(ක.ග කරුණාරත්න)
වී වගාව සඳහා යොදන මූලික පොහොර (මඩ පොහොර) මේ දිනවල වෙළඳපොලේ මිලදී ගැනීමට නැතැයි පොළොන්නරුවේ ගොවීහු කියති.
මේ හේතුවෙන් යල කන්නයේ වී වගා කිරීමට සිදුව ඇත්තේ මඩ පොහොර නොමැතිව බව ද ඔවුහු කීහ.
එසේ පොහොර නොයොදා වී වගා කිරීමෙන් වගාව නිසරු වීමක් මෙන්ම අපේක්ෂිත වී අස්වැන්න ලබා ගැනීමට නොහැකි වන බව ද ගොවි ජනතාව පෙන්වා දෙති.
රජය, කෘෂිකර්මය විෂය භාර ඇමැතිවරුන් වෙනස් කලාට ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු නොවෙනස්ව පෙර පරිදිම තිබෙන බවයි ගොවිහු වැඩිදුරටත් කියා පැවසීය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින පොහොර හිඟය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතාගෙන් පැවසුවේ ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර වර්ග සඳහා ගොවීන්ගෙන් මුදල් අයකරගෙන ගොවි සංවිධාන මඟින් එම මුදල් ගෙවා පොහොර ඇණවුම් කළ විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් එම පොහොර ලබාදීමට පියවර ගන්නා ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි.
ඇතැම් විට වෙළදපොලේ මේ දිනවල පොහොර හිඟයක් තිබෙන්නට ඉඩ ඇතැයි ද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවි පුතා රජ වුනාට ගොවි රජවරු අසරණ වෙලා.
මං හිතන්නේ අනික් පළාත්වලත් නැතුව ඇති... පක්ෂ නායකයන්ටයි, මාධ්‍ය කට්ටියටයි බෙදලා දුන්නාම ආයෙත් කොහෙද ගොවීන්ට ඉතුරු වෙන්නේ?