(තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සමඟ සෑම විටම මිත්‍රත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාම චීනයේ අරමුණ වන අතර මෙරට නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියා සිටියි.
පසුගිය ජනාධිපතිවරණයේ දී චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටියි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු, සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියා සිටී.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑම රටක් මැදිහත් වීම චීනය ප්‍රතික්ෂේප කරන බවයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා සෑමවිටම දෙපාර්ශවය අතර පුළුල් සංවාදය, ඒකාබද්ධ දායකත්වය සහ දෙරටේ ජනතාව අතර ප්‍රතිලාභ බෙදා ගැනීමේ ස්වර්ණමය රීතිය මත පදනම් වන බවද චීන තානාපති කාර්යාලය කියා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගාව දුන්නා කියලා කියන්නේ නෑ................
චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය මගින් කොහෙද යන්නේ කියලා ඇහුවම මල්ලේ පොල් ජාතියේ උත්තරයක් දීලා තියෙන්නේ. අඩුම වශයෙන් මෙවැනි දූෂිත ගණුදෙනුවක් චීන සමාගම හා හිටපු ජනාධිපතිවරයා අතර සිදුවූවා දැයි පරීක්ෂා කිරීමට පියවර ගන්න.
චීන තනාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති මාධය නිවේදනය මගින් දී ඇත්තේ කොහෙද යන්නේ යයි ඇසුවීට මල්ලේ පොල් වර්ගයේ පිළිතුරකි...
ද්‍රව්‍යමය හෝ මුල්‍යමය පරිත්‍යාග කිරීම අතින් ලෝකයේ අන්තිම අඩියේ ඉන්නේ චීනයයි. ඔවුන් යමක් දෙන්නේ එයින් කිහිප ගුණයක වාසියක් ලැබෙන්නේනම් පමණකි.
දියවන්න ඔයේ මඩවගුරට යන්න අම්බරුවන් ඔච්චර පොර කන්නේ අතේ තියෙන තුට්ටු දෙක නැතිකර ගන්න නොවේ.. යන්න නිකමට කියන කියමන් නොවන බව අපි සැවොම දන්නා කරුණකි. එමෙන්ම මීයක් කඩන්නේ කකුල ලෙව කන්න නොවේ යන්නත් මතකයට නැගෙනවා.
අපිට හොඳ නායකයෙක් ලබුණුදාට අපේ තිබෙන හැකියාව, දක්ෂකම , අන්‍යයන්ට ගරුකිරීම, නිර්භීතකම, ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව... සමහරක් තේරුම් ගනීවි...
අපි පුංචි කාලේ කියපු කවියක්: " චීනා බුකු බුකු නයි නාරේ .. කොළඹට යන්නේ කොයි පාරේ!"
චීනේ දුන්නේ නැහැ කිව්වත් මහින්ද ගත්තේ නැහැ කිව්වත් අපේ යහපාලන උන්දලාගේ තියරිය අනුව එහෙම වෙන්න බැහැ ..අනිවාර්යයෙන් චීනේ දීලත් තියෙනවා මහින්ද අරගෙනත් තියෙනවා ..සාක්ශි තිබ්බත් එකයි නැතත් එකයි..පිටරට පත්තරයක් කිව්වා කියන්නේ ඇත්තම තමයි
"මුසාපාල" කියලා නම වෙනස් කළා නම් හොඳයි.
නිව්යෝක් ටයිම්ස් වාර්තාව පිළිබඳව එම පුවත්පතේම දැනට කොමෙන්ට් 138ක් පමණ වැටිලා තියනවා ලෝකය වටෙන්ම. දෙදෙනෙක් පමණ කියලා තිබුණා මේක පක්ෂග්‍රාහි කියලා. නමුන් සමහරුන් අහනවා පලකරන කරුණු අනුව පක්ෂග්‍රාහි වෙන්නේ කොහොමද කියලා. කියවන්න ලින්ක් එක හොයාගෙන... හැබැයි අනවශ්‍ය කතා කියලා අපේ නම කන්න එපා.
වැල් වටාරම් සහිතව වංගු යන්නේ නැතුව "ඔව්" ද "නැද්ද" කිව්වා නම් හොඳයි !!!
බොරු කියලා කියන්නෙත් නැහැ වගේ !!!
නාමල් බේබි කැට අල්ලනව ගත්තෙ නැහැ කියල... මේගොල්ලො ලිස්සල යන උත්තරයක් දෙනව.
චීනයේ කිසිම පුද්ගලික සමාගමක් නැහැ. ඔක්කොම පාලනය කරන්නේ කොමිනිස් ආණ්ඩුවෙන්. චීනු ලෝකයේ දුපත් රටවලට ගිහින් ආණ්ඩුවල මිනිස්සු අල්ලාගෙන පාගා දීල එම රටවල් විනාශ කරනවා.සම්පත් ඔක්කොම සුරාගෙන යනවා.
මෙහි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ චීන හාබර් ගිණුමින් “HPDP Phase 2” නමැති උප ගිණුමක සංඛේත නමකින් මුදල් ගෙවීම ගැන වචනයක් හෝ සඳහන් කර නැත. භික්ෂුවට මුදල් දීම ගැනද සඳහනක් නැත. ඒ කියන්නෙ ඒවා ඇත්තද ?
තානපතිටත් කීයක් දුන්නද ...අනේ මන්දා අබිද්ධස්ස කාලේ ....මී පැණිත්... තිත්තළු
චන්ද වැඩට සල්ලි දුන්නද නැද්ද කියන්නේ නැතුව "යන්නෙ කොහෙද මල්ලේ පොල්" වගේ කතාවක්නේ මේ කියල තියෙන්නේ. එකෙන්ම තේරෙනවා " නිව් යෝර්ක් ටයිම්ස්" කතාව ඇත්තක් බව.
දෙබසක්: මහත්තය පගාව එහෙම දීල තියෙනවද කාටවත්? මේ උන්නැහේ, භෞමික අඛණ්ඩතාවය ඉතාම වැදගත් මෙව්ව එකක්.
චීනය කිසිදාක වරදක් කලත් පිළිගත්ත රටක් නොවෙයි.
වැල් වටාරම් සහිතව වංගු යන්නේ නැතුව "ඔව්" ද "නැද්ද" කිව්වා නම් හොඳයිලු ඉතින් කව්රුත් චීන සමාගමින් සල්ලි දුන්නාද නැද්ද කියල අහල නැහැනේ. චීනය ගැන නම සඳහන් වී ඇති නිසා චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ඒකකය කියා තිබෙනවා අපි උඹලාගේ රටේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ද වන්නේ නැති බව. අපේ බාසාවෙන් කියනවානම් "උඹලා ඕනේ මගුලක් කොර ගනින් අපිව ගාව ගන්නේ නැතිව" කියලා.
සිරිමල් " නිව් යෝර්ක් ටයිම්ස්" කතාව ඔබ කියවුවාද? මහින්ද මහාතාගේ පිළිතුර කියවුවාද? ඒවා සංසන්දනය කලාද? ඒ කිසිවක් කලේ නැතිව ඔබ තීරණ වලට එනවානම් ඔබ කවුරු කියාලද ඔබ සිතන්නේ?
ණය මුදල් වලින් කොටසක් මහින්දට දුන්නු එක ප්‍රතික්ෂේප කරලා නැහැ.
චී නය = චීනය රාජ පක්ෂ සන්තක =රාජසන්තක(පක්ෂ) එමනිසා නය = රාජපක්ෂ සන්තක චි චි චි රාජපක්ෂ .... වැඩේ කැතයි හොන්දෙයි ...!