වෙලින්ටන්හිදීය (රොයිටර්)
තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම බිළිඳා සමඟ රාජකාරියට පැමිණියාය.
අගමැති ධූරය හොබවමින් සිටියදී මාතෘ නිවාඩු ගත් පළමු නවසිලන්ත අගමැතිනිය වන්නේ ද ජසින්ඩා ආඞ්න්ය.
නවසීලන්ත අගමැතිනිය ගර්භණී සමයේදීද අගමැති ධූරයේ වගකීම් දරමින් කටයුතු කිරීම කාන්තා නායකත්වයේ ප්‍රගතිය පෙන්නුම් කිරීමේ සංකේතයක් යැයි බොහෝ දෙනා පෙන්වා දී තිබිණි.
ධුරය දරමින් දරුවකුට උපත දුන් දෙවැනි අගමැතිනිය වන්නේ ද ජසින්ඩා ආඞ්න්ය. ඊට පෙර බෙනාසීර් බූතෝ 1990 වසරේදී අගමැති ධූරය දරමින් සිටියදී දරුවකුට උපත දුන්නාය.
“දිනපතා දරුවාට කිරි දීම, නිදි කිරීම සහ දරුවගේ ඇඳුම් ගැන මම හැමතිස්සේම වද වෙනවා. සමහර වෙලාවට කිසිදු උනන්දුවක් නැති දේවල්වලටත් දැන් උනන්දුවක් ඇතිවෙලා. මං මේ දේවල් කරන්නේ පළවෙනි පාරට. හැම අම්මා කෙනෙක්ම මේ අත්දැකීමට මුහුණ දෙනවා. ඊට පස්සේ එය සාමාන්‍ය දෙයක්” යැයි රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් නවසීලන්ත අගමැතිනිය පවසා තිබිණි.
055

COMMENTS
ආඩම්බරයි අම්මේ ඔබ වැනි මව්වරුන් ගැන අසන්නට ලැබීමත්
අන්න එකට අපේ රටේ අම්මලා! අපේ ගමේ අම්මා කෙනෙක් දරුවෙක් ලැබිලා සති තුනකට පස්සේ ඔක්කොම දාලා අවුරුදු දෙකක කොන්ත්‍රාත් එකක් ලැබිලා රට ගියා.
මව් පදවිය අති උතුම් නමුත් පොවන්නේ දෙනුන්ගේ කිරි...
අපොයි අපේ සමහර අම්මලාට නම් මහගෙදර ඉන්න ඔක්කොම බවලතුන් ගෙන්නා ගෙන අහල පහල කාන්තාවන්ගේනුත් අතට පයට වැඩ කරවා ගත්තත් මදි. අපි මව් පදවියට ගරු කරන නමුත් පුළුවන්කම තිබියදීත් එදිනෙදා පුංචි වැඩක් කර ගන්න බැරි මව්වරු ඉන්නවා. මගේ නෝනාගේ නංගි ගෙදර හැමෝම හුරතල් කරලා බන්දලා දුන්නා. අන්තිමේ බබා ලැබුනාම අපේ නැන්දම්මා ගිහිල්ලා උදව්වට නැවතුනා මදිවාට අපේ නෝනා දවස ගානේ ගිහින් උයලා දීලා එනවා. නිකනුත් නෙවෙයි උදේට වැඩට එන්න පරක්කු වෙනවා කියලා කාර්යාල ප්‍රධානියාගෙන් බැනුම් අහගෙන.
ඇත්තෙන්ම අප මෙතුමියට සුබ පතනවා මෙලොව තිබෙන උතුම්ම සම්පත සමග තමන්ගේ මවුබිම වෙනුවෙන් තම යුතුකම ඉෂ්ටකිරීමට මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව. මේ තමයි නියම දේශපාලඥයින් යන වැදගත් වචනයේ අර්ථයෙන්ම ක්‍රියාකාරන උතුම් මිනිසුන්. අප රටේ දේශපාලඥයින් කියන්නේ මුළු රටම විනාශ කරන දේශපාලුවන්වීම මොනතරම් පාපයක්ද??? අවසාන වශයෙන් අප ඔබතුමියට ප්‍රර්ථනා කරනවා ඔබට ලැබුණු උතුම් දරු සම්පත සමග තමන් උපන් මවුබිමට එහි උන්නතිය සදහා සේවය කිරීමට සියලු ශක්තින් ලැබේවා !!!!
අපේ රටේ බබාලගෙ තාත්තලා, සීයලා පාර්ලිමේන්තු ගිහින් නිදි.
අපෝ ඕක මොකක් ද. ලංකාවේ මුළු පාර්ලිමේන්තුවේම ඉන්නේ බිළිදුන්නේ.
අපේ පාර්ලිමේන්තුවට හොඳ ආදර්ශයක්....
නවසිලන්තේ අම්මා වගේම අපේ ඈත ගම්මානවල අම්මලා අලුත උපන් බිලිඳා රැගෙන හේනේ, කුඹුරේ වැඩට යනවා. වෙනසකට ඇත්තේ ඔවුන් පිටුපස යන්නේ නැති එක. දුප්පත්කම, දේශපාලන බලය සහ අධිපති මතවාදය පිටුපස අපි යනවා.
ගෙදර බුදුන් අම්මා කියන්නේ මෙවැනි අයටයි....