( ඞී.කේ.රත්න )
සොරණාතොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුට්ටියගොල්ල ග‍්‍රාම නිළධාරි වසමේ නාගොල්ල ගම්මානයේ නායයාමේ අවදානමක් මතුවීම නිසා එම ගම්මානයේ පදිංචි පවුල් 24කට අයත් සාමාජිකයින් 80 දෙනෙකුට අද (16) එම නිවාසවලින් ඉවත්වීමට උපදෙස් ලබාදී ඇතයි බදුල්ල පොලීසිය පවසයි.
මෙම ගම්මානයේ නිවසක් මතට ඊයේ (15) රාත‍්‍රීයේදී පස් කන්දක් සමඟ ගලක් පෙරළීම නිසා එම නිවාසයේ පදිංචි පුද්ගලයින් හා ඊට ආසන්න නිවසේ පදිංචි පුද්ගලයින් ඊයේ රාත‍්‍රියේදීම ඉවත් කිරීමට සොරණාතොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලීසිය එක්ව කටයුතු යොදා ඇති අතර නායයෑමේ අවදානමක් මතුවීම නිසා මෙම නිවාස 24 සිටින සියලු දෙනාට ඉවත්වීමට උපදෙස් ලබාදී තිබේ.
රාත‍්‍රී කාලයේදී නිවස මතට පස් කන්දක් සහ ගලක් පෙරැළී නිවසේ කොටසක් විනාශ වී ඇතත් එම අවස්ථාවේදී නිවසේ සිටි පිරිස වෙනත් පැත්තක කාමරයක සිට ඇති බැවින් මෙම අනතුරින් කිසිවකුටත් කිසිදු තුවාලයක් සිදුවී නොමත.
බදුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීකෂක ඩබ්.එම්.ඞී.එම්.වනිගසේකර මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.


(ඡායාරූප- පාලිත ආරියවංශ)
2025 දෙසැම්බර් මස 18
691
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාය යාමේ අවදානමකින් සොරණතොට පවුල් 80ක් ඉවත් කෙරේ
ආනන්ද පිටබැද්දර Monday, 16 September 2019 07:48 AM
තුණුරුවනේ බලයෙන් සියළු දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාම ආරක්ෂාකර දෙත්වා...