(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණය සදහා රාජපක්ෂ කඳවුරෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළ ද ගම ඉල්ලන හා ජයග‍්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රාජපක්ෂ පවුලේ ඕනෑම අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පරාජය කිරිමට සූදානම් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ගොඩනගන බවද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී රටේ බහුතරයගේ මනාපය දිනාගනිමින් අති විශාල ජයක් ලබා ගන්නා බව කී ඇමතිවරයා ඉන් පසුව ගොඩනගන්නේ වසර දහයකටවත් මැතිවරණයක් අවශ්‍ය නැති තරමට ශක්තිමත් ආණ්ඩුවක් බවද ප‍්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ දූෂිත පාලනයට විරුද්ධව 2015 දී ජීවිත පරදුවට තබා තීන්දුවක් ගත් කණ්ඩායම ඉදිරියේදීත් තීන්දු ගැනීමට බිය නොමැති බව කී ඇමතිවරයා එදා ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයකට ගියේ නම් එක්සත් ජාතික පෙරමුණට විශිෂ්ට ජයක් ලබන්නට හැකියාව තිබූ බව ද සදහන් කළේය.
නමුත් එදා පක්ෂයේ ජයග‍්‍රහණයට වඩා රට ගැන සිතා කටයුතු කිරීම නිසා දේශපාලන අර්බුද රැුසක් මතුවූ බව ද ඇමතිවරයා කීවේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට එක් වූ ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීම නිසාත්, එම පක්ෂයේ සභාපතිකම භාරගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා අංශක 180 කින් වෙනස් වීම නිසාත් ආණ්ඩුවේ ගමන වෙනස් වූ බව කී ඇමතිවරයා ඒ හේතුවෙන් පසුගිය රජය යටතේ මිනීමැරුම්, සොරකම් හා දූෂණ කළ අයට දඩුවම් කිරීමට නොහැකි වූ බව කියා සිටියේය.
වර්තමානයේදී එම දූෂිතයින්, තම ප‍්‍රතිපත්ති හා මතවාද සියල්ල වෙනස් කරගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්ව සිටින බව කී අමාත්‍යවරයා එවැනි පාලකයින් බිහි කිරීම යහපාලන රජයේ අරමුණ නොවන බව ද කීවේය.
වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්
තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී
ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද
තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘දිනන අපේක්ෂකයා ගේන්නේ අපි‘
බණ්ඩාර Sunday, 11 August 2019 12:30 PM
2015 මම ඇතුළු මගේ පවුලේ සහ යහළුවන් විශාල ප්‍රමාණයක් යහපාලනය වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. හොඳින් මතක තියාගන්න මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් මෙවර අප කිසිවෙක් නුඹලා වෙනුවෙන් නැවත ඡන්දය දෙන්නේ නැහැ. විශේෂයෙන්ම සිංහල ජනතාව නැවත අවස්ථාවක් ඔබලාට නොදෙන්න වග බලාගන්නවා සිකුරුයි.
RajahSunday, 11 August 2019 01:12 PM
එතකොට ඔයාගේ බලාපොරොත්තුව ආයෙත් සුදු වෑන් සංස්කෘතිය ගේන්නද? කොහෙත්ම දෙන්නේ නැහැ.
janahitha Tuesday, 13 August 2019 05:21 AM
ඔවු , නුඹලා රාජපක්ෂ පාලනය ගැන පවසන ලද සියල්ල අසත්‍ය බව අපි දනිමු. රටට රාජපක්ෂ විශ්වාසයි.
JANASunday, 11 August 2019 02:38 PM
මමත් එකඟයි ඔබ එක්ක,අපි හැමෝම එකතු වෙලා 2015 රැවටුණා. සුදු වෑන් කියකියා කිව්වා. වෙන කියන්න දෙයක් නැති නිසා...
Rata PerataMonday, 12 August 2019 06:32 AM
යුද්දේ ඉවර කලේ ඔෆිස් වල හිටපු රාජපක්ෂලා නෙමෙයි, යුද බිමට ගිහින් දෙපාරක් බෝම්බ කාපු සරත් ෆොන්සේකලා. රටේ ඉන්න කෝටි 20 ක ජනයාගෙන් වෙන එක සුදුසු කෙනෙක් නැද්ද රාජපක්ෂ කෙනෙක් නැතුව. තාම කොච්චර වහල්ලු මේ රටේ ඉන්නවද කියල හිතෙනවා සමහර අදහස් දැක්කම.
sirimal Sunday, 11 August 2019 12:53 PM
"දිනනවා යැයි හිතන" කියලා කිව්වා නම් තමයි වඩාත් නිවැරදි වෙන්නේ. සමහර මාධ්‍ය සමාගම් මඟින් උදේ සවස පුම්බන හැමතැනම එකම දේ කියවකියවා යමින් නැති ජනප්‍රියත්වයක් තියෙනවා යැයි මවාපෑමට උත්සාහ කරන දැනටමත් ජනාධිපති වෙලා වගේ කතාකරන, නැතිනම් වැඩ බැරි එහෙත් මොලකාරයෙක් ලෙසට ප්‍රචලිත ඩීල් කාරයෙක් ලෙස නම්දරා ඇති ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාව කරන කියන දේගැන මෙලෝ අවබෝධයක් නැති කොළඹ හතේ මානසිකත්වයෙන් පෙලෙන මිනිස්සු දාලද දිනන්න හදන්නේ?
