බිඟුන් මේනක ගමගේ
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන වහාම පිළිතුරු සපයන්නැයි කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරියට නියෝග කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා එම කාරක සභාව වෙත යොමු කරන ලද පැමිණිල්ලට අදාළව මෙම නියෝගය කර ඇත.
ඒ අනුව අමාත්‍යංශ පිළිතුරු ලිපියේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාටත් කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවටත් යොමු කරන්නැයි එම කාරක සභාවේ ලේකම් ඉන්දිරා දිසානායක මහත්මිය විසින් දැනුම් දෙනු ලැබ තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාට ද සුදුසුකම්ලාභීන් විසින් පැමිණිල්ලක් කරන ලද අතර ඔම්බුඩ්ස්මන්වරයා විසින් ද ඒ ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ලැයිස්තුව දීපු නෝනාගෙන් නිදහසට කරුණු අහන්නේ නැද්ද? කැකිල්ලේ තීන්දු දෙන්නද හදන්නේ...?