IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නොර්වුඩ් - කොටගල මත්පැන් අලෙවිසැල් කැඩීම සම්බන්ධ විමර්ශනයක් ඉල්ලයි

( රංජිත් රාජපක්ෂ  )                    

ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොර්වුඩ් සහ කොටගල යන නගර වල මත්පැන් අලෙවි සැල් දෙකක් කඩා එහි තුල තිබු මත්පැන් බෝතල් සොරාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක්  පවත්වා  එ පිලිබද ලබන මස 04 දිනට අධිකරණයට කරුණු වාර්ත කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා (15) දින හැටන් පොලිස් අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළේය.

නොර්වුඩ් සහ දිඹුල පොලිස් ස්ථාන විසින් එම පොලිස් බල ප්‍රදේශ දෙකට අයත් කොටගල සහ නොර්වුඩ් පොලිසියට අයත් පුලියාවත්ත  ප්‍රදේශයේ පසුගියදා මත්පැන් අලෙවිසැල් කඩා එහි තුල තිබු මත්පැන් බෝතල් සොරාගෙන ගොස් ඇති බවට එම පොලිස්  ස්ථාන විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (15) දින කරුණු වාර්තා කර තිබු අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කළේය.

විවෘත අධිකරණයේදි මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියේ ඇදිරි නිතිය පනවා තිබියදි අපරාධයක් සිදු විමට කිසිදු ඉඩක් නොමැති බවයි.

මත්පැන් අලෙවි සැල් කඩා කිසියම් පිරිසක් විසින් මත්පැන් බෝතල් රැගෙන ගියේ නම් එම මත්පැන් බෝතල් වතුකරයේ ඉතා අධික මිලකට අලෙවි කරන බවත්, මේ තුලින් වතු කම්කරුවන්ගේ පවුල් අතර ආරවුල් ඇති වි ඔහුන්ආර්ථික වශයෙන්ද ගැටළු රැසකට මුහුණපාන බවයි.

ඇදිරි නිතිය පනවා තිබියදි ආරක්ෂක අංශ නිලධාරින් රාජකාරියේ යෙදි සිටින අවස්තාවල මෙවැනි අපරාධ සිදු විමට කිසිසේත් ඉඩම නොමැති බවත්, මෙවැනි සිදු විම් තුලින් නිතිය හැල්ලුවට ලක් වන බවද මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියේය.

 

 

 

 

 



අදහස් (0)

නොර්වුඩ් - කොටගල මත්පැන් අලෙවිසැල් කැඩීම සම්බන්ධ විමර්ශනයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site