(චමිල් රූපසිංහ)

රජය ඇතිවි ඇති ප්‍රශ්නවලට ඇහුම්කම් නොදෙන බවත් ඒවාට විසඳුමක් දිය නොහැකිව කට්ටි පනිමින් ඒවාට කතා කරන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

ඒ හිමියන් මෙසේ පැවැසුයේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් උන්වහන්සේ හමුවු අවස්ථාවේදීය.

සොරා පෙන්වා දෙන විට සොරා පෙන්වු කෙනා පසුපස රජය පන්වන බවත් සියලු දේ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත්  බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥානසාර හිමියෝ එහිදි පැවැසුහ.

‘‘නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව මින් පසු අප නිවෙනවා වගේම සමාජයත් නිවනවා. අපි සමාජයේ කෑ නොගහා අපි සතුව ඇති තොරතුරු මහානායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවලට ඉදිරිපත් කරනවා. ඉන් පස්සෙ ඒ කාරණා නායක හිමිවරුන් හමුවන්නට එන දේශපාලකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන්‘‘ යැයි ද ඥානසාර හිමියෝ සිරිවිමල හිමියන්ට එහිදී පැවසූහ.