ප්‍රසාද් මුතුකුඩ
යහපාලන රජයෙන් නියෝජ්‍ය ඇමැති තනතුරක් ලැබු බව නිල වශයෙන් දැනුවත් නොමැති බව බුද්ධික පතිරණ මහතා කටුනායක ගුවන්තොටුපලේදී පැවසීය.
2020 ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් සත්කාරක නගරය ලෙස සහ රුපියල් ලක්ෂ 3000 වටිනා ගිනි නිවන රථ ගුවන් හමුදාවට සහ රජයේ ආයතන වෙත ලබාදීම සඳහා වු ගිවිසුමකට අත්සන් තැබීම වෙනුවෙන් ජපානයේ හෂීමා නගරයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත දිවයිනට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ කුටියේ දි පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා මේ බව පැවසීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
‘‘ඇමැති තනතුරු නොලැබුණාය කියා එයින් සැලී පැත්තකට වැටෙන්න බලාපොරොත්තු වන්නේ නැති බව මා මුලින්ම්ම කිව යුතුයි වසර තුනක් එක එක විදියේ දෙවල් අසා තිබුණා කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවාට දැනෙන්නේ නැහැ වගේ මෙයත් මට සාමාන්‍ය දෙයක් තනතුරු නොලැබීම අභියෝගයක් ලෙස සළකා රටේ මහජනතාවගේ ගැටළු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී හඬක් නගා එයට පිළියම් ලබාදීමට නිතරම අපි පක්ෂයක් ලෙසත් මහජන නියෝජිතයන් ලෙසත් නිතරම කටයුතු කරනවා සිව් වතාවක් මාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ මාතර සිටින අහිංසක ජනතාව මතක් කළ යුතුයි.
අද මේ රටේ සමහර දේශපාලකයින් ඡන්ද කුට්ටිය ගැන හිතලා වැඩ පෙන්නන තත්වයක් උදා වෙලා පක්ෂ නායකත්වය තනතුරු නොදි වැඩ කරලා පෙන්නන්න දීපු අභියෝගය බාරගෙන එදා ලේ වලින් සහතික කර පක්ෂයේ අභිවෘදිය වෙනුවෙන් කටයුතු කලා තවද ජාත්‍යන්තර සම්බන්ධතාවය හැමවිට තබාගෙන කටයුතු කළ බැවින් ජාපානයේ අප මේ කළ සංචාරය ඉතා සාර්ථකයි රුපියල් ලක්ෂ 3000 වැඩි ආධාර අප රටට ලැබුණා
රජයක් ලෙස ජනතා සුභසාධන කටයුතු නොපිරිහෙලා අප කළ යුතුයි හෂීමා නගරයේ බළධාරින් සමඟ අපේ තිබෙන මිත්‍රශීලි සම්බන්ධතාවය ඉතා ප්‍රබලයි ඒ නිසා අප රටෙන් එහි යන ක්‍රීඩකයන් ඇතුළු පිරිසට සත්කාරක නගර අනුග්‍රහය ලැබී තිබෙනවා මෙහිදී ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාව මතක් කළ යුතුයි එතුමා අද ක්‍රිඩා අමාත්‍යංශය ගොඩනගන්න කැපවෙලා කටයුතු කරනවා ජපාන රජයෙන් අද අපිට ලැබුණූ මේ සියළු දේට අපි ස්තුති කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් කටට එන එක ඔහේ දොඩවනවා ඇරෙන්න ප්‍රයෝජනවත් අදහසක් හෝ මතයක්. ඉදිරිපත් කරණ අයෙක් නොවෙයි. පක්ෂයේ අභයන්තර ගැටලු ඇතුළේ සාකච්චා කරලා විසදා ගන්න ඒවා රටට කීයළා වැඩක් නැහැ.
සාමානයෙන් මම දේශපාලකයින්ට ගරු කියන වචනය භාවිතා කරනවා. නමුත් ඔබ ඒ වචනයට ඉතා සුදුසුයි. ගරු මන්ත්‍රිතුමනි, කිසිම ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් නොමැතිව, සිව් වතාවක් මාතර දිස්ත්‍රික් ජනතාව ඔබව දිස්ත්‍රික්කයේ පළමුවැනියා හැටියට පත්කළා. මාතර දිස්ත්‍රික්කයේ කැබිනෙට් ඇමතිකම දරන අයව පසුකරගෙන, ඔබව ජනතාව ඉහළින් ජයග්‍රහණය කරනවා. ඒ ඔබව ජනතාව හදවතින්ම දන්නවා. රටේ අවාසනාව තමයි තාම පාලකයින් සුදුස්සන්ට සුදුසු තැන නොදීම සහ ජනතාවත් දිගින් දිගටම සුදුස්සන්ට බලය නොදීම.... නමුත් කණගාටුයි, ඔබගේ නායකයා ඔබෙන් පළිගැනීම පිළිබඳව... කවදා හෝ ඔබව ජනතාව සුදුසු ආසනයේ වාඩිකරාවි...
අනෙකුත් නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දී ආඩම්බරයෙන් පිටව ගියත් ඉතා සරල පැවතුම් ඇති, නිතර මඳ සිනා පලකල වෙසෙසින්ම ජනතාව ගැන සිතන කුඩා සිරුරින් යුත් මන්ත්‍රීවරයා දක්නට නොවිය. ඔබ රට වෙනුවෙන් ජපානයට ගොස්ය. තනතුරු ඔබ වෙනුවෙන් නොවේද..?
මෙයාව වහාම හිරේ දැමිය යුතුයි... මේ අය නියෝජනය කරන පක්‍ෂයේ පිරිවරක් මේ එළිපිටම කරලා තියෙන මුල්‍ය වංචාව මේ රටේ සාමාන්‍ය ජනතාවට දැවැන්ත වැරදි පූර්වාදර්ශයක් දුන්නා. පොඩ්ඩක් හිතන්න මේවගේ තුට්ටු දෙකේ දේශපාලකයින් නිසා ඉස්සරහට මීට වඩා භයානක වැරදි කරලා වුනත් කාටහරි කියන්න පුළුවන් 'මම දැනුවත්ව නෙමෙයි එක කලේ... ' 'මම දන්නේ නැහැ..' 'මට මතක නැහැ..' වගේ මෝඩ කතා. ඒ නිසා වැරදි පූර්වාදර්ශ ජනතාවට නොදීමට මේ රටේ අධිකරණය ක්‍රියාත්මකවිය යුතුයි.
බය නැතිව ඇත්ත කතාකරන ඔබ සහ රන්ජන් වැනි දේශපල්කයට ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ ඉඩක් දෙන්නේ නැහැ , නමුත් ජනතාව හැමදාම මනාපේ ගහල ස්තුතිය පලකරනවා ,
ඔය තනතුරු දුන්නත් ගන්න එපා...