(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ආරම්භ වු අද (01) දින කප් සිටුවීමේ චාරිත්‍රය සිදු වන අවස්ථාවේ දී දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ පුද්ගලයින් කිහිපදෙනකු අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී දැඩි නොසන්සුන් තත්වයක් හට ගත්තේය.
වෙනදා එළිමහනේ සිදු කරන කප් සිටුවීමේ චාරිත්‍රය කපු මහතා විසින් මෙවර දේවාලය තුළ සිදු කිරීමෙන් පැමිණ සිටි බැතිමතුන් අපහසුතාවටයට පත් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන තිබේ.
බස්නායක නිලමේවරයාගේ සහෝදරයකු සහ තවත් පුද්ගලයකු දේවාලයේ කපු මහතා සමඟ මෙම ගැටුම ඇති කරගෙන ඇත.
මේ නිසා බැතිමතුන්ට සුපුරුදු පරිදි කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කිරීමට නොහැකි වී තිබේ.
මෙම සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් කිරීමට යන බව එම දේවාලයේ ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණ තේනබදු මහතා පැවසීය. කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්තාවය පොලීසිය මැදිහත් වී පාලනය කළේය.
ඔවුහු පෙරේදා (31) රාත්‍රි කාලයේ සිට නැකැතට කප් සිටුවීමේ අවස්ථාවට දායක වීම සදහා දේවාල භූමියේ රැදී සිටියහ. රාත්‍රී කාලයේ දී එම චාරිත්‍රය සිදුවේ යයි බොහෝ දෙනෙකු සිතා සිටියද නැකැත යෙදී තිබුණේ අද (01) උදෑසන 8.49 ට පමණය.
මේ පිළිබඳව ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණ තේනබදු මහතාගෙන් විමසූ විට මෙසේ කීය.
“පසුගිය වසර කිහිපය තුළ ඇතිවු තත්වය මත මෙවර කප් සිටුවීම දේවාලය තුළ සිදු කරන බවට මා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පවා ලිඛිතව දැනුවත් කර තිබෙනවා.ඒ සදහා බස්නායක නිලමේවරයා පැමිණි පසු ඔහු සමග සිටි සහෝදරයෙකු හා තවත් අයෙකු මට පහර දුන්නා.
නිලමේවරයාට ඔවුන්ට එහිදී අවවාද කළා.නමුත් මම ඒ ගැන පොලීසියට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නිසි පරිදි කප් සිටුවීමේ චාරිත්‍රය මා අකුරටම සිදු කළා.ඊට පසුව කුපිතව සිටි පිරිස දේවාලය තුළ තිබු පැරණි කප් ගසක් පිටතට රැගෙන ගොස් පඩුරු ගැට ගැසීම සිදු කර තිබෙනවා.”

2025 නොවැම්බර් මස 17
78
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
914
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2534
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ උත්සවය ආරම්භයේදී ගැටුමක්
thilak Thursday, 01 August 2019 10:52 AM
හැමදේම නැකතට කරත් රටනම් එතනමයි.
Lankaputha Thursday, 01 August 2019 11:25 AM
එතකොට දෙවියන් මොකද කළේ?
jayath Thursday, 01 August 2019 11:27 AM
මේ වගේ දේවල් වෙද්දීත් මේවා පස්සේ යන මෝඩ මිනිස්සු ඉන්නේ මේ රටේ විතරක් වෙන්නැති..
රාමනායක Thursday, 01 August 2019 01:25 PM
මොකද මේ දෙවියෝ බෙදා ගන්න බැරිවද පොර කන්නේ?
athura Thursday, 01 August 2019 02:35 PM
දකුණු පළාතේ ඉන්නෙ මිනිස්සුද නැතිනම්....