(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගල්ගමුවේ දළ පූට්ටුවා නමැති හස්තියා මරා දැමීමට සම්බන්ධ ගිනි අවිය සමග තවත් සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව අඹන්පොල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරගොල්ලාගම පදිංචිකරුවන් පිරිසක් බවත් මොවුන්ගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් අරඹා ඇති අතර හස්තියාගේ දළ කැපිමට යොදා ගත් බව කියන කියත් තල කිපයක්ද වළදමා තිබියදි සොයා ගත් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් පිළිබදව විමර්ශන අරඹා ඇති බව ද පොලිසිය කියයි.
ඇතා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට ග්‍රාම නිලධාරිවරයකු සහ වැඩ තහනමට ලක්වු පොලිස් නිලධාරියකු ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට අත්අඩංගුවට නොගැනීමේ අතුරු තහනම් නියෝගයක් අරගෙන නිකන්ම ගෙදර යන්න පුළුවන් නේද?
මෙම අපරාදයට සම්බන්ද අය පමණක් නොව මෙම අයගේෙ අහිංසක බිරිඳ, දරුවන්ද මෙය වෙනුවෙන් වන්දි ගෙවනු නියතය. ස්වබවධර්මය විසින් එය නිසිලෙස මේ අයට ලබාදෙනු ඇත.
සතත්‍ය වශයෙන්ම වන මුර්ගයින් මොවුන් මිස අහිංසක වන සීපාවුන් නොවේ . නීතියෙන් දඬුවම් නොලැබුනත් , ලැබුනත් ස්ථිරවම ලෝක ධර්මතාවයට අනුව කල කම් පලදේවි....
නීතියක් නැති රටේ මිනිස්සු අපරාධ කරන්න බය නෑ......
මේ සතාට කල අපරාදෙට ඉහළම දඬුවම් දෙන්න. මේ කාලකන්නි මුළු රටටම එළිකරලා අවුරුදු 10 ගානේ බර පතල වැඩ ඇතිව හිරේ දාන්න. හෙණ හතම ගහන්න ඕනෑ.
අපේ රටේ වැරදි කරුවන්ට නීතිය හරියට ක්‍රියාත්මක වනතාක් කල් මෙවැනි දරුණු අපරාධ බොහෝ තවද සිදුවනු ඇත. ස්තුතියි...
රජය මෙවැනි දරුණු අපරාද සම්බන්දයෙන් ඉතාමත් වගකීමකින් වැඩ කිරිමට සියලු තරාතිරම් නොබලා දඩුවම් දීම ඉතාම වැදගත්ය. මෙයට සම්බන්ධ සියලුදෙනා අල්ලා මරණ දඬුවම් දිය යුතුමය.
ඔය තාජුදීන් මරපු අයවත් අත්අඩංගුවට ගන්නේ කවදාද ?
අලියෙක්ට මෙච්චර කෑගහනවා. දේශපාලකයෝ ඔක්කොම රජයේ මුදල් කෝටි ගණන් මංකොල්ල කනවා කාලයක සිට. ඒ ගොල්ලෝ උසාවි ඇවිල්ලා හිනහවීගෙන ගෙදර යනවා.