රංජන් කස්තුරි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාලක සභා ඡන්ද විමසීමෙන් වර්තමාන උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබේ.
පෙර්රාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති එම ඡන්ද විමසීමෙන් මහාචාර්ය උපුල් බී දිසානායක මහතාට ඡන්ද 23ක් ලැබී ඇත. ඔහු සමඟ තරග කළ මහාචාර්ය සමන් ධර්මරත්න මහතාට ඡන්ද හතක් ද , මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ඡන්ද හයක් ද ලැබී තිබේ.
ඡන්ද විමසීමේ ප්‍රතිඵල පාලක සභාව මගින් සනාථ කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යැවෙන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය ජනාධිපතිවරයා වෙත යවනු ලබයි.
පාලක සභා ඡන්ද විමසීමෙන් ඉදිරියෙන්ම ලකුණු ලබා සිටින තිදෙනාගෙන් කෙනෙකු උපකුලපතිවරයා ලෙස පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙකුත් තියලා ප්‍රතිඵලත් කියලා තුන්දෙනාගේම නම් යවන්නේ ජනාධිපතිතුමා අමාරුවේ දමන්නද?
පේරාදෙණිය විතරක් නෙවෙයි ලංකාවේ හැම ජාතික සරසවියකම උපකුලපති තෝරන්නේ ඔහොම තමයි. පත් වුණා නම් තව කමක් නෑ. පාලක සභාවේ තීරණය පුවත්පතක පළ කරන්න තරම් දෙයක් නම් නෙවෙයි.
කැම්පස් ස්ට්‍රයික් ගැන කිසි කතාවක් නැහැ නිදහස් අධ්‍යාපනය යථාතත්ත්වයට පත් කරනු.!