IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාවට නිදහස් මතධාරී ජනපතිවරයෙක්

දකුණු කොරියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීමට නිදහස් මතධාරී  ජනාධිපති අපේක්ෂක මූන් ජෝ ඉන් මහතා සමත් වී සිටී. හිටපු ජනාධිපතිනි පාක් ග්වෙන් හේ මහත්මියට දූෂණ චෝදනා එල්ලවීමත් එම නිසා දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමත් නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවිය.

කෙසේ නමුත් ඊයේ(10) රාත්‍රිය වනතුරුත් නිල ප්‍රතිඵල නිකුත් කර නොතිබිණි.මූන් ජෝ ඉන් මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇතැයි ද නිල නොවන වාර්තා සඳහන් කළේය. 

“මම දකුණු කොරියානුවන් සියලු දෙනාගේම ජනාධිපති” යැයි සෝල් නුවර ග්වැන්ග්හවැමුන් චත්‍රරශ්‍රයට එක්ව තම ආධාරකරුවන් අමතමින් මූන් මහතා කීවේය. ජනාධිපතිධුරයට තේරී පත්වූ මූන් මහතා දකුණු කොරියාවේ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් කරමින් උතුරු කොරියාව සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි පැවසේ. 

දකුණු කොරියාවේ රූපවාහිනි නාලිකා තුනක් ඒකාබද්ධව කරන සමීක්ෂණයකින් සමස්ත ඡන්දවලින් 41.2% කට හිමිකම් කීමට මූන් ජෝ ඉන් සමත්වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ මධ්‍යස්ථ මතධාරී හොන් ජූන් පියෝ ට හිමිව තිබුණේ සියයට 23.3 ක ප්‍රතිශතයක් පමණි. 

ඒ අනුව මෙතෙක් කලක් බලයේ සිටි සම්ප්‍රදායවාදී පාලනය පෙරළා දමමින් ලිබරල් පාලන ක්‍රමයක් කරා දකුණු කොරියාව ගමන් කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දශකයක් පුරා පැවැති සම්ප්‍රදායවාදී පාලනයෙන් පසු මූන් මහතාගේ නව නායකත්වය යටතේ බිහිවන ආණ්ඩුව උතුරු කොරියාව සම්බන්ධයෙන් සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි ද පැවසේ.

මූන්ගේ පත්වීමෙන් පසු මාස කිහිපයක් මුළුල්ලේ පැවැති දේශපාලන අර්බුදකාරී තත්ත්වය දකුණු කොරියාවෙන් පහව යනු ඇත. 
දකුණු කොරියාවේ 19 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති මැතිවරණයට අපේක්ෂකයෝ 13 දෙනෙක් ඉදිරිපත් වූහ.


(රොයිටර්/ඒ.එෆ්.පී ඇසුරිනි - 055)



අදහස් (0)

දකුණු කොරියාවට නිදහස් මතධාරී ජනපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site