(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් බිල්ලන් මවා ආණ්ඩුවට චෝදනා කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් තේරීම් කාරක සභාවේ අනාවරණය වන කරුණු මත භූමිතෙල් ගැසූ ගැරඬි වගේ දඟලමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවැසීය.
තේරීම් කාරක සභාවෙන් මේ ප‍්‍රහාරයේ වගකිවයුත්තා හෙළිදරව් කිරීමට බියෙන් ඒකාබද්ධ විපක්ෂය මේ තේරීම් කාරක සභාව වර්ජනය කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. කොළඹ අරලියගහ මන්දිරයේදී අද(30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය.
‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට යථා තත්වයට පත්වෙමින් තිබෙනවා. ආරක්ෂක අංශ මගින් මේ වනවිට රටේ ආරක්ෂිත තත්වය තහවුරු කර තිබෙනවා. රජයක් විදියටත් එක්සත් ජාතික පෙරමුණ විදියටත් ජනාධිපතිවරයා විදේශගත වෙලා හිටියත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වහාම අවශශ්‍ය පියවර ගනිමින් මේ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා.
විපක්ෂය ආණ්ඩුවට බැණ වදිමින් මෙම තත්වය වෙනත් දිහාවකට තල්ලුකිරීමේ උත්සාහයක් තිබුණා. එහිදි අපි එක්සත් ජාතික පෙරමුණ විදියට තේරීම් කාරක සභාවක් පත් කරලා ඒ තේරිම් කාරක සභාව මගින් මේ සිද්දියේ නියම විත්තිකරුවන් නියම වගකිවයුත්තන් කවුද කියන එක ගැන රටට හෙළි කිරීමට කටයුතු කළා.
මේ සිද්ධිය සම්බන්ධව සොයාබැලීමේ වගකීම පාර්ලිමේන්තුවේ 225ටම තියෙනවා. එසේ තිබියදීත් ඒකාබද්ද විපක්ෂය දිගින් දිගටම මේ තේරීම් කාරක සභාවට විරුද්ධව කටයුතු කරමින් ගියා. පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් තේරීම් කාරක සභාවක් පත් කරලා එය මාධ්‍යයට විවෘත කරලා මේ රටේ ජනතාවට මේ ගැන කරුනු වාර්තා කිරිමට අවස්ථාව දුන්නම ඇයි මේ අය විරුද්ධ වෙන්නේ කියන එක තමයි අද අපිට තියෙන ප‍්‍රශ්නය.
තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කළාම අපිට හුඟක් තොරතුරු වාර්තා වුනා. ආරක්ෂක මණ්ඩලය අවසන් වතාවට රැස්වුණේ පෙබරවාරි 19 දා බවත් බෝම්බය පිපිරෙනකම් මේ ආරක්ෂක මණ්ඩලය රැස්වි නොමැති බවට තේරීම් කාරක සභාවේදි හෙළිවුණා. එමෙන්ම දින 12කට පෙර මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනුම් දුන් බව බුද්දි අංශ ප‍්‍රධානියා එහිදී පැවසුවා.
මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් දේවල් හෙලිදරව්වෙනකොට මේ ගැන එක එක ලොකු කතා කියලා බිල්ලො මවලා ආණ්ඩුවට චෝදනා කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් භූමිතෙල් ගහපු ගැරඬි වගේ දැන් දඟලනවා. දැන් ඔවුන් බයේ ඉන්නවා මේ පාස්කු ප‍්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා හෙළිදරව් වෙයි කියලා.
ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ හිටපු නියෝජය පොලිස්පති නාලක සිල්වා මහතා 2018 ජූලි මාසයේ දෙවනිදා සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඉල්ලනවා. එසේ තිබියදි සැප්තැම්බර් මාසයේදි ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රනයක් වෙනුවෙන් නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නවා.
නාමල් කුමාර කියලා කවුරුත් දන්නේ නැති කෙනෙක්ගේ පැමිණිල්ලක් මත තමයි මේ අත්අඩංගුවට ගැනීම කරනක්නේ. මේ අත්අඩංගුවත් එක්ක මේ ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ඇණ හිටිනවා. බුද්ධි අංශයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් මේ රාජකාරිය හරියට කරලා කියලා පෙනී යනවා. නමුත් ඒකට දේශපාලන නායකත්වය දෙන්න ඕන පිරිස තමන්ගේ වගකිම පැහැර හැරලා තියෙනවා.
