නොවෙයි අපායක්.... සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. කඩේ යන විට බෑග් එකක්, බත් එකක් ගන්න යනකොට ගෙදරින් අැහුරුමක් අරන් යා යුතුයි. අපි වගේ...
අතිගරු ජනාතිපතිතුමනි, ඔබතුමා ඔබට ලැබෙනා සියලුම අවසථාවන් කාට හෝ චෝදනා කරන්න භාවිතා කරන්නේ ඇයි? වරෙක හිටපු ජනාතිපති මහින්ද මහතාට අගෞරව කරයි. නැත්නම් අගමැති රනිල් මහතාට. වරෙක ව්‍යාපාරකයින්ට. නැත්නම් වෘත්තිකයින්ට. කවුරුත් නැත්නම් ජනතාවට සහ සිවිල් සමාජයට. ඔබතුමා අතීතය බැලුවා නම්, මහින්ද මහතා ඔබට වසර 9ක් අමාත්‍ය ධුරයක් දී, එක දවසක් හෝ ඔබව විවේචනය කළාද? රනිල් මහතා ඔබව එජාප ඡන්ද වලින් සහ ඉන්දියානු/ ඇමරිකානු සහයෝගයෙන් ජනාධිපති කළා පමණක් නොව, පසුගිය වසර 3 මාස 5 ට වචනයකින් හෝ ඔබේ හිත රිද්දුවාද? රට...ට ගියාත් ඡන්දය දුන් ලක්ෂ 62ක් වන අප, ඔබට විරුද්ධව කැරලි ගැසුවේ නෑ නේද? කරුණු එසේ නම්, ඔබ සැවොටම බැන බැන ඉන්නේ ඇයි? ජනතාව වන අප, ඔබට බනින්නේ නැත. නමුත් 2015 ජනවාරි 08 කල මෝඩ කම් කරන්නේ නැත. කලයුතු දේ 2018 පෙබෙරවාරි 10 කර ඇත. ඉදිරි මැතිවරණයන් වලදී අප කරන්නේ එයමයි.
පෙළපාලි ගියේ වෙන කවුරුවත් උදම් අනන්නේ වෙන කවුරුවත්
අනා ගෙන කෑ රටකට විරුද්දව පෙළපාලි නොගිය එකම රට ලංකාව යනුවෙන් වෙනස් විය යුතුය
ජයවර්ධන , ප්‍රේමදාස , රාජපක්ෂ යන ජනාධිපතිවරු කවදාවත් තම ආණ්ඩුවේ ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට බැන බැන රටවටේ ගියේ නැහැ..... හොඳින් හෝ නරකින් වැඩ කරන තැනට කටයුතු කලා, ඔබතුමාගේ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නැහැ
විල්පත්තුව රැකගන්න බැරිවුණ මෙතුමාට ප්ලාස්ටික් ගැන මොන කතාද?
අනේ මන්ද ඇයි මේ නාහෙන් අඩන්නේ කියල. තමුන්නාසේ නේද රටේ නායකයා ?
තුට්ටු දෙකේ කථා නවත්තලා. ජනාධිපතිකෙනෙක් වගේ හිතුවොත් වැඩ කලොත් නරකද?
රුපියල බහිනවා , බදු මිල අහස උසට නගිනව, මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව දුක් විඳිනව. ඒව පේන්නෙ නැද්ද. නැත්තන් පත්තරේ බැලුවේ නැද්ද?
ඉහත ප්‍රතිචාර වලින් පෙනේනේ රටේ ජනතාව මෙතුමා ගැන ඇති කලකිරීමයි. ඒ තත්ත්වයට වගකිවයුත්තේ එතුමාම විනා අන් කවරෙකුවත් නොවේ. තමන්ගේ වගකීම් නොදැන අන් හැමටම දොස් කීමෙන් රටත්, තමනුත් අඳුරට වැටීම වැළැක්විය නොහැකියි............
පැලේ වලේ හිටවන්නේ නැතිව ඒක වල් ගැට්ටේ හිටවලා ජනාධි පතිතුමා පැලෙට වතුර දාන්න වලේ බැහැලා, නියම විහිලු කාරයෝ තමා පරිසරය වනය සංරක්ෂණය කරන්න රජෙයෙන් දාලා ඉන්නේ.
ජපනෙකුගෙන් රට ගැන ඇහුවොත් කියන්නෙම අපිරිසිදු කම ගැන .රේල් පාර දෙපැත්ත නගර අපායක් ලු .ඇත්ත .