(සිරාජ් හසීම්)
පොදු සමා කාලයේ ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සහ නීත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6631දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.
එමෙන්ම හමුදාවලින් පැනගිය සාමාජිකයින් හට රැකියා ලබාදෙන ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිමය පියවර ගැනීමටද හැකියාව තිබෙන බවත් ඒ අනුව කටයුතු කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නීත්‍යානුකූලව ඉවත් කිරීම සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනතෙක් ලබාදුන් පොදු සමා කාලයේ සැලකිය යුතු පිරිසක් පමණක් බාරවී නීත්‍යානුකූලව ඉවත්ව ගිය බවත් 38 000කට අධික පිරිසක් තවමත් නීත්‍යානුකූල ඉවත්ව ගොස් නැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මේ අනුව ජනවාරි 01 වැනි දා සිට මේ මස 09 වැනි දා දක්වා පොලිසිය හා හමුදාව ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුම්වලින් නිලධාරීන් 13 දෙනකු ඇතුළු යුදහමුදාවේ 5425 දෙනකුත් නාවික හමුදාවේ සෙසු නිලයන් 1064කුත් ගුවන් හමුදාවේ සෙසු නිලයන් 142කුත් වශයෙන් පැනගිය සෙබළුන් 6631ක් අත්අඩංගුවට ගෙන ඇත.
පැනගිය හමුදා සාමාජිකයින් සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවත් අත්අඩංගුවට ගන්නා සාමාජිකයින්ට හමුදා විනය ක්‍රියාමාර්ග ගෙන හමුදා වෙත ඔවුන්ගෙන් අයවිය යුතු මුදල්ද අයකරගෙන ඉවත් වීමට සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 6631 ක් අත්අඩංගුවට
පිටිගල මිලානෝ Tuesday, 10 October 2017 01:51 PM
මෙන්න රණවිරුවන්ට අපහාස කරනවෝ .......