තේරීම් කාරක සභාව තව ඉස්සරහට යනතෙකාට තව තව කරුනු හෙළිදරව් වේවි. ඒ හෙළිදරව් වෙනකොට මේකට වගකිවයුත්තට ගේන්න ඕන විශ්වාසභංග යෝජනාව ගේන්නේ නැතුව රිෂාද් ඇමතිවරයාව අල්ලන් ඉන්නවා.
කියමනතක් තියෙනවා මුවා ඇවිත් හේන කාලා ගියහම මුවා අල්ල ගන්න බැරිවුණහම මුවහමට තඩි බානවා වගේ වැඩක් තමයි දැන් මේ ඒකාබද්ධ විපක්ෂය කරන්නේ. මේ රටේ ජනතාවගේ විශ්වාසය වෙන පැත්තකට හරවන්න මේ යන්නේ.
පෙබරවාරි 19න් පස්සේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා නැහැ. කවුද මේකේ ආරක්ෂක ප‍්‍රධානියා, ඇයි ඔහු මේ වගකීම පැහැර හැරියේ. එහෙමනම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න ඕන.
මේ වගකිවයුත්තන් ඉදිද්දි දැන් මුස්ලිම් ජනතාවට එරෙහිව විශාල ප‍්‍රචාරයක් ගෙනියනවා. අපි නිව්ස් බලපුවම නිව්ස් එකේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔක්කොම මුස්ලිම්, මුස්ලිම් කිය කිය යනවා. අද ඒ තරම් ලොකූ මුස්ලිම් විරෝධයක් මේ සමාජය තුළ ගෙනියනවා.
නැවත මේ රටේ සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මානය කරන්න මේ අය වැඩ කරගෙන යනවා. අපිට හිතෙනවා මේ වැඩපිළිවළට ජනාධිපතිවරයාගේ අනුග‍්‍රහයත්තියෙනවද කියල’’ යැයිද ඔහු එහිදි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකු හොරකමේ චූදිතයෝත් මේ කමිටුවේ ඉන්නවා නේද?
වලක් හාරාගෙන වැළලෙන්න.
රිදෙන්න ඇත්ත ...මොකෝ... මිනී මරලා රට කලඹවලා... ලකුණුත් දාගන්න බලන නායකයෝ ඉන්නේ
මම නං හිතන්න නැහැ මේ රටේ දේශපාලකයෝ කොවුරුත් භූමිතෙල් ගැසූ ගැරඬි වගේ කියල. ඔවුන් කවදත් ඇඟ බේරිලා ඉන්නේ. වැඩි නොවදින වාහන වගේ, ඔවුන් දඬුවම් නොවදින පිරිස්. මාවරල්ලේ භද්දිය සුවාමින් වහන්සේ කිව්වනේ ආගමික අන්තවාදීන්ට වඩා දේශපාලන අන්තවාදීන් භයානක කියල.
මෙයා කියන්නේ ඒකාබද්ධ විපක්ෂය හරියට ආණ්ඩුව වගේනේ යකෝ උඹලා නෙමෙයිද ආණ්ඩුව කරන්නේ?
මොකද්ද ඇත්ත? අන්තවාදී මුස්ලිම් පිරිසක් ක්‍රිස්තියානි පල්ලිවලට සහ හෝටල්වලට ගැහුවා. ඔවුන්ට සමහර පාර්ලිමේන්තු මැතිවරු උදව් කළා... මෙයත් ඇතුළුව. දැන් මේ මොන හරුපයක් කියනවද මන්දන්නේ නැහැ.
