IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පාදාගොඩ ‘ආමි ශිවා‘ අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ සමීපතම ගෝලයකු වූ පාදාගොඩ ‘ආමි ශිවා‘ නමින් හඳුන්වන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයෙකු නීති විරෝධි ගිනි අවි , අත් බෝම්බ ඇතුලු උපකරණ සමඟ අද (17) අලුත්ගම පාදාගොඩදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 

මීට සති කිහිපයකට පෙර අත්අඩංගුවට පත් මාකදුරේ මධූෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ගෝලයකු වූ ‘පාදාගොඩ බුෂියා‘ නැමැති සැකකරුගෙන් සිදුකළ දීර්ඝ  ප්‍රශ්න කිරීම් වලදී ලබාගත් තොරතුරු අනුව මෙම සැකකාර ‘ආමි ශිවා‘ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බ එකක් , බෝර 12 ෂොට්ගන් ගිනි අවියක් , සයනයිඩ් කරලක්, යුද හමුදාවට අයත් ආරක්ෂක ඇඳුමක් , ටී 56 උණ්ඩ 5ක් , මිලි මීටර් 9 උණ්ඩ හතක් , බෝර 12 ෂොට්ගන් උණ්ඩ පහක් , යුද හමුදා කැලෑ නිල ඇඳුම් කට්ටලයක් , සාමාන්‍ය නිල ඇදුම් කට්ටලයක් , සිතියමක් සහ 231 ක් වන බලසේනාවට අයත් ෆයිල් 03 ක් පොලිස් භාරයට ගත්බව පොලිසිය සඳහන් කළේය.

සැකකාර හමුදා සැරයන් මේජර්වරයා 18 වැනිදින අධිකරණයට ඉදිරිපත් කර දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය. 



අදහස් (2)

පාදාගොඩ ‘ආමි ශිවා‘ අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 September 2020 01:42 AM

හමුදාවෙන් පැන්න අය, එසේ නැතහොත් විශ්‍රාම ගිය සමහර අය, හමුදා නිලඇඳුම්, බෝම්බ, අවි ආයුධ රැගෙන රටේ පාතාලය හා අපරාධවල යෙදෙනවා. මොවුන් ගැන, මොවුන්ගේ විස්තර, මොවුන් ආයුධ ගෙනගියේ කෙසේද, ඒවාට හමුදාවේ තවත් අය සම්බන්ධද, තවමත් එසේ කෙරෙනවද, මේ හමුදා පුහුණුව ලත් අපරාධකරුවන් සොයා රටපුරා මෙහෙයුමක් හමුදාව විසින් දියත්කළ යුතුයි නේද? මේ තක්කඩි දාමරික මිනීමරුවන්ගෙන් අපරාධකරුවන්ගෙන් රට බේරාගත යුතුයි නේද කියා හමුදා ප්‍රධානීන්ට තවමත් සිතී නැත්තේ මන්ද? එසේ නොකරන්නේ අපේ රණවිරුවන් යන සංකල්පයේ පිහිටලාද?

:       0       0

Don Friday, 18 September 2020 10:47 AM

ඔහු ‘‘වීරෝදාර රණවිරු‘‘ කාණ්ඩයට අයිති කෙනෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site