රජින්ද Sunday, 11 August 2019 12:58 PM
සිහින දකින්නට ඔබලාට ඇති අයිතිය ගැන කිසිවක් නොකියමි. දිනන අපේක්ෂකයා ජනතා විශ්වාසයෙන් ඉදිරියට එමින් සිටියි. ඔහු තුළ රටත්-ජාතියත්-ධර්මයත්-පරිසරයත් ගැන ඇති පැහැදිලි චින්තනය අද අප දුටුවා. අපි බලමු. එහෙත් එකක් ස්ථීරව කිව හැකියි. ඒ දිනන අපේක්ෂකයා ආවේ ඔබේ පක්ෂයකින් නම් නොවේ.
NishanFriday, 16 August 2019 09:11 AM
වැඩේ කියන්නේ එයා ලංකාව එපා කියලා ඇමරිකාවට දිවි පුදන්න දිව්රපු කෙනෙක් වීමයි.
Dayana Sunday, 11 August 2019 01:14 PM
ගොන්නු තප්පුලන පලියට ගොවියෝ කලබල වෙන්නේ නැහැ. ඒක නිසා මේක උණ සන්නිපාතයෙන් වගේ කියවන ඒවා ගැන එච්චර කලබල වෙන්න ඕනේ නැහැ.
Raveendra Sunday, 11 August 2019 01:27 PM
අසුචි වලවල් ගැන කතාකරනවට හොඳනැද්ද තමන් වැටිලා ඉන්න අසුචි වලේ ඉන්නේ කව්ද කියලා තෝරන තරගයට ඉදිරිපත්වෙන... මේකත් අනුන්ගේ ඇඳුම් හෝදන වැඩක්...
Bamunuarachchi Sunday, 11 August 2019 01:42 PM
හලෝ තාම මිනිහා තාත්තා ගාවද?
රවින් Sunday, 11 August 2019 01:46 PM
අපි දන්නා තරමින් නම් එක පුද්ගලයෙක් පමණක් රට ගැන හිතලා යමක් කළහෙයින් අද මෙරට වැසියෝ රටේ ප්‍රධාන ආහාරය වන බත් ටික හරි කනවා. අනික් එවුන් කෙලියේම පිස්සු... දැන් ඇති... පොදු ජනයා තීරණය කරාවි දිනවිය යුත්තේ කවුද කියන එක? වැඩි පුරසාරම් අනවශ්‍යයි.
NishanFriday, 16 August 2019 09:24 AM
ඔයා ඔය කියන්නේ ඩී.එස්. සේනානායක මැතිඳු ගැන වෙන්න ඕනේ...!!!
ලක්ෂිත Sunday, 11 August 2019 02:21 PM
දිනන්න දෙන්න එපැයි.
ගමගේ Sunday, 11 August 2019 02:35 PM
ඔයාලට වැරදුනේ අර මහා බැංකු කොල්ලය කරපු අයව බේරගන්න රනිල් කරපු ජරා වැඩවලට විරුද්ධ නොවීම.... එදා පක්ෂයක් හැටියට ඒ රනිල්ට ඕනෑවිදියට හොරු හංගන්න ඉඩ නොදුන්නා නම් UNP එකට තවමත් ජනතාව කැමති වන්න තිබුණා. ශ්‍රී දළදා මාලිගාව වටේ රේස් දුවන අය සිටින පොහොට්ටුවට ජනතාව අකමැති වෙන්න තිබුණා. එ්ත් ට්‍රයි එකක් දාලා බලන්න.
NishanFriday, 16 August 2019 09:20 AM
ගමගේ ඔයා මේ රටේ හිටියා වෙන්න බෑ. දැක්කේ නැද්ද ජනාධිපති කොමිෂමක් දාලා බිලියන 11ක වංචාව අලගිය තැන්, මුලගිය තැන් හෙව්වා... එහෙම හෙව්වද ගිය ආණ්ඩු කාලේ කරපු බිලියන 989ක වංචාව ගැනත්..?
මුණසිංහ Sunday, 11 August 2019 03:06 PM
බය නැතිව රනිල් ගේන්න. දිනනවා සිකුරුයි.
