සුජිත් හේවාජුලිගේ
දකුණු පළාතෙන් ඉන්ෆලුවන්සා රෝගී මරණ 13ක් මේ වන විට වාර්තාවී තිබෙන බවත් ඉන්ෆලුවන්සා රෝගයේ ලක්ෂණ සහිත වූවන් බවට සැකකෙරෙන 3000ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.
මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු දරුවන් බවද ඔහු කීය.
දකුණු පළාතේ වසංගත තත්ත්වය මේ වන විට පහත බසිමින් තිබෙන බව කී ජාසිංහ මහතා ඉන්ෆලුවන්සා රෝගීන්ට පහසුකම් සැපයීමට දකුණු පළාතට රුපියල් කෝටි තුනක මුදලක් යැවූ බවද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
අනිල් ජාසිංහ මහතා මෙසේද කීය.
‘‘දකුණු පළාතේ මේ වන විට වසංගත තත්ත්වය කදු මුදුනට ගිහිල්ලා දැන් බෑවුමකට ගමන් කරමින් තිබෙනවා.කඹුරුපිටියේ මූලික රෝහලට අලුත් රෝගීන් 22 ක් ඇතුළත් වෙලා තිබෙනවා. ජූලි 1 වැනිදා වන විට ඒ ප්‍රමාණය දහසකට පමණ අඩුවුණා.
මාතර රෝහලට ගිය මාසයේ 25 වැනිදා රෝගීන් පස් දෙනෙකු ඇතුළත් කෙරුණා. මේ මාසයේ 1 වැනිදා වන විට ඒ රෝහලට අලුත් රෝගීන් ඇතුළත් වෙලා නැහැ.
කරාපිටිය රෝහලම බැලුවොත් අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා.සෞඛ්‍ය ඇමතිතුමන් ගේ අවධානය මුල ඉදලා යොමුවුණා.මේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ පහසුකම් ගැනීමට දකුණු පළාතට මිලියන 30ක මුදලක් වෙන් කරලා තියෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම රෝගයක්ම ලංකාවට එන්නේ ඉන්දියාවෙන් බව සියලු දෙනාම තරයේම සිතා ගන්න
කොච්චර මැරුණත් කමක් නැහැ සෞඛ්‍යය දර්ශක අතින් අපි ලෝකෙන්ම ඉදිරියෙන් ඉන්නවානේ. ලෝකෙන්ම දක්ෂ දොස්තරලා ඉන්නේ ලංකාවේ කියලා අපේ මුත්තා කියනවා මම අහලා තියනවා. මොකක්දෝ අවාසනාවකට අපිට නම් එහෙම දොස්තරලා තවම මේ සිරි ලංකාවේ හමුවෙලාම නැහැ.
නොදෙන්න හේතුව පුද්ගලික සේවයට ලෙඩ්ඩු අඩු වෙන නිසා වත් ද