ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් ඉවත් කිරීමට සහ තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
දැනට පවතින බදු ක්‍රමයේ පවතින දුර්වලතාවන් සළකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ.
මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පහත සඳහන් බදු වර්ග සියල්ල ඉවත් කර තිබේ.
1) ගෘහස්ත භාණ්ඩ සහ සේවා මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද
2) රේගුවේදී අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හා ඒකාබද්ධ කෙරෙන අතර දේශිය ආර්ථිකය ආරක්ෂා කරනු පිනිස අදාළ බදු අනුපාතිකය 10% ක් කිරීම.
3) ආර්ථික සේවා ගාස්තු
4) බැංකු හා මූල්‍ය ආයතනයන් මත පැනවෙන හර බද්ද
5) කොටස් වෙළෙඳපොල මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද
6) ස්වාධිපත්‍ය දේපළ මත පැනවෙන වැට් බද්ද
7) උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද
8) පොලී ආදායම් මත පැනවෙන රඳවා ගැනීමේ බද්ද සහ අනෙකුත් මාදිලියේ රඳවාගැනීමේ බදු
9) ණය සේවා බද්ද
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රේල් වලින් පස්සේ වෙනස්වෙන එකක් නැහැ නේද ජනපතිතුමනි...?
බදු ඉවත් කිරීමෙන් අහිමිවන ආදායම කොහොමද හොයන්නේ කියලත් කිව්වා නම් තමා වටින්නේ..
රටේ ජනතාවට සහනයක්ම වේවා..!!! ගෝඨාභයට ජයක්ම වේවා..!!!
ඔහොම බදු අඩු කරලා රටේ වියදමට මුදල් හොයාගන්නේ කොහොමද? රෝහල් වලින් මුදලට බෙහෙත් ගන්න වෙයි ඔහොම ගියොත්... රජයේ සේවක පඩි ගෙවන්න විදේශ ණය ගෙවන්න තියෙන විදිය මොකක්ද?
බදු ඉවත්කරන එක ඉතා හොඳ ක්‍රියාවක්. හැමදේටම විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා නෙවෙයි. නමුත් ණය වාරික ගෙවන්නත් අමාරුයි කියලා ඊයේ පෙරේදාවක මහින්ද අමරවීර ඇමතිතුමා කිව්වේ මුසාවක්ද? කොයින්ද ඒවාට මුදල්? තවත් ඉඩම් කෑලි විකුණනවද? දන්නා විද්වතෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ජාතිය ගොඩනැගීමේ බද්ද අයකරන්නේ ව්‍යාපාරිකයින්ගෙන්... ඒක ජනතාව මත පනවන බද්දක් නෙමේ. ඒ වගේම ආර්ථික සේවා ගාස්තුව අයකළේ ඉහළම පිරිවැටුපක් ලබන ව්‍යාපාරිකයින්ගෙන්.. ඒකත් ජනතාව මත පනවන බද්දක් නෙමේ.. නමුත් රඳවා ගැනීමේ බදු අයින් කළ එක හොඳයි. උපයන විට ගෙවීමේ බද්ද (එයත් රඳවා ගැනීමේ බද්දක්) මාසික වැටුප රුපියල් 150,000ට වැඩි අයගෙන් අයකළ බද්දක්, ඒකත් ඉහළ පන්තියට දුන්නු සහනයක්.., නමුත් වැට් බද්ද 7%ට අඩු කරනවා කිව්වා... ඒක කරලා නෑ. අඩුකරපු බදු පොදුවේ ඉහළ පන්තියට දුන්නා... ඒක සහනයක්.
ඡන්දයක්වත් එනවා වත්ද?
අපට චීනය ඉන්නවා ඕනෑතරම් ණයට දෙන්න. ඔය කොළඹින් සින්නක්කර ඉඩමක් දුන්නම ඇති හිලව්වට...
රට විනාශකරන මේ ආයතන නිසිකලමනාකරණය තුළින් අහිමිවන බදු ආදායම (අඩුකළ) ලබාගත හැක විදුලිබල මණ්ඩලය, දුම්රිය, ශ්‍රී ලංකන් එයාලයින්, ඛනිජතෙල් සංස්ථාව...
සහන දුන්නොත් කොහොමද එහෙම දෙන්නේ කියලා අහනවා, නොදුන්නොත් කෝ සහන කියලා අහනවා. දේශපාලන කුහකත්වය කියන්නේ මෙන්න මේකටයි.
බදු සහන බදු ගෙවන අයට ඉතාමත් වාසිදායකයි. නමුත් යථාර්තය එසේ නොවේ. ආණ්ඩුව කුමක් හෝ මාර්ගයකින් බදු රැස් කරන්න සිදුවෙනවා. නැති වූ බදු අාදායම ගන්නේ කොහෙන්ද කිව්වොත් වඩා හොඳයි. මීට හේතුව රාජ්‍ය අයවැයේ අති විශාල කොටසක් වන බදු අාදායම නැතිවීම හිලව් කර ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. ඒවා මහාජනයාට අහිතකර නම් රටේ නැවතත් ප්‍රශ්න ඇතිවිය හැකියි.
බදු ඉවත්කරන එක ඉතා හොඳ ක්‍රියාවක්. හැමදේටම විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා නෙවෙයි. නමුත් ණය වාරික ගෙවන්නත් අමාරුයි කියලා ඊයේ පෙරේදාවක මහින්ද අමරවීර ඇමතිතුමා කිව්වේ මුසාවක්ද? කොයින්ද ඒවාට මුදල්? තවත් ඉඩම් කෑලි විකුණවද? දන්නා විද්වතෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.