BamunuarachchiSunday, 11 August 2019 04:58 PM
31 වෙනි වතාවටත්
මුණසිංහMonday, 12 August 2019 01:40 AM
ප්‍රතිචාර වලින් පේනවා රට ඉන්න තැන. ස්තුතියි.!!! ඉදිරියටම යං. රටේ අනාගතය සුබ වන බව පේනවා.
sudathMonday, 12 August 2019 02:49 AM
දුකකි තිතකි
Sugath PremalalMonday, 12 August 2019 04:16 AM
මුනසින්ඝ... යම් කිසි දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතන්න. තර්කානු කුල වෙන්න, රනිල් කියන්නේ කවුද කියලා ජනතාව හොදින් තේරුම් අරන් ඉන්නේ.... කවදාවත් රනිල්ට අයෙත් ඡන්දෙකින් දිනන්න බැහැ. ඒක ඉර හද වගේ විස්වාසයි... වගකීමෙන් කියන්නේ...
Chandi Sunday, 11 August 2019 03:14 PM
ඔව් ඉතින් දවල් හීන බලබල හිටපල්ලා..
සුදම් Sunday, 11 August 2019 04:04 PM
එහාට, මෙහාට බැණ බැණ ඉන්නේ නැතිව දිනන පැත්තකට පැනගන්න කල්පනා කළොත් නරකද? මෙච්චර හෙණ ගහන රටේ මං කියන්නේ පොඩිම පොඩි එකක්වත්... නෑනේ.. රටේ අවාසනාවට
ravin Sunday, 11 August 2019 04:11 PM
ඡන්දෙන් පස්සේ දත්ටික ගලවන්න මිනිස්සු මග බලාගෙන ඉන්නවා.
බමුණුසිංහMonday, 12 August 2019 01:23 AM
ඡන්දෙන් පස්සේ විරුද්ධවාදීන්ගේ දත්ගැලවීම ආරම්භ වුනේ 1970 මහා මැතිවරණයෙන් සමගි පෙරමුණ බලයට පත්වූ පසුව බව ඒකාලේ ජීවත්වූ අයෙක් හැටියට මම කියනවා. එදායින් පසුව පත්වූ එම රජයේ සිටි දේශපාළුවන් පත්වූ සෑමවිටම විරුද්ධවාදීන්ගෙන් පලිගත්තා.
lathaMonday, 12 August 2019 03:12 AM
ෆොන්සේකා එවන්න
thusharaMonday, 12 August 2019 04:13 AM
මොකටද ? කෝටි 4 කාර් එක මදි නිසා කෝටි 10ක විතර කාර් එකක් දෙන්නද ?
W.A. DILEEP KUMARA Sunday, 11 August 2019 07:26 PM
දිනන පක්ෂය තෝරන්නේ මහා ජනතාවයි.
Mann Sunday, 11 August 2019 09:33 PM
ඉන්න හිතෙන රටකට යන්න හිතන එක වෙලාවෙ හැටියට හොඳම අදහසක්
NishanFriday, 16 August 2019 09:15 AM
ඇමරිකාවට යන්න. රාජපක්ෂලත් එහෙ ඉන්නේ...
Sumith Sunday, 11 August 2019 11:53 PM
අවුරුදු 5ක් දුන්නත් බැරි වුණා. ආයේ දුන්නත් ඔය ටික තමා.
Gamarala Monday, 12 August 2019 02:19 AM
ඇත්තටම කියනවද, නැත්නම් කටට ආවට කියනවද කියල හිතාගන්න බැරිව ඉන්නේ.
NishanFriday, 16 August 2019 09:14 AM
ගමරාළලා ඔක්කොම එකයි...
kanchana Monday, 12 August 2019 02:55 AM
හැමදාම එකම බණේ. බලය තියෙනකොට කරන්න බෑ. ඉදිරි අවුරුදු වල තමයි ඔක්කොම කරන්න හදන්නේ. මේ පාරවත් ලංකාවේ මිනිස්සුන්ට මොලය පැදෙයිද දන්නෑ
pothurachannya Monday, 12 August 2019 08:31 AM
දවල්ද?
hasindu Monday, 12 August 2019 12:21 PM
පිස්සුද ... ඔලුව හොඳ නැද්ද?
මංගලිකා Monday, 12 August 2019 12:23 PM
රට කාපු අය... තවත් දොඩවනවා.
NishanFriday, 16 August 2019 09:12 AM
එතුමා මිල අඩු කරපු බෙහෙත් පිනට බොන ගමන් වෙන්න ඇති ඔහොම කියන්නේ.
subadra Monday, 12 August 2019 12:28 PM
තවත් කථා කරවනේ...? ගෙනාවොත් ගේන්නේ ඔබලා වගේම රට කන කෙනෙක්.. ආපහු නම් ඔයාලට ජනතාව අහුවෙන්නේ නැහැ.
Bamunuarachchi Thursday, 15 August 2019 11:39 AM
‘දිනන අපේක්ෂකයා ගේන්නේ අපි‘ එයාව පරද්දන්නේ අපි...
NishanFriday, 16 August 2019 09:12 AM
ඔයාට අයිති එක චන්දයයි නේ ?