(මහේෂ් කිර්තිරත්න)      
      

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 32ක  ප්‍රධානින් තේරිමේදි  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තිරක බලය බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක පැවසීය.

පක්ෂයට වඩාත් වාසිදායක ලෙස එම තින්දු ගැනිමට පක්ෂයක් ලෙස උපදෙස් ලබා දි ඇති බවද මහ ඇමැති වරයා සඳහන් කළේය.

මාතලේ , නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වල බහුතර පළාත් පාලන අයතනවල මෙම තත්වය උදා වි ඇති බවත්  සන්ධානයට වඩාත් වාසිදායක ලෙස තනතුරු බෙදාගැනිමේදි කටයුතු කරන බවත්  හෙතෙම කීය.

මෙම තත්වය තුළ එම ආයතනයන්හි  නගරාධීපති සභාපති තෝරා පත් කර ගැනිම ඉදිරි දින කිහිපය තුළ මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මුලාසනයෙන් තෝරා පත් කර ගතයුතු බවද මහ ඇමැතිවරයා පැවසීය.

වැඩිදුර අදහස් දැක්වු මහ ඇමැතිවරයා  මෙසේද පැවසීය.

‘ප්‍රසාද මන්ත්‍රිධුර ලබා දිමේදි විවිධ ගැටලු රාශියක් ඇති වුණා.පක්ෂයේ නිර්ණායකයන් අනුව පක්ෂ මුල්ස්ථානය මගින් ආසන සංවිධායකවරුන් සදහා ඒ ඒ අපෙක්ෂකියන් තෝරා වාර්තාවක් එවන ලෙස දැනුම් දුන්නා.පසුව පක්ෂය විසින් පත්කළ කමිටුවක් මගින් මේ තිරණ ගත්තා .අපිත් එක්ක තරඟ කළ දේශපාලන පක්ෂවලට මන්ත්‍රිධුර දෙන්න සිදු වුණා.විශේෂයෙන් ලංකා කම්කරු කොංග්‍රසයට වගේ .මේ නිසා විවිධ අය විවිධ මත පළ කරනවා.ඒ දේශපාලනයේ හැටි ‘