ඔබලාහේ හෙලුව සමාජයට එලිවී හමාරය. මහ බැංකු හොරුන්, තක්කඩියන් පිරිසක් පත්කර ඔවුන් හමුවේ ඇති තේරීම්කාරක සභාවකින් බලාපොරොත්තු වියහැකි සත්‍යය කුමක්ද? සත්‍ය වසන්කර සුදු හුණු ගා ගැනීමේ අවශ්‍යතාවය පෙරදැරිව ඇති බව හොඳින්ම විද්‍යාමානවෙද්දීත් එම තේරුම්කාරක සභාවක ඉඳ ගැනීමෙන් ඇති ඵලය කුමක්ද? වසර 5ක් ආණ්ඩු කර සුදුසු පියවරක් ගැනීමට නොහැකිව පරණ ආණ්ඩුවලට බැන බැන සිටිමින් උතුරු, නැගෙනහිර පක්ෂ සමග ගැසූ ගිවිසුම් අනුව ඔවුන්ට ක්‍රියාකිරීමට ජාතික අරක්ෂාව බිල්ලට දැමූ ඔබලාගේ හෙලුව සමාජය ඉදිරියේ නිරාවරණය වී ඇත. අනිවාර්යයෙන්ම සත්‍යගරුක මිනිසුන් ඉදිරියේ පරීක්ෂණ කරොත් සත්‍ය මතු වේවී... නමුත් මෙම හොරුන් සමග කරණා විමර්ශනවල ඵලය කුමක්ද? මුස්ලිම් පාතාලයට මෙන්ම මුස්ලිම් අන්තවාදයටද ඔබගේ සහය එලිවී තිබේ. ඔබලාගේ ඔය බැටලු හම්වලට රැවටීමට තරම් මේ රටේ බහුතරයක් මිනිසුන් බුද්ධි හීනබවකින් නොපෙලෙන බව ප්‍රකාශ කරමි.
ත්‍රස්තවාදීන්ට අනුබල, ආධාර දුන්නු අය නම් අද ගලේ පැහැරූ බලලුන් වගේ ඉන්න බව නම් පේනවා. ඒ වගේම රඟපානවා. අල් තකියා හෙවත් අන්‍යාගමික අය රැවටීම සඳහා...
කොරහේ කිඹුල්ලු දකිනවද මෙයා?
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා යම් අදහසක් දෙනවිට කරුණාකර අහිංසක මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා එසේ කරන්න. අප වැනි මුස්ලිම් අය ජීවත් වන්නේ මාලිගාවත්තේ නොවේ...
අපි නිව්ස් බලපුවම නිව්ස් එකේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔක්කොම මුස්ලිම්, මුස්ලිම් කිය කියා යනවා. අද ඒ තරම් ලොක විරෝධයක් මේ සමාජය තුළ ගෙනියනවා. එයට හේතුව අන්තවාදීන්/ මූලධර්ම වාදීන් මිනිස් ජීවිත 300ක් පමණ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ගසා විනාශ කිරීම නිසාය. බැරිවෙලාවත් මුස්ලිම්වරුන්ට තිබෙන පූජනීය දිනයකදී කව්රුන් හෝ ඔබලාගේ පල්ලියකට ප්‍රහාරය එල්ල කළහොත් ඔබගේ කතාව කුමක්ද?
ඔව් අපිටත් තේරෙනවා මෙතන පොහොට්ටුව සම්බන්ධයි කියලා. වහාම මේකට වගකියන අයට උපරිම දඬුවම් දියයුතුයි. ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායකයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න ඕනෑ. මොවුන්ට ශාප වෙන්න ඕනෑ.
අනේ මගේ කට... හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මේක...
එතකොට ඔය අත්අඩංගුවට ගත්ත සැකකරුවන්ව නිදහස් කරන්න කියලා හමුදාපතිට බලපෑම් කලේ කවුද? එයා ගැන මොකද කියන්නේ..? ප්‍රසිද්ධියේ ඔබතුමාම කිව්වා නේද මුස්ලිම් තරුණයන්ට අවි අතට ගන්න වෙලා තියෙන්නේ කියලා... ඒවා කළෙත් විපක්ෂෙද? එතකොට අයි.එස්. ත්‍රස්තයන් සමග කිසිම සම්බන්ධයක් ඇති. ලංකාවේ නැහැ බේරුවලත් නැහැ කියලා කිව්වේ රාජිත නෙමෙයිද? එ්ත් විපක්ෂෙද? එතකොට මව්වරුන් වඳකරලා අහුවුණා.. ත්‍රස්තවාදී දොස්තර කාගේ පක්ෂයෙන්ද ඡන්දේ ඉල්ලුවේ..? ඔහුට නැවත පත්වීම දුන්නේ විපක්ෂෙද? අපි කොහොමද දන්නේ ඔය එක බෝම්බයක් ජනාධිපතිටත් ගහන්න හිටියද කියලා.. මොකද අහුවෙන හැම ත්‍රස්තවාදියෙක්ම රිෂාඩ් ඇමතිට ඒ කියන්නේ ඔබේ පක්ෂෙට සම්බන්ධකමක් තියෙනවා.. ඔබ ඔය ගල් ගහන්නේ වීදුරු ගෙයක් ඇතුලේ ඉඳන් බව මතක තියාගන්න.